ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල දමිළ ශ්‍රී ලාංකිකයෙක් ලංකාවේදී අත්අඩංගුවට ගෙන යළි නිදහස් කරයි (SBS සිංහල/ වාර්තා)

Thileepan Gnaneswaran

Thileepan Gnaneswaran with his daughter Najomi. Source: Tamil Refugee Council / Facebook

ඕස්ට්‍රේලියාවේ සරණාගත රැකවරණ පතා මෙරටට පැමිණ පසුව මෙරටින් පිටුවහල් කල තිලීපන් ඥානේස්වරන්  නමැති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන නැවත නිදහස් කර ඇතැයි ඕස්ට්‍රේලියාව තුල ස්ථාපිත The Tamil Refugee Council නම් සංවිධානය පවසයි.

මේ සතියේ ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බවත්, පසුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (ජුලි 18 බදාදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවත් ඔහුගේ සොහොයුරා SBS වෙත ප්‍රකාශ කර තිබේ. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පැහැදිලි නැති බව සොහොයුරා වැඩි දුරටත් සදහන් කරයි.

තිලීපන් ඥානේස්වරන්ගේ තාවකාලික රැකවරණ වීසා අයදුම් පත ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවන ලෙස පසුගිය සිකුරාදා අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) විසින් දැනුම් දී ඇති බව සදහන්. ඒ අනුව ඔහුගේ 11 මස් වියැති දියණිය සහ ඔහුගේ බිරිද ඕස්ට්‍රේලියාවේ සිටියදී ඥානේස්වරන් මහතා හට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට සිදු වී ඇති බව සදහන්. ඥානේස්වරන් මහතා සහ ඔහුගේ බිරිඳ වෙන වෙනම ඕස්ට්‍රේලියාවට පැමිණ අතර, 2016 වසරේ විවාහ වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.පසුව ඔහුගේ බිරිඳට සහ දරුවට emporary protection Safe Haven Enterprise Visa නම් රැකවරණ වීසා කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවේ රැකවරණ හිමි වී ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියාවේ The Tamil Refugee Council සංවිධානය පවසන ආකාරයට  තිලීපන් ඥානේස්වරන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින්, වධ හිංසා පමුණුවා ඇති බව සදහන් . ඔහුගේ පවුල LTTE සංවිධානයට දැඩි ලෙස සම්බන්ද වී සිටි නිසා මෙම තත්වයට ඔහු මුහුණ දී ඇති බවද එම සංවිධානය ප්‍රකාශ කර තිබේ.

තීරණය ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ පුළුල් සොයා බැලීමකින් පසුව

"මෙම සරණාගත රැකවරණ බලාපොරොත්තු වූ පුද්ගලයා පිළිබද තීරණය පුළුල් සොයා බැලීමකින් පසුව ගත් බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව, පෙර පැවති Refugee Review Tribunal, Federal Circuit Court, the Full Federal Court  සහ  High Court යන ආයතන මගින් විමසා බැලීමෙන් පසුව මෙම තීරණය ලබාදී ඇති බව රජය වැඩි දුරටත් සදහන් කරයි. යමෙකුට  ඕස්ට්‍රේලියාවේ වාසය කිරීම සදහා නිත්‍යානුකුල වීසා හිමි වී නැත්නම්, ඒ සදහා ඇති සියලුම ක්‍රම අසාර්ථක වී ඇත්නම් අදාල පුද්ගලයා ස්වේච්චාවෙන් මෙරටින් ඔහු පුරවැසි භාවය දරන රට බලා පිට විය යුතු බව රජයේ ප්‍රකාශකයෙක් SBS වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ."

මෙරට වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත්, ඔවුන්ට විරුද්ධව කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ තම ඕස්ට්‍රේලියානු සංචාරයේදී ප්‍රකාශ කර තිබිණි. තවද ඔවුන් ඔවුන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කිරීමේදී නිතිය කඩ කර ඇති බව මතක තබා ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රසාදය

මෙලෙස තිලීපන් ඥානේස්වරන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම එක්සත් ජාතින්ගේ සංවිධානය විසින්ද හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහුගේ බිරිඳ සහ දියණිය සමග එකට ජීවත්වීමේ අවස්ථාව අහිමි කරමින් ඔවුන් වෙන්කිරීම අනුමත කල නොහැකි බවද එක්සත් ජාතීන්ගේ සරණාගත එජ්නසිය (UNHCR) සදහන් කරයි.

තවද ඕස්ට්‍රේලියානු රජය රටින් පිටත ක්‍රියාත්මක කරන සරණාගත රැදවුම් මධ්‍යස්ථානද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට ලක් වී තිබේ.

පිටුවහල් කිරීමට විරෝධය

තවද ඥානේස්වරන් පිටුවහල් කිරීමට පෙර රදවා තිබු සිඩ්නි නුවර Villawood රැදවුම් මධ්‍යස්ථාන ඉදිරිපිට පසුගිය සදුදා (ජුලි 16දා) ඔහු පිටුවහල් කිරීමට විරෝධය පළකරමින් විරෝධතාවයක්ද සංවිධානය කර තිබු බව සදහන්.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now