Key Points
- පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ මවුවරුන්ට ඇතිවන මානසික පීඩාකාරී තත්වයට වඩා දිගු කාලයක් පවතින අතර වඩාත් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
- සෑම නව මව්වරුන් 5 දෙනෙකුගෙන් 1 අයෙකු සහ නව පියවරුන් 10 දෙනෙකුගෙන් 1 අයෙකු පශ්චාත් ප්‍රසව විෂාදය හේතුවෙන් පීඩාවට පත් වේ.
- ප්‍රතිකාර ලෙස මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර හෝ විශාදය සඳහා ලබාදෙන ඖෂධ ඇතුළත් විය හැකි අතර, නව දෙමාපියන්ට නැවත යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය උපකාර ලබා ගැනීමට පවුලේ සමීපතමයන්ට උපකාර කළ හැක.
බොහොමයක් මවුවරුන්ට දරු ප්‍රසූතියෙන් දිනකිහිපයක් යනතුරු විවිද මානසික පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මේවා සාමාන්‍යයෙන් හෝමෝන වෙනස්වීම් නිසා ඇති වන අප්‍රසන්න හැඟීම් වන අතර මෙහිදී කාංසාව, දුක්බර ස්වභාවයක් සහ නිදාගැනීමේ අපහසුතා වැනි තත්වයන් ඇතිවිය හැක. මෙවැනි පීඩාකාරී හැඟීම් ඇතිවීම අභියෝගාත්මක වුවද, මෙම හැඟීම් සාමාන්‍යයෙන් වෛද්‍ය ප්‍රතිකාර වල අවශ්‍යතාවයකින් තොරව ඉක්මනින් පහව යයි. කෙසේ වෙතත්, ඔබේ රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම් හෝ ඔබට ඔබගේ සහ ඔබේ අලුත උපන් බිළිඳාගේ කටයුතු කිරීමට ඇති හැකියාවට මෙම තත්වය බාධා කරන්නේ නම්, ඔබ පශ්චාත් ප්‍රසව මානසික ආතති තත්වය අත්විඳිනවා විය හැකිය.
මෙම ආතති තත්වය ගැබිණි කාලයේ සහ දරු ප්‍රසූතියෙන් පසුව යන අවස්ථා දෙකේදීම ඇතිවීමේ හැකියාවක් පවතින බව සායනික මනෝ විද්‍යාඥවරියක් සහ Perinatal Anxiety & Depression Australia (PANDA) හි ප්‍රධාන විධායක නිලධාරි Julie Borninkhof පවසා සිටිනවා. කෙසේ උවත් වෙනත් ඕනෑම කෙනෙක් අත්විඳින මානසික අවපීඩන තත්වය එනම් depression තත්වයට මෙම පශ්චාත් ප්‍රසව මානසික ආතති තත්වයේ රෝගලක්ෂණ සමාන බව ඇය පෙන්වා දේ. විශේෂයෙන්ම නිදා ගැනීමේ අපහසු තාවය, ආහාර අරුචිය මෙන්ම සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ඈත්වී නිද්‍රාශීලීව කාලය ගතකිරීමට පෙළඹීම වැනි depression තත්වයට සමාන රෝග ලක්‍ෂණ ඇතිවන බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

එසේම මින්පෙර depression තත්වයක් අත්විඳ ඇති අය දරු ප්‍රසූතියෙන් පසුව මානසික පීඩන තත්වය අත්විඳීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඇය පෙන්වා දෙනවා. Depression තත්වයෙන් පීඩා වින්ද ඇති පවුලේ අය සිටීනම් ජානමය වශයෙන් එම තත්වය ඔබට ඇතිවීමේ හැකියාවක්ද පවතී. තවද ජීවිත කාලය තුල විවිද ඛේදවාචක වලට මුහුණ දී ඇති පිරිස්ද මෙම පශ්චාත් ප්‍රසව මානසික ආතති තත්වයේ බලපෑමට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඇය පවසා සිටී.
