Lockdown නීති දීර්ග කිරීම නිසා සිඩ්නි වැසියන්ට සහ ව්‍යාපාර වලට අමතරව ලැබෙන ආර්ථික සහන මෙන්න (SBS සිංහල/ වාර්තා)

සිඩ්නි නුවර lockdown තත්ත්වය දීර්ග කිරීම නිසා ආර්ථික අර්බුද වලට ලක්වී ඇති රැකියා කරන ජනතාවට සහ ව්‍යාපාර වලට අමතර ආර්ථික සහන ලබාදෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද (13/07) පස්වරුවේ නිවේදනය කළේය.

Prime Minister Scott Morrison has held a press conference.

Prime Minister Scott Morrison Source: AAP

සිඩ්නි නුවර lockdown තත්ත්වය තවත් දීර්ග කිරීම නිසා ආදායම් අහිමිවී ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීම ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අතරේ සිඩ්නි නුවර lockdown තත්ත්වය දීර්ග කිරීම නිසා ආර්ථික අර්බුද වලට මුහුණ පා සිටින ව්‍යාපාර සඳහාද මුදල් ප්‍රදාන ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.


Highlights

  • සතියකට පැය 20 කට වඩා රැකියා කරන පුද්ගලයින්ට සතියකට $600 ක් හිමිවේ.
  • සතියකට පැය 20 කට අඩුවෙන් රැකියා කරන පුද්ගලයින්ට සතියකට $375 ක් හිමිවේ.
  • lockdown තත්ත්වය නිසා ආර්ථික අර්බුදයට පත්ව ඇති සිඩ්නි කලාපයේ ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාරිකයින් සහ ලාභ නොලබන ආයතන සඳහා ද ආර්ථික සහන දීමනා ලබා දීමට තීරණය කර තිබේ.

සිඩ්නි නුවර වැසියන්ට අමතර ආර්ථික සහන

සිඩ්නි නුවර lockdown තත්ත්වය දීර්ග කිරීම නිසා ආර්ථික අර්බුද වලට ලක්වී ඇති රැකියා කරන ජනතාවට සහ ව්‍යාපාර වලට අමතර ආර්ථික සහන ලබාදෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද (13/07) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව සතියකට ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීම $500 සිට $600 දක්වා ලබන සතියේ සිට ඉහළ දමා ඇත.

සතියකට පැය 20 කට වඩා රැකියා කරන සිඩ්නි නුවර වැසියන්ට එය හිමිවේ.

එමෙන්ම සතියකට පැය 20 කට අඩුවෙන් රැකියා කරන පුද්ගලයින්ට සතියකට ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීම $325 සිට $375 දක්වා ලබන සතියේ සිට ඉහළ දැමේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙම තාවකාලික පියවර ගනු ලැබුවේ ආපදාවට ලක්වූ පිරිස් වෙත හැකි ඉක්මණින් සහාය ලබා දීම අරමුණු කරගනිමින් බව අගමැති මොරිසන් පැවසීය.

"මෙහිදී ඔබට ඔබේ රැකියාව අහිමි විය යුතු නැත, ඔබේ රැකියා ආයතනය හැර යාමට අවශ්‍ය නැත. ඔබේ employer හෙවත් සේවායෝජකයා කවුරුන්ද යන්න ගැටළුවක් නොවේ. ඔබට ඔබේ රැකියාවේ සේවා පැය අහිමි වී ඇත්නම් ඔබට දැන් මෙම තාවකාලික ආපදා ගෙවීම ලබාගත හැකිය." යනුවෙන් ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කළේය.
මෙම තාවකාලික COVID-19 ආපදා ගෙවීම් lockdown නීති පවතින තෙක් Services Australia හරහා නැවත නැවතත් ගෙවනු ලැබේ.

lockdown තත්ත්වයට ආරම්භයේ පටන් මුහුණ දුන් Woollahra, Waverley, Randwick සහ City of Sydney යන නගර සභා කලාප හතරට මෙම ගෙවීම ජූලි 16 සිට ගෙවනු ලැබේ.

සෙසු සිඩ්නි කලාප සඳහා ජූලි 19 සිට මෙම තාවකාලික COVID-19 ආපදා ගෙවීම් කරනු ඇත.
An empty Sydney Opera House
An empty Sydney Opera House is seen in Sydney, Tuesday, June 29, 2021.(AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාරිකයින් සහ ලාභ නොලබන ආයතන සඳහා ආධාර

lockdown තත්ත්වය නිසා ආර්ථික අර්බුදයට පත්ව ඇති සිඩ්නි කලාපයේ ව්‍යාපාර සඳහා ද ආර්ථික සහන දීමනා ලබා දීමට තීරණය කර තිබේ.

ඒ සඳහා යන පිරිවැය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සම සමව දරනු ඇත.

lockdown කිරීමෙන් හතරවන සතියේ සිට තමන්ගේ ආදායමින් අවම වශයෙන් 30% ක් හෝ අහිමිවූ ව්‍යාපාර මෙම ආර්ථික සහන ලබාගැනීමට සුදුසුකම් ලබයි.

Service NSW හරහා එයට අයදුම් කළ හැකිය.
අවම වශයෙන් ඩොලර් 1500 ක් සහ උපරිම වශයෙන් සතියකට ඩොලර් 10,000 ක් ගෙවන ව්‍යාපාරවලට ඔවුන්ගේ වැටුප් ගෙවීම්වලින් 40% කට මෙහිදී ප්‍රවේශ විය හැකිය.

වාර්ෂික පිරිවැටුම ඩොලර් 75,000 ත් ඩොලර් මිලියන 50 ත් අතර ක්‍රියාත්මක වන ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාරිකයින් සහ ලාභ නොලබන ආයතන සඳහා මෙම ගෙවීම ලබාගත හැකිය.

මෙම ගෙවීම් ලබා ගැනීම සඳහා, ජූලි 13 වන විට අදාළ ව්‍යාපාර ඔවුන්ගේ පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ දිගු කාලීන අනියම් (casual) කාර්ය මණ්ඩලයේ රැකියා ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට අවශ්‍ය වේ.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service