කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශාලතම අධ්‍යයනයට දකුණු ආසියානු කාන්තාවන්ට අවස්ථාවක් (SBS සිංහල/ වාර්තා)

කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශාලතම අධ්‍යයනය සඳහා දකුණු, අග්නිදිග සහ ඊසානදිග ආසියානු රටවල 1973 සහ 1978 අතර උපත ලැබූ කාන්තාවන් 1,000 ක් බඳවා ගැනේ.

migrant women

Source: Getty

කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යයනයක් සඳහා දකුණු, අග්නිදිග සහ ඊසානදිග ආසියානු රටවල 1973 සහ 1978 අතර උපත ලැබූ කාන්තාවන් 1,000 ක් අවශ්‍ය වී තිබේ.

ඔවුන්ව ද කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනගහනයේ නියෝජිතයෙකු බව සහතික කිරීමට මෙම පියවර ගෙන තිබේ.


Highlights

  • කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශාලතම අධ්‍යයනය සඳහා දකුණු, අග්නිදිග සහ ඊසානදිග ආසියානු රටවල 1973 සහ 1978 අතර උපත ලැබූ කාන්තාවන් 1,000 ක් බඳවා ගැනේ.
  • 1996 දී ආරම්භ වූ මෙම අධ්‍යයනයට දැනටමත් සහභාගී වන වයස් ඛාණ්ඩ හතරක ඔස්ට්‍රේලියානු කාන්තාවන් 57,000 ට ඔවුන් ද ඒ අනුව එකතු වනු ඇත.
  • Newcastle විශ්ව විද්‍යාලය ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සමඟ එක්ව මෙම අධ්‍යයනය කළමනාකරණය කරයි.

කාන්තා සෞඛ්‍ය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශාලතම අධ්‍යනයට ආසියානු කාන්තාවන් බඳවා ගැනේ

කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශාලතම සහ දීර්ඝතම අධ්‍යයනයට දායක වීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආසියානු කාන්තාවන්ට දැන් අවස්ථාව එළඹ තිබේ.

මෙම අධ්‍යනය සඳහා අවම වශයෙන් සංක්‍රමණික කාන්තාවන් 1,000ක් බඳවා ගැනීමට නියමිතය.

1996 දී ආරම්භ වූ මෙම අධ්‍යයනයට දැනටමත් සහභාගී වන වයස් ඛාණ්ඩ හතරක ඔස්ට්‍රේලියානු කාන්තාවන් 57,000 ට ඔවුන් ද ඒ අනුව එකතු වනු ඇත.
Australian Longitudinal Study on Women's Health නමින් හැඳින්වෙන මෙම අධ්‍යනය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මුල්‍ය ප්‍රතිපාදන සපයයි.

මෙම අධ්‍යනය හරහා සෑම වසර තුනකට වරක් එකම කාන්තාවන් පිරිසක් පරීක්ෂා කරයි.

මේ සඳහා සහභාගී වන කාන්තාවන් උපත ලද වසර අනුව ඛාණ්ඩ 4 කට පහත පරිදි බෙදා වෙන් කර තිබේ.

  • 1921 සහ 1926 අතර උපත ලද කාන්තාවන්
  • 1946 සහ 1951 අතර උපත ලද කාන්තාවන්
  • 1973 සහ 1978 අතර උපත ලද කාන්තාවන්
  • 1989 සහ 1995 අතර උපත ලද කාන්තාවන්
The participants in Australia's largest and longest-running study on women's health are drawn from four generations.
Source: Morsa Images/Getty Images

අධ්‍යනයේ අරමුණු

Newcastle විශ්ව විද්‍යාලය ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සමඟ එක්ව මෙම අධ්‍යයනය කළමනාකරණය කරයි.

වසර 1996 දී මෙම අධ්‍යනය සඳහා ප්‍රථම වරට කාන්තාවන් බඳවා ගත් විට ඔස්ට්‍රේලියාවේ ජනගහනයේ සංයුතිය එකල “තරමක් වෙනස්” බව අධ්‍යයනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, Newcastle විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Deb Loxton පැවසුවාය.

