රටම මොහොතකට නවතින සුපිරි තුරග තරගය - Melbourne Cup 2016 (SBS සිංහල/ වාර්තා)

Melbourne Cup winner Stakes Day

XXXX rides XXXX to win race XX, the XXXXXX on Stakes Day at Flemington Racecourse on November 7, 2015 in Melbourne, Australia. Source: Getty Images AsiaPac

ලොව තුරග තරග අතර සුපිරිතම තුරග තරගයක් වන "Melbourne Cup" තුරග තරගය හෙට (නොවැම්බර් 1දා ) Flimmington තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිත අතර සමස්ත තරගය සදහා වෙන්ව ඇති ත්‍යාග මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 6.2ක් . ප්‍රධාන තරගයේ ජයග්‍රාහකයා හට හිමි වීමට නියමිත ත්‍යාග මුදල ඩොලර් මිලියන 3.6ක්.

ත්‍යාග මුදල් ප්‍රමාණය අතින් "Melbourne Cup" තුරග තරගය දෙවැනි වන්නේ "Dubai World Cup" නම් තුරග තරගය සදහා පමණි.

 

Melbourne Cup ඉතිහාසයෙන්

ප්‍රථම වතාවට Melbourne Cup තුරග තරගය පවත්වා තිබෙන්නේ 1861 වසරේදී වන අතර එවකට 4000කට ආසන්න  ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරගයට සහභාගී වූ බව සදහන්. 1880 වසර වන විට 100,000 කට ආසන්න  ප්‍රේක්ෂක පිරිසක් "Melbourne Cup" තුරග තරගය නරඹන්නට Flimmington තුරග තරග පිටියට පැමිණි බව ඉතිහාස වාර්තා සදහන් කරයි. එවකට සමස්ත මෙල්බර්න් නුවර ජනගහනය 290,000ක් වූ බවත් එම ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් Flimmington තුරග තරග පිටියට රැස්වීම සුවිශේෂී කාරණයක් විය.

 

1875ට පෙර "Melbourne Cup" තුරග තරගය බ්‍රහස්පතින්දා දිනයේදී පැවති  අතර, පසුව එය නොවැම්බර් මස පළමු අගහරුවාදා පවතී වීමට තරග සංවිධායකයින් තීරණය කල බව සදහන්. නමුත් දෙවන ලෝක යුද්ධය පවතී වකවානුවේ වසර තුනක් ( 1942, 1943, 1944) පමණක් තරගය සෙනසුරාදා දිනයේදී පැවති  බව ඉතිහාසයේ සදහන් වෙයි.  මේ වන විට "Melbourne Cup" තුරග තරගය පැවැත්වෙන අගහරුවාදා  දිනය වික්ටෝරියානු ප්‍රාන්තයට නිවාඩු දිනයක් වන අතර 1877 වසරේදී මෙම සුවිශේෂී දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

 

Bart Cummings,  "Melbourne Cup"  වැඩිම වාර  ගණනක් ජයග්‍රහණය කර ඇති පුහුණු කරු වන අතර, ඔහු 12 වතාවක් මෙම සුපිරි තුරග තරගය ජයගන්නට සමත් වී තිබේ. Makybe Diva වැඩිම වාර  ගණනක්  "Melbourne Cup" ජයගත් අශ්වයා වන අතර තුන් වතාවක් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගන්නට Makybe Diva සමත් වී තිබේ. අසරුවන් අතරින් වැඩිම වර ගණනක් "Melbourne Cup" ජයගෙන ඇත්තේ Bobby Lewis සහ Harry White වන අතර ඔවුන් දෙදෙනාම සිව් වතාව බැගින් මෙම සුපිරි තුරග තරගයේ ජය හිමි කරගන්නට සමත් වී තිබේ.

 

Prince Of Penzance පසුගිය වසරේ (2015) "Melbourne Cup" ජයග්‍රහණය කල තුරගා  බවට අතර එම ජයග්‍රහණය සදහා දායක වූ Michelle Payne  "Melbourne Cup" ජයග්‍රහණය කල පළමු කාන්තා අශ්වාරෝහකයා (Jockey ) බවට පත් විය.

2016 "Melbourne Cup" තුරග තරගය

"Melbourne Cup" තුරග තරගයට පෙර පැවැත්වෙන පාගමන (Melbourne Cup Parade )  අද (31දා ) මෙල්බර්න් නුවරදී පැවැත්වෙන අතර, මිට පෙර මෙම තරගය ජයගත් අසරුවන්, පුහුණුකරුවන් සහ මෙවර තරගයට ඉදිරිපත් වන සුපිරි අසරුවන් සහ පුහුණුකරුවන් අද පැවැත්වෙන "Melbourne Cup" පා ගමන සදහා සහභාගී වීමට නියමිතයි.

 

මෙවර  "Melbourne Cup" ජයග්‍රාහකයා හට හිමිවන කුසලානය කැරට් 18 රනින් නිමවා ඇති අතර එහි වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් 175,000ක් බව සදහන්. මෙවර "Melbourne Cup" තුරග තරගය නැරඹිමට 100,000 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් Flemington තුරග තරග පිටියට පැමිණෙනු ඇතැයි  සංවිධායකයින් අපේක්ෂා කරන අතර රටවල් 160කට අධික ප්‍රේක්ෂකයින් මිලියන 700කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තරගය රුපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ  නරඹන බව සදහන්.

HARTNELL,  JAMEKA, Oceanographer, Almandin, Bondi Beach සහ  Big Orange 2016 "Melbourne Cup" තුරග තරගයට ඉදිරිපත්වන තුරගුන් 24 දෙනා  අතරින් පෙරමුණේ සිටින තුරගුන් ලෙස  හැදින්විය හැකියි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now