ඕස්ට්‍රේලියාව තුල ඌෂ්ණාධික කාලගුණික තත්වයන් පවතින කාලයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව නවතම කාලගුණික වාර්තාවක් පේනවා දී තිබේ. තවද එම සිද්ධීන් පෙරට වඩා වැඩියෙන් වාර්තා වන බවද එම ඌෂ්ණාධික කාලගුණය ආශ්‍රිත සිද්ධීන් වල දරුණු බව පෙරට වැඩ වැඩි බවද මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

image: Annual mean temperature changes across Australia since 1910 (Supplied: Bureau of Meteorology)
ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය සහ CSIRO ආයතනය එක්ව සකස් කල "State of the Climate report 2016 " නම් වාර්තාවට අනුව මෙම කරුණු හෙළි වී තබේ. තවද නිරිත දිග ඕස්ට්‍රේලියානු කලාපයට මැයි - ජුලි වකවානුව තුල ලැබෙන වැසි, 1970 සිට මේ දක්වා දත්ත විශ්ලේෂණය කිරීමේදී 19%කින් අඩු වී ඇති බවද මෙම වාර්තාව පෙන්වා දී තිබේ. 1970 වසරේ සිට මේ දක්වා ඌෂ්ණාධික කාලගුණය හේතුවෙන් වාර්තාවන ගිනි ගැනීමේ සිද්ධීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන බවද, වැඩි ප්‍රදේශ ප්‍රමාණයක එවැනි සිද්ධීන් වාර්තා වන බවද මෙම වාර්තාව සදහන් කරයි. තවද 1910 වසරට සාපේක්ෂව ඕස්ට්‍රේලියාව තුල වායු ඌෂ්ණත්වය සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය අංශක එකකින් වැඩි වී ඇති බව මෙම වාර්තාව පේනවා දෙන තවත් ඉතා වැදගත් කාරණයක්. අංශක එකකින් මේ අයුරින් උෂ්ණත්වය වැඩි වීම එතරම් කලබල වීමට කාරණයක් නොවන ලෙස කෙනෙකු සිතුවත් ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයේ ආචාර්ය Karl Braganza පවසන්නේ එය දැඩි අවධානයට යොමු කල යුතු විශේෂ කාරණයක් බවයි. දහවල් කාලයේ සිට රාත්‍රිය උදා වන විට උෂ්ණත්වය වෙනස්වීම එතරම් සැලකිල්ලට ගත යුතු කරුණක් නොවුනත්, මේ අයුරින් සමස්ත ඕස්ට්‍රේලියානු දේශගුණය තුල වෙනස් කමක් සිදුවීම ඉතා වැදගත් සහ අවධානය යොමුකළයුතු කරුණක් බව ඔහු වැඩි දුරටත් පවසයි.

Image :Global surface temperature anomalies of the Earth (land and ocean) for 1950–2015. (Supplied: Bureau of Meteorology)
19 වන සියවස සමග සංසන්ධනය කිරීමේදී ලොව පුරා මුහුදු මට්ටම සෙන්ටිමීටර 20කින් ඉහල ගොස් ඇති බව සදහන්. සාගරය උණුසුම් වීම සහ අයිස් දියවීම යන කාරණා හේතුවෙන් මෙලෙස මුහුදු මට්ටම ඉහල ගොස් ඇති බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම අයිස් දියවීම මෙම මුහුදු මට්ටම ඉහල යාමට ප්‍රධාන හේතුවක් බව විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. CSIRO ආයතනයේ ආචාර්ය Steve Rintoul පවසන් ආකාරයට Greenland ප්‍රදේශයේ අයිස් දියවුවහොත් ලොව මුහුදු මට්ටම මීටර 7කින් ඉහල යනු ඇතිබව සදහන්.
මෙම උෂ්ණත්වය වැඩි වීමේ සහ මුහුදු මට්ටම ඉහල යාමේ ප්‍රවනතාවය මිට පෙර 2014 වාර්තාව තුලද දක්නට ලැබුණු බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයේ ආචාර්ය Karl Braganza පවසයි. මෙම තත්වය හමුවේ Fossil ඉන්ධන භාවිතය අවම කොට කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් සිදුවන පරිසර දුෂණය අවම කිරීමට කාර්යක්ෂමව කටයුතු කලයුතු බව ඔහු වැඩි දුරටත් පවසයි.