තුන් හැවිරිදි අසායිගේ මව වන සාරා බාරිට, දරුප්‍රසූතිය සඳහා සූදානම්වෙමින් සිටි කාලය ඉතා උද්යෝගිමත් කාලයක් වී තිබුනද දරු ප්‍රසූතියත් සමග එම හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගෙන තිබිණ. දරුවා ලැබීමත් සමග ඉතා බියජනක හැඟීම්ක් තමන්ට ඇතිවූ බවත් ඉදිරියේදී ඇතිවිය හැකි අභියෝගාත්මක තත්වයන් සම්බන්දව සාමාන්‍ය ආතති තත්වයකින් ඔබ්බට ගිය දැඩි මානසික පීඩනයක් දැනුනු බවත් ඇය පවසා සිටියාය. ඇය දරුවා ලැබීමෙන් පසු බොහෝ විට එනම් දිනයේ 70%ක් පමණ කාලයක් හඬමින් කාලය ගතකල අතර දරුවා රැකබලාගැනීම පිලිබඳ නිරන්තර බියක් ඇය තුල තිබූ බවත් ඇය පවසා සිටියාය.
මේ සම්බන්දව තම පවුලේ වෛද්‍ය වරයා හමුවීමෙන් පසුව ඇයට පශ්චාත් ප්‍රසව මානසික ආතති තත්වය ඇතිවී ඇති බවට තහවුරු කර ඇත.
සාරා බංග්ලාදේශයේ උපත ලබා ඇති අතර පසුගිය වසර 20 තුළ ඕස්ට්‍රේලියාවේ ජීවත් වූවාය. ඇයට ඇතිවූ මෙම තත්වයේදී උපකාර පැතීමට ඇයව දිරිමත් කළේ ඇගේ පියා බවත්, ඇය මුහුණ දෙන මෙම තත්වය පිළිබඳව දෙමාපියන් දෙදෙනාම අවබෝධයෙන් සිටි බවත් ඇය පවසයි.

කෙසේ උවත් ඕස්ට්‍රේලියාව තුල දරු ප්‍රසූතියේදී හටගන්නා මෙම මානසික ආතති තත්වය සම්බන්දයෙන් උපකාර ලබා ගැනීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බවද ඇය පවසා සිටී. මෙය සියලු ජනවර්ග අතර පොදු තත්වයක් බවද ඇය පෙන්වා දේ. තමා සේවය කල ආයතනය තුල බොහෝ දෙනා මෙවැනි තත්වයක් සම්බන්දයෙන් කතා කිරීමට පවා සූදානම් නොමැති ස්වභාවයක් තමන් අත්විඳි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
මෙම තත්වය කාන්තාවන්ට පමණක් ඇතිවන තත්වයක් බවට පවතින මතය පශ්චාත් ප්‍රසව ආතති තත්වය සම්බන්දයෙන් පවතින විශාලතම දුර්මතයක් බව Jakqui Barnfield පවසා සිටී. Mensline සේවාව හරහා පිරිමින් සඳහාද විශේෂයෙන් උපදේශන සපයන Lifeline ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන ඇය තම ස්වාමිපුරුෂයාද මෙම තත්වය අත්විඳුණු දැක ඇති බව පවසා සිටියාය. දරු ප්‍රසූතියකදී ඇතිවන මෙම මානසික පීඩන තත්වය මව හෝ පියාට යන දෙපාර්ශවයටම ඇතිවීමේ හැකියාව සහ එක් එක් පුද්ගලයා අනුව මෙම තත්වය අත්විඳින ආකාරය වෙනස්වන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම තත්වය කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර අඩු බවත් සෑම පිරිමින් දස දෙනෙකුගෙන් එක අයකු මෙම තත්වය අත්විඳින බවත් වෛද්‍ය Jakqui Barnfield පවසා සිටී. කෙසේ උවත් මෙම තත්වය ඇතිවීමට බලපාන සාධක කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු බවද ඇය පවසා සිටී.
