SKIP TO MAIN CONTENT

චන්දි, හතුරු සහ ගුරා ට ICC යෙන් තවත් තහංචියක්

Dinesh Chandimal_Chandika Hathurusinha_Asanka Gurusinha
Chandimal_Chandika Hathurusinha_Asanka Gurusinha Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමණාකරු අසංක ගුරුසිංහ යන අයවලුන් සඳහා තහංචි ලකුණු 8 බැගින් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරඟ මාලාවේ දී නායක චන්දිමාල්ට පන්දුව පලුදු කිරීමේ චෝදනාව එල්ලවුණු අවස්ථාවේදී ක්‍රීඩාවේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කරමින් කණ්ඩායම ක්‍රීඩා පිටියෙන් ඉවත්කරලීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්දයෙන් පැවති විමර්ශනයේ තීන්දුව ලෙසින් ICC ය විසින් මෙය ප්‍රකාශයට පත්කොට ඇත.

මෙම තහංචි ලකුණු 8 හේතුවෙන් චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ හට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සහ පළමු එක්දින හතර තහනම් වේ. ඒ අනුව කොළඹ එස්. එස්.සී පිටියේදී ලබන සිකුරාදා (ජුලි 20) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම දඹුල්ලේදී පැවැත්වෙන එක්දින තරග දෙක සහ පල්ලෙකැළේදී පැවැත්වෙන එක්දින තරග දෙක මේ තිදෙනාටම තහනම් වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now