ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය තවදුරටත් පිරිහෙමින් පවතින බවට ගෝලීය ආර්ථික සංවිධාන සහ මුල්‍ය ආයතන අනතුරු අඟවා තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඇමෙරිකානු - චීන වෙළෙඳ යුද්ධය සහ Brexit උණුසුම මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයද මෙලෙස පහත බැසීම බරපතල කරුණක් ලෙස ඔවුහු අවධාරණය කරති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනාවැකි
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ක්‍රමිකව මන්දගාමී වන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවැකි පළ කරතිබේ.
මේ වසරේදී ගෝලීය ආර්ථිකය 3% කින් පහත බැස ඇති බවත් වාර්තා වේ.
2017 වසරේදී එය 3.8% කින් පහත බැස තිබුණි.
විවිධ රටවලට සම්බාධක පැනවීම, භූගෝලීය කලාප ලෙස පවතින නොවිසඳුණු ගැටළු, දේශපාලන අරාජිකත්වය යන සාධක මෙලෙස ගෝලීය ආර්ථිකය පහත බැසීමට හේතුවී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
2019 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගය 1.7% දක්වා පහත යනු ඇති බවට නවතම World Economic Outlook වාර්තාව පෙන්වා දෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
2018 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගය 2.7% ක් ලෙස පැවති බවද සඳහන්.
නමුත් ඔස්ට්‍රේලියාව පැමිණෙන ආර්ථික අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

පොළී අනුපාතික කප්පාදුව විසඳුමක් නෙමෙයි
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පොළී අනුපාතික කප්පාදුව ඔස්ට්‍රේලියානු ආර්ථිකය වර්ධනය කිරීමට විසඳුමක් නොවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා මාස 5 ක කාලයක් තුළ ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් තුන්වරක් පොළී අනුපාතික කප්පාදු කරන ලදී.
ජුනි මාසය වන විට 1.5% ක්ව තිබූ පොළී අනුපාතිකය ඒ මාසයේදී 1.25% දක්වා අඩු කෙරිණි.
එමෙන්ම ජූලි මාසයේදී නැවතත් එය 1% දක්වා කප්පාදු කෙරිණි.
මේ අතර ඔක්තෝබර් පළමු සතියේදී ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය මෑත ඉතිහාසයේ වාර්තා වූ අඩුම අගය සටහන් කරමින් 0.75% දක්වා කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව කටයුතු කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ Melbourne Cup තුරඟ තරගය පැවැත්වෙන එළඹෙන නොවැම්බර් 05 වන දින නැවත වරක් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය කප්පාදු කිරීමට 41% ක සම්භාවිතාවක් පවතින බවට ඔස්ට්‍රේලියානු මුදල් වෙළෙඳපොල විශ්වාස කරන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
කෙසේනමුත් පොළී අනුපාතිකය 0% දක්වා ගෙන ගියද එය පමණක් ඔස්ට්‍රේලියානු ආර්ථිකය වර්ධනය කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ.


