SKIP TO MAIN CONTENT

මෙම සති අන්තයේ දී වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන දැවැන්ත කාලගුණික වෙනස මෙන්න. (SBS සිංහල/වාර්තා)

අමතරව මෙල්බන් නගරයට මිලිමීටර් 50 ක අවම වර්ෂාපතනයක සිට මිලිමීටර් 100 ක උපරිම වර්ෂාපතනයක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

Sri Lanka Cricket.
Source: Sri Lanka Cricket.

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයට අද (01/12) සහ සති අන්තයේදී දැවැන්ත කාලගුණ විපර්යාසයක් අත්දැකීමට ලැබෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

ඒ අනුව දැවන්ත වැසි සහ අකුණු සමග වික්ටෝරියානු ප්‍රාන්තය පුරා ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ඔවුන් ප්‍රකාශ කරයි.

ඊයේ (30/11) රාත්‍රියේදී බටහිර වික්ටෝරියානු කලාපයේදී වර්ධනය වු අකුණු කුණාටු තත්ත්වය සිකුරාදා වන විට ප්‍රාන්තයේ අනෙක් කලාප වලටද පැතිරෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ කාලගුණ විද්‍යාඥ Scott Williams පැවසීය.

“එම අකුණු කුණාටු තත්ත්වය ධාරානිපාත වැසි පතිත කිරීමට හේතු වන අතර එම වැසි වික්ටෝරියානු ප්‍රාන්තය පුරා සිකුරාදා රාත්‍රියේ දී සහ සෙනසුරාදා උදෑසන පැතිරෙන බවක් පෙන්නනට තිබෙනවා. මෙය ඇත්තෙන්ම ඇති විශාල හානි ඇති කරන තත්ත්වයක්.” යනුවෙන් කාලගුණ විද්‍යාඥ Scott Williams වැඩි දුරටත් පැහැදිලි කළේය.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

දැනට ගණනය කර ඇති අන්දමට එසේ ඇදහැලෙන වර්ෂාපතනය පයකට මිලිමීටර් 50 කට වැඩි බව වාර්තා වේ.

එම ධාරානිපාත වර්ෂාව අධික ලෙස පතිතවන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊසාන දිග කලාපයට බවත් එය සෙනසුරාද දිනයේදී උපරිම වන බවත් සඳහන්.

“Wangaratta සිට Hotham කඳු යායේ මුදුන් වලට බොහෝ විට මිලිමීටර් 300 ක් පමණ වූ වැසි ඇදහැලෙන්නට හැකි බවද කාලගුණ විද්‍යාඥ Scott Williams පවසයි.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ උතුරු කලාපයට වන්නට ඇති Bendigo සහ Ballarat දක්වා සිකුරාදා රාත්‍රී කාලයේදී අකුණු කුණාටු සමග මිලිමීටර් 150 – 200 ත් අතර පමණ වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවද වාර්තා වේ.

ඊට අමතරව මෙල්බන් නගරයට මිලිමීටර් 50 ක අවම වර්ෂාපතනයක සිට මිලිමීටර් 100 ක උපරිම වර්ෂාපතනයක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් Yarra සහ Maribyrnong ගංගාවන්ට වැඩි ජල කඳක් ලැබෙනු ඇති බවටද අනුමාන කෙරේ.

වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට https://www.facebook.com/SBSSinhalese/

සෙනසුරාදා රාත්‍රියේ දැඩි සුළං තත්ත්වයක් ඇතිවන අතර වර්ෂාව අවසන් වරට පතිත වන්නේ Gippsland ප්‍රදෙශ්යට බවද අනුමාන කරයි.

ඉරිදා දිනයේදී ද මෙල්බන් නුවරට මිලිමීටර් 50 – 60 අතර වර්ෂාවක් ලැබෙන බවද වාර්තා වේ.

සියලු වික්ටෝරියානු වැසියන් අභියෝගාත්මක කාල සමයකට මුහුණ දෙන බැවින් සෑම අයෙකුම විමසිල්ලෙන් සිටිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ප්‍රාන්ත හදිසි සේවා සහ දේශීය හදිසි අවස්ථා පාලන මධ්‍යස්ථාන යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ක්‍රියා කිරීමට සීරුවන් තබා ඇත.

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් 132 500 යන දුරකථන අංකයට අමතන්න.

ABC පුවත් ඇසුරෙනි.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now