ආර්ථිකයේ යහපත සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් (SBS සිංහල/වාර්තා)

International students

"A qualidade de vida da Austrália, o sistema educacional, isso tudo atrai o brasileiro,” diz o embaixador. Source: AAP Image/Julian Smith

පසුගිය වසරේදී ජාත්‍යන්තර සිසුන්ගේ ශිෂ්‍ය ගාස්තු මගින් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ක්ෂේස්ත්‍රයට ඩොලර් බිලියන10 ක පමණ දායකත්වයක් ලැබී ඇති බවට නවතම සංක්‍යාලේඛන මගින් හෙළි වී තිබේ.

2019 වසරේ දෙසැම්බර් 31 දක්වා ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවල මූල්‍ය ප්‍රකාශනයන් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම දත්ත හෙළි කළේය. මේ අනුව කොරෝනා වසංගතයට පෙර ජාත්‍යන්තර සිසුන්ගේ ශිෂ්‍ය ගාස්තු, ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල මුළු ආදායමෙන් තුනෙන් එකක් පමණ වන බව වාර්තා වේ. එය ඩොලර් බිලියන 36.5ක් පමණ ලෙස සැලකේ. 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඒකාබද්ධව ඩොලර් බිලියන 2.3ක පමණ ලාභයක් සාමාන්‍යයෙන් ලැබුවද ජාත්‍යන්තර සිසුන්ගේ ශිෂ්‍ය ගාස්තු අහිමි වීම මත ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඒකාබද්ධව ඩොලර් බිලියන 7.7ක පමණ අලාභයක් ලැබීමේ අවධානමක් මතුව තිබේ.

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළඳපොලට සහාය දැක්විය යුතු බව ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywood පවසයි.
Phil Honeywood, International Education Association chief executive officer.
Phil Honeywood, International Education Association chief executive officer. Source: SBS News
මේ වනවිට එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවලට ජාත්‍යන්තර සිදුන් විශාල ලෙස සංක්‍රමණය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින අතර එම සිසුන් සමඟ සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් අවශ්‍ය බව SBS සේවයට අදහස් දක්වමින් Phil Honeywood සඳහන් කළේය.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය, ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හට දැඩි පීඩනයක් එල්ල කොට ඇති බවයි.මේ වන විට ඔස්ට්‍රේලියාව තුල සිටින ජාත්‍යන්තර සිසුන් හට ආර්ථික ගැටළු මතුව ඇති අතර රටින් පිටත සිටින සිසුන් හට දේශසීමා වසා දැමීම මත සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට නොහැකිව තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ක්ෂේස්ත්‍රයට ඩොලර් බිලියන 3.1ත් 4.8ත් අතර මුදලක් අහිමිව තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඉල්ලා සිටින්නේ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 40ක වටිනාකමක් සපයන ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළඳපොල නැවත විවෘත කරන ලෙසයි.
Universities Australia chief executive Catriona Jackson.
Universities Australia chief executive Catriona Jackson. Source: SBS News
මේ සම්බන්ධයෙන් SBS සේවයට අදහස් දක්වමින් Universities Australiaහි ප්‍රධාන විධායක Catriona Jackson සඳහන් කලේ ජාත්‍යන්තර සිසුන් ක්‍රමානුකූලව ඕස්ට්‍රේලියාවට නැවත ගෙන්වා ගැනීම සඳහා රජයන්, විශ්ව විද්‍යාල, සෞඛ්‍ය අංශ සහ ආගමන බලධාරීන් අතර දැඩි සම්බන්ධීකරණයක් අත්‍යාවශ්‍ය බවයි. 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


පසුගිය වසරේදී විශ්ව විද්‍යාල ක්ෂේස්ත්‍රයේ අදායමින් ඩොලර් බිලියන 17 කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ අරමුදල් බවද වාර්තා වේ.


ආර්ථිකය යලි නංවාලීම සඳහා සතියකට ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් 1000ක් සඳහා නිරෝධායන ස්ථාන වෙන්කරන ලෙසට නිව් සවුත් වේල්ස් අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පසුගියදා සඳහන් කළ අතර ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය, නොදර්න් ටෙරිටරිය සහ දකුණු ඕස්ට්‍රේලියාව මේ වන විටත් ජාත්‍යන්තර සිසුන් සුකුද කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහන් ප්‍රකාශයට පත් කර තිබේ.

Share

Published

Updated

By Tom Stayner, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ආර්ථිකයේ යහපත සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් (SBS සිංහල/වාර්තා) | SBS Sinhala