තවද සමාජය විසින් බලාපොරොත්තුවන පරමාදර්ශීය පියකුගේ භූමිකාව ඉටුකිරීමට යාම හරහා පුරුෂ පාර්ශවයට එය අමතර පීඩනයක් ගෙන දෙන බව ඇය පෙන්වා දේ.
මෙහිදී මව හෝ පියා යන කුමන පාර්ශවය මෙම තත්වයට මුහුණ දුන්නද දෙදෙනා අතර මේ සම්බන්දයෙන් සංවාදයක් ඇතිවීම ඉතා වැදගත් බව වෛද්‍ය Jakqui Barnfield පවසා සිටී. කෙසේ උවත් මෙවැනි තත්වයකදී තම බිරිඳට සහාය වීමට අවශ්‍ය උපදෙස් පියවරුන් වේට ලබාදීමට කටයුතු කරන බවද ඇය පවසා සිටියාය. මෙහිදී විශේෂයෙන්ම එකිනෙකාට ඇතිවන හැඟීම් නිරන්තරයෙන් බෙදාහදා ගැනීම ඉතාම වැදගත් බව ඇය පවසා සිටී.
මෙම පශ්චාත් ප්‍රසව ආතති තත්වය සඳහා ප්‍රතිකාර ඇති අතර ඔබගේ වෛද්‍යවරයා අදාළ ප්‍රතිකාර නියම කරනු ලබයි. මෙහිදී මෙම තත්වය තාවකාලික තත්වයක් බවත් ප්‍රතිකාර හරහා සුවය ලැබීමේ හැකියාව ඇතිබවත් විශ්වාස කිරීම අවශ්‍ය බව සාරා පවසා සිටිනවා.

විශාදය සඳහා ලබාදෙන ඖෂද තමන්ට ලබාදුන් බව ඇය පවසා සිටී. මෙහිදී එම ඖෂද ලබාගැනීමත් සමග ඉතා ඉක්මනින් ඇයගේ තත්වය හොඳ අතට හැරුණු බවත් දරුවා වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමට උද්යෝගිමත් හැඟීමක් තමන්ට ඇතිවූ බවත් ඇය පවසා සිටියාය.
දරු ප්‍රසූතියකදී සෑම දිනකම පාහේ තම මානසික සෞඛ්‍ය පිලිබඳ අවධානය යොමුකිරීමේ ඇති වැදගත්කම සාරා මෙහිදී අවධාරණය කර සිටී. Perinatal Anxiety & Depression Australia (PANDA) හි ප්‍රධාන විධායක නිලධාරි Julie Borninkhof තම මානසික සෞඛ්‍ය පිලිබඳ අවධානය යොමුකිරීමේ ඇති වැදගත්කම අවධාරණය සිටී. මෙහිදී දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්දයෙන්ද තත්වයන්ට මුහුණදීමට පෙරසූදානමක් තිබීමේ වැදගත් කම ඇය අවධාරණය කර සිටී. ඔබ මින්පෙර දරුවන් ප්‍රසූත කර තිබුනද මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම පවතින අතර ඒ සඳහා හොඳ සූදානමක් තිබීම අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දේ.
උපකාර ලබාගැනීම සඳහා පහත සේවා සමග සම්බන්ද වන්න:
- කාංසාව සහ පශ්චාත් ප්‍රසූත මානසික අවපීඩනය සඳහා උපකාර ලබාගැනීමට,1300 726 306 ඇමතීම හෝ panda.org.au වෙත පිවිසෙන්න.
- 24/7 පුරා මානසික සෞඛ්‍ය සහය සඳහා, 1300 224 636 ඔස්සේ Beyond Blue අමතන්න, නැතහොත් beyondblue.org.au වෙත පිවිසෙන්න.
- සියලුම මානසික ගැටළු සඳහා 24/7 සේවා ලබාදෙන Lifeline 13 11 14 අංකය හරහා අමතන්න.
- ඔබේ භාෂාවෙන් සහාය ලබාගැනීමට, සංස්කෘතිකව සහ භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වලින් පුද්ගලයන්ට සහාය දක්වන Multicultural Mental Health වෙත පිවිසෙන්න.








