ඔස්ට්‍රේලියාවේ නව ළමා සුරැකුම් දීමනා ක්‍රමය ඊයේ (02/07) සිට ආරම්භ විය.
ඒ අනුව 2018 ජූලි 01 වන දින තෙක් ක්‍රියාත්මක වූ ළමා සුරැකුම් දීමනා ක්‍රමය අහෝසි වී ගිය අතර එතැන් පටන් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.

නව ළමා සුරැකුම් දීමනා ක්‍රමයට ලියාපදිංචි වීම
මෙම නව ක්‍රමය සඳහා මෙතෙක් කලක් ළමා සුරැකුම් දීමනා ලබන දෙමාපියන් ස්වයංක්‍රීයව ලියා පදිංචි වීමක් සිදු නොවන අතර ඒ සඳහා අලුතින් ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය.
ඒ අනුව තමන්ගේ බදු සම්බන්ධ myGov ගිණුම හරහා අන්තර්ජාලය ඔස්සේ Centrelink ගිණුමක් සකසා ගත යුතුය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එමෙන්ම එහිදී 2018-19 මුදල් වර්ෂය සඳහා ඔබට ලැබෙන ඇස්තමේන්තුගත ආදායමද සැපයිය යුතුය.

රජයේ ඇගයීම
ඔබ ගිණුම් සකසා තොරතුරු සැපයු පසුව අදාළ දෙමාපියන් සති දෙකකට වරක් කොපමණ පැය ගණනක් රැකියා කරනවාද, අධ්‍යාපනය ලබනවාද, රැකියාවක් සොයනවාද නැතහොත් ස්වේච්ඡා සේවයේ යෙදෙනවාද යන්න පිළිබඳ රජය සොයා බැලීමක් කර ඇගයීමක් සිදු කරයි.
එයට අනුව ඔබ වැඩිපුර පැය ගණනක් රැකියා කරනවානම් ඔබට ළමා සුරැකුම් සඳහා වැඩිපුර පැය ගණනකට රාජ්‍ය ගෙවීම් සිදු කරයි.
නමුත් එම අගය ගණනය කෙරෙන්නේ අඩුවෙන්ම පැය ගණනක් රැකියා කරන පුද්ගලයාගේ පැය ගණන මතය.
එක් දෙමාපියෙක් පැය 8 කට වඩා අඩුවෙන් රැකියා කරනවානම් එම පවුලට නව ක්‍රමය යටතේ ළමා සුරැකුම් දීමනා සඳහා හිමිකම් කීමට නොහැකිය.

දීමනාව වෙනස් වන්නේ කෙසේද?
වාර්ෂික ආදායම $185,710 ට වඩා අඩු ආදායමක් සහිත පවුලකට පනවා තිබූ ළමා සුරැකුම් දීමනාව වන $7500 සීමාව මෙම නව ක්‍රමය යටතේ ඉවත් කර තිබේ.
වාර්ෂික ආදායම $185,710 ට වඩා වැඩි ආදායමක් සහිත පවුලකට ළමා සුරැකුම් දීමනා සීමාව $10,000 ක් වේ.
එසේම වාර්ෂික ආදායම $350,000 ට වඩා වැඩි ආදායමක් සහිත පවුල්වලට කිසිදු දීමනාවක් හිමි නොවේ.
ඒ අනුව අඩු ආදායම් ලාභී පවුල් සඳහා තමන්ගේ ළමා සුරැකුම් ගාස්තු වලින් 85% ක් පමණ හිමිවන අතර ඉහළ ආදායම් සීමාවේ සිටින පවුල් සඳහා 20% ක ප්‍රතිශතයක් ලැබේ.
දෙමාපියන් රැකියා නොකිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

