SKIP TO MAIN CONTENT

අළුත් මැතිවරණ ක්‍රම කියා කියා අපව රවට්ටනවා : අමාත්‍ය රවුෆ් හකීම් ආණ්ඩුවට දෙහි කපයි.

The leader of SLMC - Rauf Hakeem
The leader of SLMC - Rauf Hakeem Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අළුත් මැතිවරණ ක්‍රම අනුගමනය කරන බව කියමින් පළාත් සභා ඡන්දය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කොට සිටී.

කුමන මැතිවරණ ක්‍රමයක් අනුගමනය කළත් මෙරට දිස්ත්‍රික විසිපහ තුළ විසිරී සිටින සුළු ජාතීන්ට ඉන් විශාල අසාධාරණයක් සිදුවන බව පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී ඊයේ (අගෝ 05) පැවැති ශ්‍රී ලංකා මුසලිම් කොංග්‍රසයේ 28 වන නියෝජිතයන්ගේ සමුළුවේදී අමාත්‍යවරයා කීවේය.

ඉන්දීය සම්භවයක් සහිත කදුකරයේ ජනතාව, සමස්ථ මුස්ලිම් ජනතාව වැනි සුළු ජාතීන්ට විශාල අසාධාරණයක් සිදුවන මෙම නව මැතිවරණ ක්‍රම වහා අකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා යැයි එම සමුළුවේදී කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"...අපිට ක්ෂණික මැතිවරණයක් අවශ්‍යයි. පළාත් සභා කිහිපයක මැතිවරණ පැවැත්විය යුතු කාලය ඉක්මවා මේ වන විට මාස 10ක් පමණ ගතවී අවසන්. තවත් පළාත් සභා 3 ක ඡන්ද පැවැත්විය යුතු කාලය මේ වන විට එළැඹෙමින් පවතිනවා. අලුත් ක්‍රම පිළිබදව සිතන ආණ්ඩුව දිගින් දිගටම උතසහ කරන්නේ ඡන්දය කල් දැමීමටයි.

ආණ්ඩුවේ සිටින සමහර පක්ෂ ද එම පක්ෂවලට අනුබල දෙන විපක්ෂයට අපේ දැඩි විරෝධය පළ කරනවා. එම කුමන්ත්‍රණ පැරදවීම සඳහා අප කටයුතු කරනවා. ඒ සඳහා පොදු විපක්ෂයේ ප්‍රධානීන් සමඟ ද විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ද සාකච්ඡා කොට ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා කටයුතු කරනවා. දිගින් දිගටම ඡන්දය කල් දැමීම සඳහා භාවිත කරන උප්පරවැටිවලින් කාලය නාස්ති නොකරන ලෙස ඉල්ලා සිටිනවා.."  යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි වර්ෂය සඳහා නායකයා වශයෙන් මෙවර ද අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඒකමතිකව පත් කර ගන්නා ලදි. එම පක්ෂයේ සභාපති ලෙස අබ්දුල් මජිත් මහතා, ලේකම් ලෙස නිසාම් කාරියප්පර් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.එස්.එම්. අස්ලම් මහතා මෙහිදී පත්කර ගන්නා ලදි.

මෙම නියෝජිත සමුළුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දීප ව්‍යාප්ත නියෝජිතයන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

** SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now