ඕස්ට්‍රේලියාවේ regional වීසා ලාබීන් නියමිත කලට කලින් ආපසු එන නිසා විසා නීති වෙනස් කිරීමේ සුදානමක් (SBS සිංහල /වාර්තා)

visa

Source: SBS

ඕස්ට්‍රේලියාවේ regional වීසා ලබා පැමිණෙන සංක්‍රමනිකයන්ගෙන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුම මාස 18 කින් පසුව නගර කරා ආදී යන බවට වාර්තා වෙනවා .

මේ පිලිබදව මෑතකදී සෙනට් සභාවේදී ද සාකච්චාවට බඳුන් වුනා. ඒ නිසාම Turnbull රජය බලාපොරොත්තු වන්නේ කලාපිය අනුග්‍රාහක වීසා නීති වෙනස්කරමින් එම ප්‍රදේශ වලම සං ක්‍රමනිකයන් රඳවා තබා ගනීමටයි .

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන Continuous Survey of Australian Migrants (CSAM) නම් සමීක්ෂණයට අනුව කුසලතා සහිත regional වීසා ලාබීන් 6%ක් එම ප්‍රදේශ වල රැඳෙන බවත්, 10%කම මාස 18ක් තුල නගර කරා යන බවත් හෙළි වුනා

වසර 2016-2017 කාලයේ ඔස්ට්‍රේලියාවට regional වීසා ලාබීන් 4766ක් පැමිණුනා අතර නමුත් ඉන් අඩක්ම පර්ත් නුවර පදිංචි වුවන්. රජය පසුගිය නොවැම්බර් පර්ත් නුවර regional නොවන බවට ප්‍රකාශ කලා

තවමත්, ඩාවින්, ඇඩිලේඩ් , හොබාට් හා කැන්බරා ද ප්‍රාදේශය ලෙස සැලකේ

වීසා කාණ්ඩ 887  Skilled Regional හා 187 Regional Sponsored Migration යනාදී විවිද ප්‍රාදේශීය වීසා කාණ්ඩ තිබේ. ජනතාවට නිදහසේ පදිංචිය වෙනස් කිරීමේ නිදහසට බාධා නොවන අයුරින් මිනිසුන් එම ප්‍රදේශ වල රදවා තබා ගැනීමට රජය වෑයම් කරයි

පසුගියදා national පක්ෂයේ David Gillespie ප්‍රකාශ කලේ එම ප්‍රදේශ වල ව්‍යාපාරද මෙම තත්වය නිසා අසීරුතාවට පත්ව ඇති බව. ඔහු ප්‍රකාශ කරන්නේ ප්‍රාදේශීය පෙදෙස් වලට පැමිණෙන වෙයිද්‍ය වරු වසර 10ක් ඔවුන්ගේ medicare billing ක්‍රමය එම ප්‍රදේශ වල පවත්වා ගෙන යන බවයි

පසුගිය සතියේ හෙළි වූ ආකාරයට ගෙවී ගිය මුල්‍ය වර්ෂයේ ස්ථිර හා පවුල් වීසා සංක්‍රමනිකයන් අඩුම අගය වාර්තා වූ නිසා එය regional ප්‍රදේශ වලටත් දැඩි ලෙස බලපානු ඇති බවට Australian Chamber of Commerce and Industry හි James Pearson පවසයි.

***********************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now