SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ අඩු සහ මාධ්‍ය ආදායම් ලබන පුද්ගලයින් සඳහා ලබාදීමට යෝජනා කල බදු සහන පැකේජයට පාර්ලිමේන්තුවේදී මොකද උනේ?

Australian Treasurer Scott Morrison in the House of Representatives at Parliament House in Canberra
Australian Treasurer Scott Morrison in the House of Representatives at Parliament House in Canberra Source: AAP Image/Lukas Coch

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

රජය විසින් මෙවර අයවැයෙන් ගෙන ආ අඩු සහ මාධ්‍ය ආදායම් ලබන පුද්ගලයින් සඳහා ලබාදීමට යෝජනා කොට සිටි බදු සහන පැකේජය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් 90,000 දක්වා වැටුප් ලබන පුද්ගලයින් හට වසරකට ඩොලර් 530 ක බදු සහනයක් ලැබේ. මෙය සම්මත කරලීමට විපක්ෂයේද සහයෝගය ලැබිණ. එහෙත් වසර 2022 සිට 2024 දක්වා කාලය තුලදී ලබාදීමට අපේක්ෂිත යෝජිත බදු සහන පැකේජය පිළිබඳව රජය මිට වැඩ පාරදෘශ්‍ය භාවයෙන් කටයුතු කලයුතු බව විපක්ෂය පවසයි. වසර 2022 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම බදු පැකේජය මඟින් වාසි සැලසෙනුයේ වැඩි ආදායම් ලබන පුද්ගලයිනට බව විපක්ෂයේ අදහසයි.

මේ පිළිබඳව අදහස් දක්වන අගමැති මැල්කම් ට්ර්න්බුල් පවසනුයේ මේ අයුරින්ම රජයේ නව සමාගම් බදු කප්පාදු පකෙජයද පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අවශ්‍ය චන්ද සංක්‍යාව ස්වාධින සෙනෙට් මන්ත්‍රීන්ගෙන් හිමිවෙනු ඇති බව තාමාට විශ්වාස බවයි.

එහෙත් මෙම සමාගම් බදු කප්පාදු පැකේජයට විපක්ෂය දැනටමත් විරෝධය පළකර තිබේ. මෙරට වැඩි ආදායම් ලබන සමාගම් සඳහා තවදුරත් බදු සහන අනවශ්‍ය බව විපක්ෂයේ අදහස වී තිබේ. අගමැති ටර්න්බුල් මෙය හකුලා ගැනීමට ක්‍රියා නොකළහොත් මීළඟ මහ මැතිවරණයේදී මෙය කප්පාදු කිරීම කම්කරු පක්ෂයේ චන්ද පොරොන්දුවක් බවට පත්කරගන්න බව විපක්ෂයේ භාණ්ඩාගාරික කටයුතු පිලිබඳ ප්‍රකාශක, මන්ත්‍රී ක්‍රිස් බෝවෙන් පවසයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now