Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ගැණුම්කරුවන්ට ප්‍රාන්ත රජයෙන් සුබ පුවතක්. වටිනාකමින් 25% ක් ගෙවන්න රජය සූදානම්. (SBS සිංහල /වාර්තා)

මෙම නව HomesVic ව්‍යාපෘතිය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ පිරිස් හට තම ප්‍රථම නිවාසය මිලට ගැනීමේදී නිවාසයේ මුළු මුදලින් 25% ක් දක්වා මුදලක් ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් නිවාස ණය මුදලද අඩු වනු ඇත.

Housing

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන තමන්ගේම නිවෙසක් ඉදි කිරීමට සිහින දකින උදවියට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සුබදායී පුවතක් වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම් සහ සංවර්ධනය කිරීම් යන කාර්යයන්හි ප්‍රධානතම ජාතික සංගමය වන HIA හෙවත් Housing Industry Association, වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම නිවාසය ඉදි කිරීමට සහය ලබා දෙන HomesVic ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම නිවාසය ඉදි කිරීමට සිහින දකින පිරිස් හට මෙය සුබදායී පුවතක් වනු නොඅනුමාය.

විශේෂයෙන්ම තරුණ පරපුරට මෙමගින් තමන්ගේ නිවාස සිහිනය ඉක්මනින් සැබෑ කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් එමෙන්ම දැරිය හැකි නිවසක් ලබා ගැනීමට ඇතිවී ඇති අර්බුදය ට මෙය කදිම විසඳුමක් බවත් HIA හි ජ්‍යෙෂ්ඨ නියෝජිතවරියක් වන Kristen Brookfield පැවසුවාය.

මීට අමතරව HIA සංගමය ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි වන ACT (Land Rent) සහ බටහිර ඔස්ට්‍රේලියාවේ (Keystart) ද මෙවැනි ව්‍යාපෘති සඳහා වසර ගණනාවකට පෙර සිටම සහය ලබා දෙන බව ඇය පැවසුවාය.

“රජයේ පොදු නිවාස වැඩසටහන සඳහා සුදුසුකම් නොලබන අඩු ආදායම් ලාභී තනි පුද්ගලයින්ට මෙන්ම යුවල වලට මෙම HomesVic ව්‍යාපෘතිය යටතේ සහය සැලසෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නුවර නිවසක් තමන්ගේම කරගැනීමේදී එම කණ්ඩායම ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙනවා.” යනුවෙන් Kristen Brookfield වැඩි දුරටත් පැහැදිලි කළාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සජීවීව ගුවන් විදුලියෙන්

93.1fm – Victoria

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

මෙම නව HomesVic ව්‍යාපෘතිය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ පිරිස් හට තම ප්‍රථම නිවාසය මිලට ගැනීමේදී නිවාසයේ මුළු මුදලින් 25% ක් දක්වා මුදලක් ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් නිවාස ණය මුදලද අඩු වනු ඇත.

ඒ අනුව ඔබ තනි පුද්ගලයෙකු නම් ඔබේ වාර්ෂික ආදායම $75,000 දක්වා ද යුවලක නම් වාර්ෂික ආදායම $95,000 දක්වාද විය යුතු වේ.

එමෙන්ම, ගැණුම්කරුවන් සතුව 5% ක තැන්පතු මුදලක් ද තිබිය යුතු වේ.

ඉන් අනතුරුව එම නිවෙස අලෙවි කරන දිනක දී ප්‍රාන්ත රජයේ පංගුව නැවත ප්‍රාන්ත රජය ලබා ගනු ඇත.

1982 වසරේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සඳහා වන සාමන්‍ය මුද්දර ගාස්තුව 4,000% කින් ඉහළ ගොස් ඇති බව HIA දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ නිවෙසක සාමන්‍ය විකුණුම් මිල $720,417 වන බවත් මෙය බොහෝ අඩු ආදායම් ලාභී තරුණ පිරිස් හට දැරීමට නොහැකි බවද HIA දත්ත පෙන්වා දෙයි.

මෙහි නියමු අදියර 2018 මුල් කාර්තුවේදී දියත් කිරීමට නියමිත අතර එහිදී අයදුම්කරුවන් 400 ක් සඳහා පමණක් අවස්ථාව හිමි වේ.

වැඩි විස්තර https://www.vic.gov.au/affordablehousing/buying-a-house-in-victoria/homesvic.html යන වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

2 min read

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now