Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වරක් බිව්වොත් සැණින් ඇබ්බැහි වන ඔස්ට්‍රේලියාවේ කෝපි ගැන ඔබ නොදත් තොරතුරු. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වැඩිම කෝපි පරිභෝජනයක් ඇති ප්‍රාන්තය වික්ටෝරියාව වන අතර දෙවනි තැන නිව් සවුත් වේල්සයට හිමි වේ.

Hidden facts behind the Australian Coffee.

Source: SBS

ශ්‍රී ලංකාවේ අපි එකිනෙකා මුණ ගැසුන විට හෝ නිවෙසකට අමුත්තෙක් පැමිණි විට බොහෝ විට අසනු ලබන්නේ “තේ එකක් බොමුද?” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ එතරමටම “තේ සංස්කෘතිය” ජන ජීවිතයට කා වැදී ඇත.

නමුත් ඔස්ට්‍රේලියාවේ එකිනෙකා මුණ ගැසුන විට හෝ අමුත්තෙකුට සංග්‍රහ කිරීමේදී “තේ” වෙනුවට “කෝපි” සැමවිටම පෙරමුණ ගනී.

ඔස්ට්‍රේලියාවේ එතරම්ම “කෝපි” පානය ජනප්‍රිය වී ඇති අතර එය ඔස්ට්‍රේලියාවේ සංස්කෘතියක් බවට ද පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ එම කෝපි සංස්කෘතිය පිළිබඳ මෙම ලිපිය හරහා සැකෙවින් ඉදිරිපත් කෙරේ.

Hidden facts behind the Australian Coffee.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ කෝපි ඉතිහාසය

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙරට වාසය කළ ස්වාදේශික ජනතාව කෝපි පානය කළ බවක් හෝ කෝපි වගා කළ බවක් වාර්තා නොවෙයි.

1788 වසරේ ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයේ සිරකරුවන් රැගෙන ප්‍රථම නැව් 11 පැමිණීමෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ “තේ” සංස්කෘතිය ඇරඹිණි.

නමුත් 18 වන සියවසේ අග භාගය වන විට ප්‍රංශ හා ඉතාලි ජාතිකයින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමත් සමග කෝපි පානයක් ලෙස හඳුන්වා දෙනු ලැබූ බව සඳහන් වේ.

ඉන් අනතුරුව තේ වල මිල ඉහළ යාම හේතුවෙන් කෝපි, තේ වෙනුවට මනා ආදේශකයක් වී ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රියතම පානය බවට පත් විය.

Hidden facts behind the Australian Coffee.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කෝපි වර්ග

Espresso/short black:

කිසිවක් එකතු නොකරන ලද සෘජුවම සාදාගන්නා තනි කෝපි වඩියක්.

Flat white:

මදක් පෙන සහිත උණුසුම් කිරි වලට එක් කළ කෝපි. ලෝකයේ කෝපි පානයට Flat white එක් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවෙන් බවද කියවේ.

Latte:

මෙය Flat white වලට සමාන වන නමුත් ඊට වඩා වැඩිපුර පෙන සහිත උණුසුම් කිරි එක් කරයි.

Cappuccino:

කුඩා ප්‍රමාණයක උණුසුම් කිරි සමග එකතු කරන ලද සාමාන්‍ය කෝපි. මෙහි මතුපිටට පෙන සහිත කිරි හෝ කොකෝවා කුඩු ඉසියි.

Long black:

කෝපි වඩි දෙකක් උණුසුම් ජලයට එක් කර සාදා ගනියි.

Ristretto:

කෝපි වඩියක් ජලය ස්වල්පයක් සමග එක් කර සාදා ගනියි.

Piccolo:

පෙන සහිත උණුසුම් කිරි සමග Ristretto එකක් කුඩා වීදුරුවක පිළිගන්වයි. මෙය එක් පසෙකින් latte ආකාරයේ කුඩා මාදිලියක් ලෙසද හැඳින්වේ.

Macchiato:

පෙන නංවන ලද කිරි සමග එක් කරන එක් කෝපි වඩියකින් සාදා ගනියි.

Mocha:

කොකෝවා කුඩු සමග එක් කළ latte මාදිලියේ කෝපි වර්ගයකි. මෙය චොකලට් රස ගෙන දෙයි.

Hidden facts behind the Australian Coffee.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ කෝපි ගැන ඔබ නොදත් පැත්ත.

  • ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම කෝපි වර්ගය Cappuccino බව්ට පත්ව තිබු නමුත් 2017 වසරේ Square Coffee වාර්තාවට අනුව ඔස්ට්‍රේලියනුවන් වැඩිපුරම Latte පානය කරයි.
  • සමාන්‍යයෙන් දිවා කාලයේදී එක් මිනිත්තු 30 ක් ඇතුළත ඕස්ට්‍රේලියාව තුළ Cappuccino කෝපි කෝප්ප අලෙවි වන සාමාන්‍ය ප්‍රමානය 50,000 ක් පමණ වෙයි.
  • ඔස්ට්‍රේලියානු වැසියෙකු වාර්ෂිකව කෝපි පානය සඳහා වැය කරන මුදල දළ වශයෙන් ඩොලර් 495 කි.
  • ඔස්ට්‍රේලියාවේ වැඩිම කෝපි පරිභෝජනයක් ඇති ප්‍රාන්තය වික්ටෝරියාව වන අතර දෙවනි තැන නිව් සවුත් වේල්සයට හිමි වේ.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ ජනප්‍රියම කෝපි වර්ගය Latte වන අතර එය ප්‍රතිශතයක් ලෙස 47% ක් වෙයි.
  • ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක මිල වැඩිම නොදර්න් ටෙරිටරියේ වන අතර එය සාමාන්‍යයෙන් ඩොලර් 4.70 – 5.00 ත් අතර වෙයි.
  • ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක මිල අඩුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙයි.
  • ඔස්ට්‍රේලියාව තුළ මෑතකදී ශීග්‍රයෙන් ජනප්‍රිය වූ කෝපි වර්ගයක් ලෙස chai latte හැඳින්වෙන අතර 2015 ඔක්තෝබර් සිට 2017 ඔක්තෝබර් දක්වා එහි අලෙවිය 360% කින් ඉහළ ගොස් ඇති බව 2017 වසරේ Square Coffee වාර්තාව පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now