පාකිස්තානයේ ISI ත්‍රස්ත ක්‍රියා ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව යොදාගත් බව හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

2004 වසරේදී සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් විට මානුෂීය ආධාර රැගෙන එන මුවාවෙන් ශ්‍රී ලංකාවට සහ මාල දිවයිනට IKK සංවිධානය පැමිණ ජිහාඩ් සංවිධානය සඳහා බඳවාගැනීම් කටයුතු සිදු කිරීමට උත්සුක වූ බව හෙළිවී තිබේ.

Pakistan concerned over exposure of ISI terror activity in Sri Lanka

Source: www.khaama.com

පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශ හෙවත් Inter-Services Intelligence (ISI) සංවිධානය තම ත්‍රස්තවාදී ක්‍රියා ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා බවට වාර්තාවකින් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මූලධර්මවාදයට පරිවර්තනය කිරීමට ISI සංවිධානය විසින්  Lashkar-e-Taiba (LeT)  ත්‍රස්ත සංවිධානයේ Idara Khidmat-e-Khalq (IKK) නමැති පුණ්‍ය ශාඛාව යොදාගන්නා බවට වාර්තා වේ.

2004 වසරේදී සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් විට මානුෂීය ආධාර රැගෙන එන මුවාවෙන් ශ්‍රී ලංකාවට සහ මාල දිවයිනට IKK සංවිධානය පැමිණ ජිහාඩ් සංවිධානය සඳහා බඳවාගැනීම් කටයුතු සිදු කිරීමට උත්සුක වූ බව හෙළිවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ බොහෝ තරුණ පිරිස් පාකිස්තානයට පිටත්ව ගොස් ඇති බවත් පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ සහ  Khyber Pakhtunkhwa ගෝත්‍රික ප්‍රදේශයේ LeT කඳවුරු වල හමුවූ බවත් එම වාර්තාවෙන් හෙළිදරවු කරයි.

මෙසේ ශ්‍රී ලංකාව වේදිකාවක් කරගනිමින් ISI සංවිධානයේ මූලික අභිප්‍රාය වී ඇත්තේ සතර දිගින්ම ඉන්දියාව වැටලීමය. ත්‍රස්ත ජාලයන් සොයා ගැනීමට සහ ත්‍රස්තවාදීන් බඳවා ගැනීමේ මූලික අරමුණු සඳහා  ශ්‍රී ලංකාව ඔස්සේ දකුණු ඉන්දියාවට පහසුවෙන් යාමට ISI අවශ්‍ය වී තිබුණි.

මීට අමතරව 2009 වසරේ ජුනි මාසයේදී Umar Madani මවුලානාගේ ක්‍රියාකාරකම්ද මෙම වාර්තාව මගින් හෙළිදරවු කර තිබේ. ඉන්දියාවේදී අත් අඩංගුවට පත් Umar Madani ශ්‍රී ලංකාවට නිරතුරුවම සංචාරය කරන පුද්ගලයකු බව හෙළිවී තිබේ. Umar Madani, LeT සංවිධානයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Hafiz Saeed ගේ සහ Abdul Rahman Makki ගේ ඉතා සමීපතම මිත්‍රයෙක් බවත් ඔවුන් එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රදේශ වල සබඳතා ගොඩනගමින් සිටි බවත් හෙළිවී තිබේ.

ත්‍රස්ත අරමුදල් සම්පාදනය සඳහා ව්‍යාජ ඉන්දීය මුදල් ජාවාරම් කරන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද ISI සංවිධානය කොළඹ නගරය යොදාගත් බවට අනාවරණය වී තිබේ.

සිරියාවේ ජිහාඩ් සංවිධානයට ත්‍රස්තවාදීන් බදවාගැනීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවෙන් කොටස් සම්බන්ධ කරගැනීම Al Qaeda වැනි ත්‍රස්ත සංවිධාන දිගින් දිගටම කටයුතු කරන බවද Colombo Gazette වෙබ් අඩවිය වාර්තා කරයි. ලෝකයේ ප්‍රධාන බලවේග වල බුද්ධි අංශ නියෝජිතයන් අතර මනා සහයෝගයක් ඇති කිරීම උදෙසා මෙම ක්‍රියා කාරකම් ඉවහල් වූ බවද සඳහන්.

ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ චීන බුද්ධි අංශ අතර ඇතිවූ දැඩි සම්බන්ධකම් මත පකිස්ථානයේ  Faiz Muhammad, රුපියල් මිලියන 2.5ක  ව්‍යාජ ඉන්දීය මුදල් තිගයක් සමග චීනයේ Guangzhou හි මෑතකදී අත් අඩංගුවට පත් විය.

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service