Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියානු ප්‍රාන්තයේ Face Mask වෙනුවට පළඳින Face shield, Bandana සහ Scarf මේ සති අන්තයේ සිට තහනම් (SBS සිංහල/ වාර්තා)

Wearing a face shields, bandanas or scarves, which until now have been permitted as face covering, are no longer acceptable in Victoria.

Wearing a face shields, bandanas or scarves, which until now have been permitted as face covering, are no longer acceptable in Victoria. Source: Facebook, Pixabay

වික්ටෝරියානු ප්‍රාන්තයේ Face Mask හෙවත් මුව ආවරණ වෙනුවට පළඳින Face shield, Bandana සහ Scarf යන දෑ මේ සති අන්තයේ සිට තහනම් කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩ මුදල් පනවන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

توصیه داکتران ویکوریا برای پوشیدن ماسک
Source: Getty

Face shield, Bandana සහ Scarf තහනම්

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ Face shield, Bandana සහ Scarf පැළඳීම ඔක්තෝබර් 11 වන දින රාත්‍රී 11:59 සිට තහනම් කර තිබේ.

Face Mask වෙනුවට බොහෝ පිරිසක් මෙම Face shield, Bandana සහ Scarf පැළඳීමට පුරුදු වී සිටින අයුරු වික්ටෝරියානු ප්‍රාන්තය තුල දැකගන්නට ලැබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පසුගිය සැප්තැම්බර් 27 වන දින මෙම Face shield, Bandana සහ Scarf පැළඳීම වික්ටෝරියානු ප්‍රාන්තය තුළ තහනම් කරන බවට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

සැප්තැම්බර් 27 සිට සති දෙකක සහන කාලයක් Face shield, Bandana හෝ Scarf පළඳින පුද්ගලයින්ට ලබා දෙන බවත් ඉන් අනතුරුව ඒවා තහනම් කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

Il Premier del Victoria Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

නීතිය නොපිළිපැද්දොත් දඩ

ඔක්තෝබර් 12 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ යම් අයෙකු Face shield, Bandana හෝ Scarf පැළඳ සිට හසු වුවහොත් අදාළ පුද්ගලයාට ඩොලර් 200 ක දඩයක් පනවන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සාමාන්‍ය මුව ආවරණයක් නොමැතිව හසු වූ විට ද ඩොලර් 200 ක දඩයක් පනවනු ලබයි.

මෙය අතිශය බරපතල ලෙස සැලකිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (09/10) පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

Face Mask එකකින් හෙවත් මුව ආවරණයකින් සිදු කෙරෙන්නේ කොරෝනා වයිරසය පාලනය කිරීමකි.

ඒ සඳහා පුද්ගලයාගේ මුඛය සහ නාසය මනාව වැසී තිබිය යුතු අතර එම මුව ආවරණය හොඳින් මුහුණට සවිවී තිබිය යුතුය.

ඒ හරහා පුද්ගලයෙකු ගේ මුවින් පිටවන කෙළ බිඳිති සහ නාසයෙන් පිටවන සුසුම් මෙන්ම යම් බිඳිති අනෙක් පුද්ගලයා වෙත යාම වළකයි.

නමුත් Face shield, Bandana හෝ Scarf වලින් එම ක්‍රියාව සාර්ථකව ඉටු නොකරන බව සෞඛ්‍ය අංශ පවසන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.

how to where a mask
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now