"ඉතින් දැන් අපි කරන්නේ 1973 සිට 1978 දක්වා උපත ලද කාන්තාවන්ගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පුරා සිටින කාන්තාවන් නියෝජනය කරන බවට වග බලා ගැනීම සඳහා මූලික වශයෙන් දකුණු, ගිනිකොන සහ ඊසානදිග ආසියානු රටවලින් කාන්තාවන් 1,000 ක් බඳවා ගැනීමයි." යනුවෙන් මහාචාර්ය Deb Loxton සිය අරමුණු SBS පුවත් සේවයට පැහැදිලි කළාය.
මෙම බඳවා ගැනීම මඟින් වර්තමාන ඔස්ට්‍රේලියානු ජනගහනයේ සෞඛ්‍ය ගැටලු නිවැරදිව පිළිබිඹු වන බව සහතික කරනු ඇතැයි අධ්‍යයනයේ අධ්‍යක්ෂ, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Gita Mishra පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් සිටින කාන්තාවන්ගෙන් 16% ක්ම දකුණු සහ අග්නිදිග ආසියාවේ කාන්තාවන් වන බවත් ඔවුන්ගේ අදහස් අවශ්‍ය බවත් මහාචාර්ය Gita Mishra SBS පුවත් සේවයට ප්‍රකාශ කළාය.

"අපට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යහපැවැත්ම ගැන දැන ගැනීමට අවශ්‍යයි, එවිට අපට රජයේ ප්‍රතිපත්ති වෙත ඒවා දැනුම් දිය හැකි අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකියි." යනුවෙන් ද ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
Women backpacking for bushwalking.
Source: Getty Images/mihailomilovanovic

අධ්‍යනයේ වයස්ගතම කාන්තාවට වයස අවුරුදු 101 යි

මෙම අධ්‍යයනයේ වයස්ගතම සහභාගිවන්නාගේ වයස අවුරුදු 101 ක් වන අතර 1921 සහ 1926 අතර උපත ලද ඛාණ්ඩයේ කාන්තාවන් 600 ක් පමණ සිටින බව මහාචාර්ය Loxton පැවසුවාය.

එම කාන්තාවන් 1996 දී විශ්‍රාම යන වයසට පැමිණ සිටි අතර මේ වන විට බොහෝ වියපත් තත්ත්වයට පත්ව ඇති බව ද මහාචාර්ය Loxton පැවසුවාය.

"ඉන්පසු 2012 සිට 2013 දක්වා, අපි ඊළඟ පරම්පරාව මෙම අධ්‍යනයට හසු කරගැනීම සඳහා වයස අවුරුදු 18 සිට 23 දක්වා නව කාන්තා කණ්ඩායමක් බඳවා ගත්තා." යනුවෙන්ද ඇය සඳහන් කළාය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අධ්‍යනය උපකාරී කරගන්නා අයුරු

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වත්මන් ජාතික කාන්තා සෞඛ්‍ය ක්‍රමෝපාය ඇතුළු විවිධ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යයනයෙන් රැස් කරගත් දත්ත  භාවිතා කර ඇති බව Newcastle විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Deb Loxton පැවසුවාය.

වත්මන් ජාතික කාන්තා සෞඛ්‍ය ක්‍රමෝපාය ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ විවිධ කණ්ඩායම් අතර අසමානතා අවම කිරීම සඳහා ප්‍රවේශයක් ලබා දෙයි.

Endometriosis සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම, polycystic ovary syndrome කළමනාකරණය සඳහා ජාත්‍යන්තර මාර්ගෝපදේශ සහ ජාතික Perinatal මානසික සෞඛ්‍ය මාර්ගෝපදේශ සැකසීමට ද මෙම අධ්‍යයනය උපකාරී වී ඇති බව ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ශාරීරික ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සකස් කර ඇත්තේ ද මෙම අධ්‍යයනයෙන් ලැබෙන තොරතුරු භාවිතා කරමින් බව මහාචාර්ය Deb Loxton පැවසුවාය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service