ourism Australia වලට අනුව 2018 පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පැවැත්වෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම උත්සව පහත පරිදි වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Surfest (ජනවාරි 20 - පෙබරවාරි 20)
Surfest යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම රළ මත ලිස්සා යාමේ තරගාවලිය වන අතර මෙය න නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිව් කාසල්හි පිහිටි Merewether වෙරළේදී පැවැත්වේ.
මෙහිදී Mark Richards කුසලානය සඳහා ලොව සුපිරි රළ මත ලිස්සා යාමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ඇත.

Sydney Gay & Lesbian Mardi Gras (පෙබරවාරි 16 - මාර්තු 04)
Mardi Gras යනු සමලිංගික හා සම කාමී පුද්ගලයින් සිඩ්නි නුවර වාර්ෂිකව පවත්වන උත්සවයකි.
ලෝක ප්‍රසිද්ධ මෙම උත්සවය සඳහා විවිධ රටවලින් දහස් ගණන් සංචාරකයින් පැමිණෙන බවද වාර්තා වේ.
වාර්ෂිකව පවත්වන Mardi Gras උළෙලේ සුප්‍රකට Mardi Gras පාගමන මෙවර මාර්තු මස 03 වන දින රාත්‍රී 7 ට ආරම්භ වේ.

Sydney Chinese New Year (පෙබරවාරි 16 - මාර්තු 04)
සිඩ්නි චීන අලුත් අවුරුදු උළෙල වාර්ෂිකව පවත්වන උත්සවයක් වන අතර එය ආසියාවෙන් පිටත පවත්වන විශාලතම චන්ද්‍ර නව අවුරුදු උත්සවය ලෙස හැඳින්වේ.
සාමන්‍යයෙන් මෙය සිඩ්නි නුවර China Town, Darling වරාය, Chatswood North, සහ Cabramatta ප්‍රදේශ ආශ්‍රිතව පවත්වයි.

වික්ටෝරියා ප්‍රාන්තය
White Night Melbourne (පෙබරවාරි 17)
මෙල්බන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන විශාලතම සංස්කෘතික හා විනෝදකාමී උත්සව වලින් එකක් ලෙස White Night Melbourne හැඳින්වේ.
මෙවර එය පෙබරවාරි 17 වන දින රාත්‍රී 7 සිට පසුදා පෙරවරු 7 දක්වා පැවැත්වේ.
මෙල්බන් නගරයේ වීදි ඒකාලෝක කරමින් සෑම අඳුරු මුල්ලක්ම මෙම රාත්‍රියේදී ආලෝකමත් කෙරෙන මෙය පැරිස් නුවරින් ඇරඹි ලෝක ප්‍රකට Nuit Blanche movement වලින් අභාසය ලබා අරඹන ලදී.
2013 වසරේදී ආරම්භ කළ මෙය මෙවර පවත්වනු ලබන්නේ 6 වන වරටය.
මෙල්බන් නගර මධ්‍යය, St Kilda මාර්ගයේ National Gallery of Victoria සිට මෙල්බන් කෞතුකාගාරය සහ Carlton Gardens දක්වා මෙය පැවැත්වේ.

FIM Superbike World Championship Philip Island (පෙබරවාරි 23 – 25)
ලෝක සුපිරි යතුරු පැදි ශූරතා දින දර්ශනයේ ප්‍රථම ලෝක ශූරතා සුපිරි යතුරු පැදි තරගාවලිය මෙය වන අතර Philip Island ධාවන පථයේ දී පැවැත්වේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Adelaide Fringe Festival (පෙබරවාරි 16 - මාර්තු 18)
ලොව දෙවැනි විශාලතම කලා උත්සවය වන මෙය දකුණු අර්ධ ගෝලයේ පවත්වන විශාලතම කලා උත්සවය ලෙස ද හැඳින්වේ.
ඇඩිලේඩ් නුවර වාර්ෂිකව පවත්වන මෙය පුරා දින 31 ක් පුරාවට පැවැත්වෙන අතර කලාකරුවන් 5000 කටත් අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් 1000 කටත් අධික කලා අංග සංඛ්‍යාවක් මෙහි අඩංගු වේ.

ACT
National Multicultural Festival (පෙබරවාරි 16 – 18)
ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වය සැමරීම නිමිති කරගෙන කැන්බරා නුවරදී පැවැත්වෙන මේ සඳහා විවධ ජන කොටස් සහභාගී වන අතර ඔවුන්ගේ ආහාර පාන, සංස්කෘතිකාංග, කලාවන් සහ සිරිත් විරිත් බෙදා ගැනීමක් සිදු කෙරේ,

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Perth International Art Festival (පෙබරවාරි 09 - මාර්තු 04)
දකුණු අර්ධ ගෝලයේ දීර්ග කලක් පවත්වන වාර්ෂික බහු-කලා උත්සවය ලෙස මෙය හැඳින්වේ.
දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන් විශාල ප්‍රමානයක් මෙහිදී තම දක්ෂතා නිරූපණය කරයි.

ටස්මේනියාව
Festivale (පෙබරවාරි 2 – 4)
ග්‍රීෂ්ම සෘතුවේදී ටස්මේනියාවේ පවත්වන ප්‍රධානතම ග්‍රීෂ්ම උත්සවයක් වන Festivale හි ටස්මේනියානු ආහාර සහ වයින් වර්ග පිළිබඳ සැමරීමක් සිදු කරයි.
මෙය Launceston නගර උද්‍යානයේදී පැවැත්වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

