ඕස්ට්‍රේලියානු පෞද්ගලික Health Insurance සඳහා වර්ගීකරනයක් : ratings අනුව ඔබට සුදුසු රක්ෂණය තෝරාගන්නේ මෙහෙමයි (SBS සිංහල /වාර්තා)

hunt

Minister Greg Hunt Source: AAP

ඕස්ට්‍රේලියානු වෙළඳ පොලේ ඇති විවිධ රක්ෂණාවරණ වල ඇති විවිධ අංග එක කොට ඒවා වර්ගීකරණයක් ලබන අප්‍රේල් මස දී හඳුන්වා දීමට නියමිතයි.

මධ්‍යම රජය විසින් එම රක්ෂ්නාවරණ -Gold , Silver හා Bronze යනුවෙන් වර්ගීකරණයක් හඳුන්වා තිබේ.

ඕස්ට්‍රේලියානුවන් අතර පෞද්ගලික රක්ෂනාවරන 70,000ක් පමණ ඇති බවට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මෙම නව ක්‍රමය පිලිබඳ දහස් දක්වමින් කියා සිටියේ මෙමගින් පාරිභෝගිකයන්ට ආවරණ පිළිබද වැඩි තොරතුරු ලබා ගත හැකි බවත්, තමාට අවශ්‍ය අවම සේවාවන් මොනවාදැයි තීරණය කල හැකි බවයි.

මෙමගින් දැනට ඇති ආවරණ වලට කිසිදු වෙනසක් නොවන බවත් මිල ගණන් එසේම පවතින බවත්, පද්ධතිය වඩා සරල වීමක් සිදු වන බවද ඔහු පවසයි.

එසේම අලුතින් පියයුරු පිළිකා හා ඩිම්බ කෝෂ පිළිකා සදහා ප්‍රතිකාර ද පෞද්ගලික රක්ෂණ වලට එක් කිරීමට නියමිතයි

මේ පිළිබද අදහස් දක්වන විපක්ෂයේ සෞඛ්ය් පිළිබද චායා අමාත්‍ය Catherine King මෙම තීරණය පැසසුමට ලක් කොට තිබේ. මෙය තොරතුරු ලබාගැනීමට පහසු කිරීමක් වුවත් අඩු ගාස්තු සහිත එතරම නොවැදගත් පහසුකම් ඇති ආවරන නතර කිරීමට අවශ්‍ය බවද ඇය පවසයි

එසේම ඇය පවසන්නේ කම්කරු රජයක් යටතේ එවන් සූලු ආවරණ රජයේ රෝහල් වල ප්‍රතිකාර පමණක් ආවරණය කරයි නම් ඒවාට private health insurance rebate සහනයද ඉවත් කරන බවයි. විශේෂයෙන්ම බදු සහන බලාපොරොත්තුවෙන් පමණක් එවන් ආවරණ ලබා ගැනීම වැළක්විය යුතු බව ඇය පවසයි

Private Healthcare Australia සංවිධානයද මෙම නව අදහස  පිළිගන්න අතර ඒ පිළිබද වැඩි තොරතුරු ලබන වසර මුලදී ජනතාවට ලබා දෙන බව ඔවුන් පවසා තිබේ.


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now