රුසියානු - යුක්රේන ගැටුම අතරේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය ලක්ෂයකට එහා වැඩි කිරීමට යයි (SBS සිංහල/ වාර්තා)

2024 සිට 2040 දක්වා කාලය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 38 ක මුදලක් මේ සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

The Australian Defence Force workforce growth is estimated to come at a cost of at least $38 billion between 2024 and 2040

Source: AAP / CPL Brandon Grey/PR Image

Australian Defence Force (ADF) හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ පිරිස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සැලසුම් කර තිබේ.

මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අතිශය කැපී පෙනෙන පියවරක් ලෙස නම් කෙරේ.


Highlights

  • මෙම වර්ධනය ඉදිරි දශක දෙක තුළ 30% කින් ඉහළ යාමක් වනු ඇති අතර වසර 2040 වන විට ස්ථිර ADF සාමාජිකයින් සංඛ්‍යාව 80,000 දක්වා ගෙන එනු ඇත.
  • ඒ වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත ආරක්ෂක ශ්‍රම බලකාය 100,000කට වඩා වැඩි වනු ඇත.
  • 2024 සිට 2040 දක්වා කාලය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 38 ක මුදලක් මේ සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ පිරිස ඉහළට

මෙම පියවර මගින් වසර 2040 වන විට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායට පුද්ගලයින් 18,000කට වඩා වැඩි වීමක් සිදුවනු ඇත.

2024 සිට 2040 දක්වා කාලය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 38 ක මුදලක් මේ සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

මෙම ව්‍යාප්ත කිරීම ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ වැඩකටයුතු කෙරෙහි විශ්වාසය තැබීමක් බව අගමැති මොරිසන් පැවසීය.

"අපි අපගේ ආරක්‍ෂක කාර්යයන් අන් අයට භාර දෙන්නේ නැහැ, එය අප විසින්ම භාර ගන්නවා, එයින් අදහස් වන්නේ අපි ආරක්‍ෂක දායකයෙකු බවයි" යනුවෙන් අගමැති මොරිසන් බ්‍රිස්බේන් නුවරදී ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට පැවසීය.

රටවැසියන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ විවිධ වෘත්තීන්ට වැඩි වැඩියෙන් යොමු වන බැවින් ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව ඉදිරි පරම්පරාවන් සඳහා විශාල දායකත්වයක් සපයන්නෙකු බවට පත් කිරීමට වග බලා ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය.
Australia's Prime Minister Scott Morrison speaks to the media to announce sanctions on top Russian officials Source: AFP / STEVEN SAPHORE/AFP via Getty Images
Australia's Prime Minister Scott Morrison Source: Getty Images

සැලසුම

මෙම වර්ධනය ඉදිරි දශක දෙක තුළ 30% කින් ඉහළ යාමක් වනු ඇති අතර වසර 2040 වන විට ස්ථිර ADF සාමාජිකයින් සංඛ්‍යාව 80,000 දක්වා ගෙන එනු ඇත.

ඒ වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත ආරක්ෂක ශ්‍රම බලකාය 100,000කට වඩා වැඩි වනු ඇත.

ADF ශ්‍රම බලකාය වැඩි කිරීමේ සැලැස්ම 2020 බල ව්‍යුහ සැලැස්මේ කොටසක් ලෙස නම් කරන ලද අතර 2021 අගභාගයේදී කැබිනට් මණ්ඩලයේ ජාතික ආරක්ෂක කමිටුව විසින් එයට එකඟ විය.
අතිරේක ආරක්ෂක ශ්‍රම බලකාය අනාගත සබ්මැරීන් මෙහෙයුම් සඳහා මෙන්ම ගුවන් යානා සහ ගුවන් කඳවුරු මෙහෙයුම්, මිසයිල ආරක්ෂණ සහ සයිබර් ආරක්ෂණය සඳහා සහාය වනු ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

සිවිල් කාර්යයන්හිදී අපට සහාය වීමට ඔවුන් කර ඇති අසාමාන්‍ය වැඩ කොටස අපි බෙහෙවින් අගය කරන නමුත් ඔවුන්ගේ පළමු කාර්යය වන්නේ මේ රට ආරක්ෂා කිරීම බව ද අගමැති මොරිසන් සඳහන් කළේය.
Australian Defence Force
Source: AAP Image/LACW Kate Czerny/Australian Defence Force

ඉන්දු - පැසිෆික් කලාපයේ වැඩිවන ආතතිය සමග වැදගත් තීන්දුවක්

යුරෝපයේ ඇතිවී ඇති ගැටුම් සමග ඉන්දු - පැසිෆික් කලාපයේ නැඟී එන ආතතීන් හමුවේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ව්‍යාප්තිය ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton පැවසීය.

