SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගර වල සීක් ජනයාට පාපැදි ධාවනයේදී හෙල්මට් පැළඳීමට අවශ්‍ය නොවන විශේෂ වරප්‍රසාදයක් ඇති බව ඔබ දන්නවාද? (SBS සිංහල / වාර්තා)

s
Source: Twitter

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ACT (Australian Capital Territory)  හි නව නීතියක් මගින්, පාපැදි ධාවකයන් ආගමික හිස් ආවරණ පැළදීම පිළිගෙන තිබෙන බව වාර්තා වනවා. මේ නීතිය පසුගිය දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වී ඇති අතර මෙයට හේතුව වී ඇත්තේ ACT හි මාර්ග ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා ට ලැබුණු ලිපියකි.

සීක් (Sikh) ජාතිකයෙකු එම ලිපියෙන් දක්වා ඇත්තේ මෙල්බන් නුවර පාපැදි ධාවනයේදී ඔහුට හෙල්මට් එකක් පැළදීම අනිවාර්ය නොවුවත් දැන් කැන්බරා හි දී එය අනිවාර්යෙන් කිරීමට සිදුවීම ගැටළුවක් බවයි

ACT හි මාර්ග ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා පවසා ඇත්තේ කැන්බරා යනු සියලු ජාතීන් ට පිළිගැනීමක් ඇති ස්ථානයක් විය යුතු බවයි. ඒ නිසා ප්‍රජාව විසින් ඉදිරිපත් කල ගැටලුවකට පිළිතුරක් ලෙස මෙම නීතිය ලිහිල් කෙරෙනු ඇති.

නමුත් මේ නීතිය වලංගු වන්නේ ආගමික හිස් ආවරනයක් (Turban) පැලදීම නිසා හෙල්මට් පැලදීමට අපහසුතා ඇති විට පමණයි. මේ වන විට ක්වීන්ස්ලන්තය , වික්ටෝරියාව, දකුණු ඔස්ට්‍රේලියාව හා බටහිර ඕස්ට්‍රේලියාවේ මෙම නීතිය මෙලෙසම ක්‍රියාත්මකයි. එමගින් විවිධ ජන කොටස් ඔවුන්ගේ අනන්‍යතාවන් නිසා ප්‍රවාහනයේ යෙදීමට බලපෑම් නොවන ලෙස කටයුතු යොදා ඇත.

නමුත් සීක් (Sikh) ජනතාව මේ සදහා New South Wales ප්‍රාන්තයෙහි කල ඉල්ලීම් වලට එකග ලෙස නීති නිර්මාණය වී නැහැ. New South Wales ප්‍රාන්තයෙහි හිටපු මාර්ග අමාත්‍ය Melinda Pavey ගෙන් Jugandeep Singh විසින් මෙම ඉල්ලීම් වසර ගණනක් තිස්සේ තම ප්‍රජාව විසින් ඉල්ලන බව පවසා තිබේ. 

මෙම නීතිය මෝටර් බයිසිකල් ධාවනයට අදාළ නොවන අතර එවන් ආගමික හිස් වැස්මක් (Turban) නොපලදින අයට ද අදාළ නොවේ

Source: SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now