Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු ජාතික ධජය නියම අයුරින් භාවිතා කරන හැටි මෙන්න. (SBS සිංහල/වාර්තා)

“ඔස්ට්‍රේලියානු ජාතික ධජයේ” ඡායාරූප ඇඳුම් සඳහා යොදා ගත හැකි නමුත් එය විකෘති කිරීමට හෝ ප්‍රධාන සංකේත ආවරණය කිරීමට හෝ නොහැකිය.

Australian flag protocol

Source: AAP

පසුගිය ජනවාරි 26 වන දිනට යෙදුණු “ඔස්ට්‍රේලියා දිනය” සමගින් ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය බොහෝ සෙයින් දිස්වන්නට විය.

එමෙන්ම, ඔස්ට්‍රේලියාව සම්බන්ධ වන ප්‍රසිද්ධ ක්‍රීඩා තරඟයකදී මෙන්ම ක්‍රීඩා උළෙලකදී පවා අපට ඔස්ට්‍රේලියානු ජාතික ධජය අනන්තවත් දැකගන්නට ලැබේ.

එම අවස්ථා වලදී ඔස්ට්‍රේලියානු ජාතික ධජය විවිධ අයුරින් ද අපට දැක ගන්නට ලැබේ.

Australian flag protocols
Source: AAP

නමුත් ඔස්ට්‍රේලියානු ජාතික ධජය නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න ඔබ මේ වන තෙක් දැන සිටියාද?

1953 වසරේ ජාතික ධජ පනත යටතේ ඔස්ට්‍රේලියානු ජාතික ධජය භාවිතා කිරීමට අදාළ මූල පත්‍රය හෙවත් ප්‍රොටෝකෝලයේ වගකීම අග්‍රාමාත්‍ය හා කැබිනට් දෙපාර්තමේන්තුව සතු වන බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

ඔස්ට්‍රේලියානු ජාතික ධජය සදාචාරවත් ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න එම ප්‍රොටෝකෝලයේ පැහැදිලි ව දැක්වෙන බව ද ABC පුවත් වෙබ් අඩවිය අනාවරණය කරයි.

Australian flag protocols
2012 Australian Open - Day 11 Source: Getty Images

නමුත් ඔස්ට්‍රේලියානු ජාතික ධජය සදාචාර විරෝධී ලෙස භාවිතා කළහොත් පනවන දඬුවම් පිළිබඳ එහි කිසිදු සටහනක් නොමැති නමුත් එය යම් හෙයකින් සාමය කඩ කරන කටයුත්තකදී හෝ දේපල විනාශයකදී යොදා ගතහොත් ඒ සඳහා දඬුවම් පැනවීමට හැකිය.

Australian flag protocols
Source: AAP

Australian Flag Association හෙවත් ඔස්ට්‍රේලියානු ධජ සංගමයේ සභාපති Allan Pidgeon සහ අග්‍රාමාත්‍ය හා කැබිනට් දෙපාර්තමේන්තුවට අනුව “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” පහත අයුරින් ඕනෑම අයෙකු හට භාවිතා කළ හැකිය.

  • ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැම පුද්ගලයෙකුටම “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” ලෙලදවීමට හැකි නමුත් එය ගරු කටයුතු ඇතිව සිදු කළ යුතුය.
  • “ඔස්ට්‍රේලියානු ජාතික ධජයේ” ඡායාරූප ඇඳුම් සඳහා යොදා ගත හැකි නමුත් එය විකෘති කිරීමට හෝ ප්‍රධාන සංකේත ආවරණය කිරීමට හෝ නොහැකිය.
  • කිසි ලෙසක “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” ඔබේ සිරුරේ ඔතා ගැනීමට නොහැකිය.
  • එමෙන්ම එය කිසි ලෙසක පොළොව මත පතිත නොකළ යුතුය.
  • එය සැම විටම හොඳ තත්ත්වයෙන් තබා ගත යුතුය.
  • ආලෝකමත් නොකර “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” රාත්‍රියේදී ලෙලදවීම සිදු නොකළ යුතුය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now