Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන time zones ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධාන වේලා කලාප 03 කට බෙදා පවතී.

Time Zones in Australia

Source: Wikipedia

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වේලා කලාප (time zones) ගණන

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධාන වේලා කලාප 03 කට බෙදා පවතී.

 

  1. Australian Eastern Standard Time (AEST)
  2. Australian Central Standard Time (ACST)
  3. Australian Western Standard Time (AWST)

Australian Eastern Standard Time හෙවත් AEST

Universal Time (UTC) හෙවත් ග්‍රිනීච් මධ්‍ය වේලාවට පැය 10 ක් එකතුවූ තැන (UTC +10) AEST වේලා කලාපයට සමාන වේ.

AEST වේලා කලාපය මගින් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත ආවරණය වන අතර ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියාව, ටස්මේනියාව හා Australian Capital Territory ඊට අයත් වේ.

Australian Eastern Standard Time
Source: Flickr

Australian Central Standard Time හෙවත් ACST.

Universal Time (UTC) හෙවත් ග්‍රිනීච් මධ්‍ය වේලාවට පැය 9½ක් එකතුවූ තැන (UTC +9½) ACST වේලා කලාපයට සමාන වේ.

ACST වේලා කලාපය මගින් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිරට වන්නට පිහිටා ඇති Broken Hill නගරය හා Northern Territory යන ප්‍රදේශ ආවරණය වේ.

Australian Central Standard Time
Source: Flickr

Australian Western Standard Time හෙවත් AWST.

Universal Time (UTC) හෙවත් ග්‍රිනීච් මධ්‍ය වේලාවට පැය 8 ක් එකතුවූ තැන (UTC + 8) AWST වේලා කලාපයට සමාන වේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය AWST වේලා කලාපය මගින් ආවරණය වේ.

Australian Western Standard Time
Source: Flickr

Daylight saving (DST)

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී දිවා කාලය වැඩි වශයෙන් ඇති හෙයින් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම පිණිස ප්‍රාන්ත හා ටෙරිටරි කිහිපයක වේලාව වෙනස් කරනු ලබයි.

Daylight saving 2019
Source: YouTube

ඒ අනුව Daylight saving කාලය ආරම්භ වන විට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව සහ Australian Capital Territory හි වේලාව පැයකින් ඉදිරියට සකසයි.

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු වන ඉරිදා දිනයේදී මෙම Daylight saving ක්‍රියාවලිය ආරම්භ වන අතර ඉහත ප්‍රාන්ත වල අළුයම 2 ට එම වේලාව පැයක් ඉදිරියට ගෙන යනු ලබයි.

ඉන් අනතුරුව සෑම වසරකම අප්‍රේල් මාසයේ පළමු වන ඉරිදා දිනයේ අළුයම 3 ට එය අවසන් වී නැවත පැයක් පසුපසට ගෙන යයි.

බටහිර ඔස්ට්‍රේලියාවට, ක්වීන්ස්ලන්තයට හා Northern Territory ට Daylight saving ක්‍රියාවලිය අදාළ නොවෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now