Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබේ දරුවාගේ පාසල් දිවා ආහාරයට සුදුසු හා නුසුදුසු ආහාර වර්ග මෙන්න. (SBS සිංහල/වාර්තා)

දරුවෙකු පාසල් කාලයේදී සතියේ දින පහේම පැය 6 ත් 8 ත් අතර කාලයක් පාසලේ ගත කරයි. එනිසා දරුවා පාසලේ දී ලබා ගන්නා දිවා ආහාර වේල අතිශය වැදගත් වෙයි.

How to make a healthy lunch box to our school kids

Woman preparing takeaway meal for her child Source: Getty Images

2018 වසරේ පළමු පාසල් වාරය ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක්ම හා ටෙරිටරියකම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ සමගම නැවතත් දෙමාපියන් හා දරුවන් කාර්ය බහුල ජීවන රටාවට යොමු වීම නොවැළක්විය විය හැකිය.

මේ අතරතුරේ දරුවන්ගේ ආහාර රටාව සහ ආහාර පාන පිළිබඳ දෙමාපියන් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුය.

පාසල් යන දරුවන්ට ඔබේ කාර්ය බහුල ජීවිතයේදී පෝෂණීය ආහාර සකසා දෙන්නේ කෙලෙසද යන්න අපි මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.

How to make a healthy lunch box to our school kids
Cropped view of mother packing her school childrens lunch box in kitchen Source: Getty Images

දරුවෙකුගේ පාසල් දිවා ආහාරය මෙතරම් වැදගත් ඇයි?

දරුවෙකු පාසල් කාලයේදී සතියේ දින පහේම පැය 6 ත් 8 ත් අතර කාලයක් පාසලේ ගත කරයි.

එනිසා දරුවා පාසලේ දී ලබා ගන්නා දිවා ආහාර වේල අතිශය වැදගත් බව මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය පවසයි.

පාසල තුළදී දරුවන් ඉතාමත් කාර්යශීලී සහ කාර්ය බහුල වේ.

එනිසාම දරුවාගේ දිවා ආහාරය පෝෂණීය ආහාරයක් ලෙස සැපයීමට දෙමාපියන් වග බලාගත යුතු බවද සුබසිංහ මහත්මිය පෙන්වා දෙයි.

එසේ නොමැතිවූ විට දරුවන් විවිධ සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පාන බව ත් මෙය දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ක්‍රීඩා වැනි බාහිර කටයුතු සඳහාද බලපාන බව ත්  ඇය පෙන්වා දෙයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

 

මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මියට අනුව ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන දරුවන්ට පාසල් කාලයේදී දිවා ආහාරය සඳහා සෞඛ්‍යානුකූලව සුදුසු හා නුසුදුසු ආහාර පාන වර්ග පහත පරිදිවේ.

How to make a healthy lunch box to our school kids
Showing off their lunch Source: Getty Images

පාසල් දිවා ආහාරයට නුසුදුසු ආහාර පාන

  • බිස්කට් වර්ග
  • කුකීස් වර්ග
  • මෆින්
  • ක්‍රොසන්
  • කප් කේක්
  • කුඩා ජෙලි කප්ස්
  • පොටේටෝ චිප්ස්
  • සේවරී බිස්කට්
  • ලුණු සහිත පොරි

 

යනාදී අධික සීනි සහිත හෝ ලුණු සහිත ආහර වර්ග දරුවන්ට ලබා දීමෙන් වැළකිය යුතුය.

මේවායේ අධික මාත්‍රා වලින් සීනි සහ ආහාර කල් තබාගැනීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ද සුබසිංහ මහත්මිය පවසයි.

How to make a healthy lunch box to our school kids
Source: SBS

පාසල් දිවා ආහාරයට සුදුසු ආහාර පාන

  • ඕනෑම නැවුම් පළතුරක්.
  • කුඩා කැබලි වලට කපන ලද කැරට්, පිපිඤ්ඤා, Celery Sticks වැනි එළවලු වර්ග
  • එම එළවලු සමග ක්‍රීම් චීස් හෝ ඩිප්ස් වර්ගයක්.
  • චීස්
  • යෝගට්
  • සුල්තානා වැනි වියළි පලතුරු වර්ගයක්
  • පාන් භාවිතා කරන විට Wholemeal හෝ Multigrain පාන් පෙති දෙකක් පමණ.
  • මස් පෙති කිහිපයක්.
  • මාළු පෙත්තක්.
  • සලාද කොළ.

 

Children's right in Australia
Overhead view brother and sister looking down at prepared healthy snacks and lunches Source: Getty Images

----------------------------------------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now