"විශේෂයෙන් අභ්‍යවකාශයේ, සයිබර් අවකාශයේ, අපගේ නාවික පරිසරයේ, අපගේ දිය යට හැකියාව, අපගේ ස්වයංක්‍රීය වාහන සඳහා අතිරේක සම්පත් සැපයීම අවශ්‍ය වනු ඇති" ලෙසද ඔහු පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මෙය විසින් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සමඟ සහ NATO ව සමඟ ඔස්ට්‍රේලියාව වඩාත් විශ්වාසදායක හවුල්කරුවෙකු බවට පත් කරන බවත් අප ඔවුන් මත විශ්වාසය තැබීමට නම්, ඔවුන් අප මත විශ්වාසය තැබිය යුතු බවත් ආරක්ෂක අමාත්‍ය Peter Dutton සඳහන් කළේය.
Minister for Defence Peter Dutton during Question Time in the House of Representatives at Parliament House in Canberra, Thursday, 10 February, 2022.
Minister for Defence Peter Dutton Source: AAP

විපක්ෂයේ මතය

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ පිරිස් බලය වැඩි කිරීමේ තීරණයට කම්කරු පක්ෂය එකඟ බව ආරක්ෂාව පිළිබඳ විපක්ෂයේ නියෝජිත Brendan O'Connor පැවසීය.

නමුත් NSW සහ Queensland හි ගංවතුර අර්බුදයට රජය දැක්වූ මන්දගාමී ප්‍රතිචාරයෙන් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රජය විසින් මේ මොහොතේ මෙම පියවර ගත් බවට ඔහු චෝදනා කළේය.
2020/21 හි ස්ථිර තනතුරු සඳහා හමුදා සාමාජිකයින් බඳවා ගැනීමේ ඉලක්ක වලින් 90% ක් පමණක් සපුරා ඇති අතර 2015/16 සිට සෑම වසරකම 2016 ආරක්ෂක ධවල පත්‍රිකා ඉලක්ක සපුරා ගැනීමටද අපොහොසත් වී ඇති බව Brendan O'Connor පැවසීය.
Australian Defence Force 02 AAP
Source: Department of Defence, AAP Image/EPA/CPL ROBERT WHITMORE/ADF HANDOUT/COMMONWEALTH OF AUSTRALIA 2022
ආරක්‍ෂාව වැඩි කිරීමට හොඳින් මුදල් වියදම් කළ යුතු බව හිටපු ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සාමාජිකාවක් වන ටස්මේනියා ප්‍රාන්තයේ සෙනෙට් සභික Jacqui Lambie පැවසුවාය.

"අපි මෙහි අවදි විය යුතුයි, ලෝකයේ සෙසු රටවල සිදුවෙමින් පවතින දේ ගැන බැලිය යුතුයි, අපේ ජාතියේ සුරක්ෂිත බව සහතික කිරීම ආරම්භ කළ යුතුයි," ඇය පැවසුවාය.

කම්කරු පක්ෂ රජයක් යටතේ ඔස්ට්‍රේලියානු මිලිටරි වියදම් අඛණ්ඩව ඉහල යනු ඇතැයි විපක්ෂ නායක Anthony Albanese, Lowy ආයතනයත් සමග අද (10/03) පැවති සාකච්ඡාවකදී හෙළි කළේය.

ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීමට සහ ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි ආක්‍රමණ වැලැක්වීමට අවශ්‍ය සම්පත් ආරක්‍ෂාව සතුව තිබීම කම්කරු පක්ෂය විසින් සහතික කරනු ඇති බවත් ඔහු පැවසීය.\





Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
රුසියානු - යුක්රේන ගැටුම අතරේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය ලක්ෂයකට එහා වැඩි කිරීමට යයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala