පසුගිය ජනවාරි 26 වන දිනට යෙදුණු “ඔස්ට්‍රේලියා දිනය” සමගින් ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය බොහෝ සෙයින් දිස්වන්නට විය.
එමෙන්ම, ඔස්ට්‍රේලියාව සම්බන්ධ වන ප්‍රසිද්ධ ක්‍රීඩා තරඟයකදී මෙන්ම ක්‍රීඩා උළෙලකදී පවා අපට ඔස්ට්‍රේලියානු ජාතික ධජය අනන්තවත් දැකගන්නට ලැබේ.
එම අවස්ථා වලදී ඔස්ට්‍රේලියානු ජාතික ධජය විවිධ අයුරින් ද අපට දැක ගන්නට ලැබේ.
නමුත් ඔස්ට්‍රේලියානු ජාතික ධජය නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න ඔබ මේ වන තෙක් දැන සිටියාද?

Source: AAP
1953 වසරේ ජාතික ධජ පනත යටතේ ඔස්ට්‍රේලියානු ජාතික ධජය භාවිතා කිරීමට අදාළ මූල පත්‍රය හෙවත් ප්‍රොටෝකෝලයේ වගකීම අග්‍රාමාත්‍ය හා කැබිනට් දෙපාර්තමේන්තුව සතු වන බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියානු ජාතික ධජය සදාචාරවත් ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න එම ප්‍රොටෝකෝලයේ පැහැදිලි ව දැක්වෙන බව ද ABC පුවත් වෙබ් අඩවිය අනාවරණය කරයි.
නමුත් ඔස්ට්‍රේලියානු ජාතික ධජය සදාචාර විරෝධී ලෙස භාවිතා කළහොත් පනවන දඬුවම් පිළිබඳ එහි කිසිදු සටහනක් නොමැති නමුත් එය යම් හෙයකින් සාමය කඩ කරන කටයුත්තකදී හෝ දේපල විනාශයකදී යොදා ගතහොත් ඒ සඳහා දඬුවම් පැනවීමට හැකිය.
Australian Flag Association හෙවත් ඔස්ට්‍රේලියානු ධජ සංගමයේ සභාපති Allan Pidgeon සහ අග්‍රාමාත්‍ය හා කැබිනට් දෙපාර්තමේන්තුවට අනුව “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” පහත අයුරින් ඕනෑම අයෙකු හට භාවිතා කළ හැකිය.

2012 Australian Open - Day 11 Source: Getty Images

Source: AAP
- ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැම පුද්ගලයෙකුටම “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” ලෙලදවීමට හැකි නමුත් එය ගරු කටයුතු ඇතිව සිදු කළ යුතුය.
- “ඔස්ට්‍රේලියානු ජාතික ධජයේ” ඡායාරූප ඇඳුම් සඳහා යොදා ගත හැකි නමුත් එය විකෘති කිරීමට හෝ ප්‍රධාන සංකේත ආවරණය කිරීමට හෝ නොහැකිය.
- කිසි ලෙසක “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” ඔබේ සිරුරේ ඔතා ගැනීමට නොහැකිය.
- එමෙන්ම එය කිසි ලෙසක පොළොව මත පතිත නොකළ යුතුය.
- එය සැම විටම හොඳ තත්ත්වයෙන් තබා ගත යුතුය.
- ආලෝකමත් නොකර “ඔස්ට්‍රේලියානු ජාතික ධජය” රාත්‍රියේදී ලෙලදවීම සිදු නොකළ යුතුය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------