ආණ්ඩුව හොරෙන්ම තවත් රාජ්‍ය අංශ පුද්ගලීකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන : මන්ත්‍රී ගාමිණී ලොකුගේ ගෙන් හෙළිදරව්වක්

SL politician _Gamini Lokuge

SL politician _Gamini Lokuge

වත්මන් ආණ්ඩුව තැපැල්, අධ්‍යාපන, දුම්රිය හා සෞඛ්‍ය පුද්ගලීකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා හෙළිකොට සිටී. එහෙත් ආණ්ඩුව මේ සදහා පිළිතුරු නොදෙන තත්ත්වයක් පවතින බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ එහිදී මෙලෙසින් වැඩිදුරටත් අදහස් ප්‍රකාශකොට සිටියේය.

"...ඇමරිකාවේ පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන ආණ්ඩුව හැකි තරම් කථා කරනවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අසත්‍ය පුවත් පළ කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රවෘත්තිය 2015 ජනවාරි මස දී මෙරට ඩේලි නිවුස් පුවත්පතේ පළ කළා. නමුත් ආණ්ඩුව කරපු කිසිදු දෙයක් නැහැ. ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ බුරුමයේ ආණ්ඩු පෙරළීම සඳහා එක්සත් ජනපදය මුදල් වියදම් කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා. ලංකාව වෙනුවෙන් වියදම් කළ ඒ මුදල් ගත්තේ කවුද? කවුරුත් ඒ ගැන කථා කරන්නේ නැහැ.

පැනමා ගනු දෙනුවල බැංකුවේ මුදල් තිබෙන අයගේ නම් මේ වන විට හෙළිකර තිබෙනවා. ඇමතිවරුන් ද ඥාතීන්ගේ නම් ද එහි සදහන් නමුත් කවුරුත් ඒ පිළිබදව අදහස් දක්වන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අද මහා බැදුම්කර මංකොල්ලයක් කළා. ඒකේ නායකයා රනිල් වික්‍රමසිංහයි. මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රවී කරුණානායකලා එහි දෙවන පෙල නායකයන්. නමුත් ඒවා පිළිබදව සෙවීමක් කරන්නේ නැහැ. එත් රටම සැබෑ තත්ත්වය දන්නවා. මේ ආණ්ඩුව, හොරුන්ගේත් සොරු.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ඇගිල්ල දිගු කරන ආණ්ඩුවට අපි අභියෝග කරනවා පුළුවන් නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. ඊළග ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කරන අපේක්ෂකයාව තමයි අප ඉදිරිපත් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නාමයෙන් මොටර් සයිකලයක සංකේතයක් ඉදිරිපත් කළත් ජනාධිපතිවරණය ජය ගත හැකි යැයි ..." හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.

 

 


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now