ළමා අපහරණ සිද්ධීන් සගවා සිටීම පිළිබද සෘජු තීරණයක් ගනිමින් පාප් වහන්සේ විසින් ඇඩිලේඩ් අගරදගුරු Philip Wilson එම ධුරයෙන් ඉවත් කල යුතු බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි. 67 හැවිරිදි ඇඩිලේඩ් අගරදගුරු Philip Wilson හට ළමා අපහරණ සිද්ධීන් සගවා තැබීම නිසා මාස 12ක සිර දඩුවමක් නියම වී ඇති අතර, ඒ සදහා ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
දේවස්ථානයේ කටයුතු වලට දායකත්වය ලබාදුන් පිරිමි දරුවන් දෙදෙනෙකු අපහරණයට ලක්වීමේ සිද්ධියක් පොලිසියට වාර්තා කිරීමට අපොහොසත් වීම නිසා අගරදගුරු Philip Wilson හට මෙම සිර දඩුවම හිමි වී තිබේ. කෙසේ වෙතත් මෙම දඩුවම් කාලය තුල ඔහු නිවාස අඩස්සියේ තැබීමට මේ වන විට සලකා බැලෙන අතර අගෝස්තු 14 දා මෙම කාරණය නැවත අධිකරණයේදී විමසා බැලීමට නියමිත බව සදහන්.

