ලොව සෞඛ්‍යය සම්පන්නතම නගර 10 අතරට එක්වන්නට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට සහ පර්ත් නුවරට හැකි වී තිබේ. යුරෝපීය රටවල නගර හැරුණු කොට ලොව සෞඛ්‍යය සම්පන්නතම නගර 10 අතරට එක් වන්නට හැකියාව ලැබී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ නගර දෙකකට පමණක් වීමද මෙහි විශේෂත්වයක්.
අන්තර්ජාලය ඔස්සේ නිවාස කුලියට ලබාගත හැකි Spotahome වෙබ් අඩවිය මගින් මෙම වර්ගීකරණය සිදු කර ඇති අතර, වසරක් තුලදී අදාල නගර වලට හිරු එළිය ලැබෙන පැය ගණන, ආයු අපේක්ෂිත කාලය, රැකියාව සහ පුද්ගලික ජීවිතය අතර සමබර තාවය පවත්වා ගැනීම, වායු සහ ජල පිරිසිදු බව ආදී කාරණා මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සදහන්.
මෙම වර්ගීකරණයේ ප්‍රථම ස්ථානය නෙදර්ලන්තයේ Amsterdam නගරයට හිමිව ඇති අතර, ඇඩිලේඩ් නුවරට 8 වැනි තැනත් පර්ත් නුවරට 10 වැනි තැනත් හිමිව තිබේ.
මෙම වර්ගීකරණයේ මෙල්බර්න් නුවරට 29 වැනි ස්ථානය හිමිව ඇති අතර, සිඩ්නි නුවරට හිමිව ඇත්තේ 48 වැනි ස්ථානයයි.

ලොව සෞඛ්‍යය සම්පන්නතම නගර
1. Amsterdam, Netherlands
2. Oslo, Norway
3. Munich, Germany
4. Rotterdam, Netherlands
5. Berlin, Germany
6. Tallinn, Estonia
7. Vienna, Austria
8. Adelaide, Australia
9. Helsinki, Finland
10. Perth, Australia
11. Brisbane, Australia
14. Canberra, Australia
29. Melbourne, Australia
48. Sydney, Australia
මුලාශ්‍රය: Spotahome Healthiest Cities Index
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

