ලොවක් රැක ගන්න කොවිඩ් එන්නත් නිපදවීමට මූලික දැනුම සොයා ගත් විද්‍යාඥයෝ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබති.

Drew Weissman and Katalin Karikó sitting down on chairs

Drew Weissman and Katalin Karikó have won a Nobel Prize for their contributions to RNA biology and the development of COVID-19 vaccines. Source: Getty / Stephen J. Boitano/LightRocket

mRNA COVID-19 එන්නත් නිපදවීම දායක වූ විද්‍යාඥයින් දෙපලකට නොබෙල් ත්‍යාගය හිමිව තිබේ. Katalin Karikó සහ Drew Weissman යන මෙමවිද්‍යාඥයින්ගේ සොයාගැනීම් mRNA COVID-19 එන්නත් නිපදවීමට බෙහෙවින් උපකාර වී තිබේ.


mRNA COVID-19 එන්නත් නිපදවීමට හැකි වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු කරන ලද්දේ හංගේරියාවේ Katalin Karikó සහ ඇමරිකා එක්සත් ජනපදයේ Drew Weissman යන විද්‍යාඥයින් දෙපළ විසිනි.
2023 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය මෙම විද්‍යාඥයින් දෙදෙනා විසින් දිනා ගත් බව නොබෙල් ත්‍යාග ප්‍රදානය කරන ආයතනය විසින් ප්‍රකාශ කොට තිබේ.

විද්‍යාත්මක ලෝකයේ වඩාත්ම කීර්තිමත් ත්‍යාගය වන මෙම නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ නොබෙල් සභාව විසින් තෝරා ගනු ලබන අතර එම ත්‍යාග මුදල ස්වීඩන් ක්‍රෝනා මිලියන 11 ක් එනම් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක් පමණ වේ.

2023 වසර සඳහා කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය Katalin Karikó සහ Drew Weissman හට ප්‍රදානය කර තිබෙන්නේ COVID-19 ට එරෙහිව ඵලදායි mRNA එන්නත් නිපදවීමට හැකි වූ නියුක්ලියෝසයිඩ වල පදනම වෙනස් කිරීම පිළිබඳ ඔවුන්ගේ සොයාගැනීම් වෙනුවෙනි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese



SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala



SBS Audio App: App Store 


වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


———————————————————————————

Karikó 2022 දක්වා BioNTech ආයතනයේ RNA ප්‍රෝටීන් ප්‍රතිස්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධානියා වූ අතර එතැන් සිට එම සමාගමේ උපදේශකවරියක ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම ඇය හංගේරියාවේ Szeged විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන අතර පෙන්සිල්වේනියා Pennsylvania විශ්වවිද්‍යාලයේ පෙරල්මන් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ මහාචාර්යවරියක් ද වේ.

වයිස්මන් යනු පෙරල්මන් වෛද්‍ය විද්‍යාලයේ එන්නත් පර්යේෂණ පිළිබඳ මහාචාර්යවරයෙකි.

මෙම විද්‍යාඥයින් විසින් සිදුකළ විශිෂ්ට සොයා ගැනීම


විද්‍යාගාරවල සාදන ලද mRNA වලට එරෙහිව මිනිස් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රදාහක ප්‍රතිචාරයක් ඇති කිරීම , මීට පෙර mRNA හි ඕනෑම චිකිත්සක භාවිතයකට එරෙහිව ප්‍රධාන බාධාවක්ව පැවතුනා. නමුත් Kariko විසින් එම ප්‍රතික්‍රියාව වැළක්වීමට ක්‍රමයක් සොයා ගනු ලැබීය.

නියුක්ලියෝසයිඩ් වලට වෙනස්කම් සිදු කිරීමෙන් , mRNA සඳහා ජාන කේතය ලියන අණුක අක්ෂර වෙනස් වන බැවින් එම mRNA ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රේඩාර් වලට හසු නොවී තබා ගත හැකි බව 2005 වසරේදී Kariko , වයිස්මන් සමඟ එක්ව සොයා ගනු ලැබීය.

එබැවින් මේ වසරේ නොබෙල් ත්‍යාගය මගින් ඔවුන්ගේ මෙම මූලික විද්‍යාත්ම සොයා ගැනීම පිළිගැනීමට ලක් කර තිබේ. එම සොයා ගැනීම මගින් mRNA දාම මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය පිළිබඳ අප තුළ තිබූ අවබෝධය වෙනස් කළ බවත් එමෙන්ම මෑත කාලීනව ඇති වූ කොවිඩ් වසංගතයේදී සමාජයට විශාල බලපෑමක් ඇති කළ බවත් කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සමුළුවේ සාමාජික රිකාඩ් සැන්ඩ්බර්ග් පවසයි.

2023 වසරේ නොබෙල් සම්මාන උළෙල මෙම වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානයත් සමගින් ආරම්භ වී තිබේ.

A man talks at a podium next to a table of people, with a blue screen showing Katalin Kariko and Drew Weissman behind them.
Karikó and Weissman's Nobel Prize win was announced at the Karolinska Institute in Stockholm. Source: AP / Jessica Gow

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයේ මූලාරම්භය

1901 වසරේදී ප්‍රථම වරට ලබා දුන් නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ

ඩයිනමයිට් නිපැයුම්කරුවකු වූ ධනවත් ව්‍යාපාරික ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නිර්මාණය කරන ලද අතර,එය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය පිළිබඳ ජයග්‍රහණ සඳහාත්, පසුව වසරවල ආර්ථික විද්‍යාව සඳහා ද ප්‍රදානය කෙරුණි.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභාවයෙන් පසු ස්වීඩනයේ රජු විසින් ඔහුගේ අනුස්මරණ දිනය වන දෙසැම්බර් 10 වන දින ස්ටොක්හෝම් හි පැවැත් වූ උත්සවයකදී මෙම ත්‍යාග ප්‍රදානය සිදු කර ඇති අතර ත්‍යාග ප්‍රදානයෙන් පසුව එම නගර ශාලාවේ අතිවිශිෂ්ට භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබේ.

පසුගිය වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ ස්වන්ටේ පැබෝට හිමි විය. ඒ වර්තමාන මානවයාගේ වඳ වී ගිය ඥාතියෙකු වන නියැන්ඩර්තාල් වානර මානවයාගේ ගෙනෝමයේ DNA භෂ්ම පිළිවෙළ නිවැරැදි ලෙස අනුක්‍රමණය කිරීම වෙනුවෙනි. තවද ඔහු විසින් කලින් නොදැන සිටි මානව ඥාතියෙකු වන ඩෙනිසෝවන් නම් වානර මානවයා පිළිබඳව සොයා ගැනීමක්ද සිදු කර තිබේ.

අතීතයේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ විශේෂ අවස්ථා අතරට පෙනිසිලින් සොයා ගැනීම වෙනුවෙන් 1945 වසරේදී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට නොබෙල් ත්‍යාගය හිමි වීම සහ 1930 දී මිනිස් රුධිර කණ්ඩායම් සොයා ගැනීම වෙනුවෙන් කාල් ලෑන්ඩ්ස්ටයිනර්ට නොබෙල් ත්‍යාගය හිමි වීම ද ඇතුළත් වේ.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service