Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට හා සාමයට බලපාන ප්‍රධාන තර්ජන මෙන්න. (SBS සිංහල/වාර්තා)

උතුරු කොරියාවේ මීළඟ න්‍යෂ්ඨික අත්හදා බැලීම් හමුවේ ඇමෙරිකාව ක්ෂණික ප්‍රතිචාර දක්වන්නට වැඩි ඉඩක් ඇති බවත් මේ අනුව ඔස්ට්‍රේලියාවට ඉදිරි මාස 12 ක කාලයක් තුළ බොහෝ විට න්‍යෂ්ඨික තර්ජන සඳහා මුහුණ දීමට සිදුවනු ඇති බවත් ආචාර්ය Malcolm Davis පෙන්වා දෙයි.

What are the biggest threats to Australia's peace and security?

Source: AAP

ලොව ප්‍රමුඛ පෙළේ රටවල් කිහිපයකටම පාහේ මේ වන විට විවිධ අයුරින් තර්ජන එල්ල වෙමින් පවතී.

ලෝක බලවතා වන අමෙරිකාවට මෙන්ම ඔස්ට්‍රේලියාවටද මේ තත්ත්වය පොදුවේ.

මෑත කාලීනව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට මෙන්ම සාමයටද බලපාන ප්‍රධාන තර්ජන කිහියක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

1. තරගකාරී රටවලින් එල්ල වන තර්ජන

SBS පුවත් වලට අනුව වත්මන් ලෝකයේ ප්‍රධාන රටවල් ත්‍රිත්වයක් වන ඇමෙරිකාව, රුසියාව හා චීනය අතර බල අරගලයක් පවතී.

චීනයේ ශීග්‍ර නැගී සිටීමත් සමග ඇමෙරිකාව ආසියාවේ පතුරවා සිටි අනසක කෙමෙන් කෙමෙන් පිරිහී යන අයුරක් පෙනෙන්නට තිබෙන නමුත් ඇමෙරිකාව ද එය පහසුවෙන් ගිලිහී යාමට ඉඩ නොදේ.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ අසල්වැසි චීනය සහ ඇමෙරිකාව අතර මෙම බල අරගලය ට ඔස්ට්‍රේලියාවද මැදිවී ඇති බව Canberra think tank හි ආචාර්ය Malcolm Davis, SBS පුවත් වලට පැවසීය.

What are the biggest threats to Australia's peace and security?
Source: Flickr

2. න්‍යෂ්ඨික අවි තර්ජන

දකුණු චීන මුහුද සම්බන්ධව චීනය සමග පැන නැගී ඇති අර්බුදයේදී ඇමෙරිකාව ඔස්ට්‍රේලියවද හවුල් කරගන්නා බවක් ආචාර්ය Malcolm Davis පෙන්වා දෙයි.

ඊට අමතරව ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඇති ගැටුමේදී පවා ඔස්ට්‍රේලියාව මැදි වන් සෙයක් දක්නට ලැබෙන බවද ඔහු පවසයි.

උතුරු කොරියාවේ මීළඟ න්‍යෂ්ඨික අත්හදා බැලීම් හමුවේ ඇමෙරිකාව ක්ෂණික ප්‍රතිචාර දක්වන්නට වැඩි ඉඩක් ඇති බවත් මේ අනුව ඔස්ට්‍රේලියාවට ඉදිරි මාස 12 ක කාලයක් තුළ බොහෝ විට න්‍යෂ්ඨික තර්ජන සඳහා මුහුණ දීමට සිදුවනු ඇති බවත් ආචාර්ය Malcolm Davis පෙන්වා දෙයි.

What are the biggest threats to Australia's peace and security?
Source: SBS

3. සටන්කාමීන් ගේ නැවත පැමිණීම

සිරියාවේ සහ ඉරාකයේ යුද්ධ වලට සම්බන්ධ සටන්කාමීන් ගේ නැවත පැමිණීම ද ඔස්ට්‍රේලියාවට මහත් තර්ජනයක් එල්ල කරන බව ආචාර්ය Malcolm Davis පවසයි.

පසුගිය වසරේදී පිලිපීනයට පවා මෙමගින් විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු විය.

කෙසේවෙතත්, ඇමෙරිකාවේ දුර්වල රාජ්‍ය පාලනය හමුවේ ආසියාවේ ත්‍රස්තවාදය හිස එසවීමට වැඩි ඉඩක් ඇති බවත් එය ඔස්ට්‍රේලියාවට ඉතා අහිතකර ලෙස බලපාන බවත් ආචාර්ය Davis පවසයි.

What are the biggest threats to Australia's peace and security?
Source: SBS

4. සයිබර් අපරාධ තර්ජන

මැතිවරණ අතරතුරේදී සයිබර් ප්‍රහාර එල්ල වීම ඔස්ට්‍රේලියාව ඇතුළු බටහිර ප්‍රධාන රටවලට වත්මනයෙදී ඇතිවී ඇති බරපතල ගැටළුවක් බව කැන්බරා හි ජාත්‍යන්තර සයිබර් ප්‍රතිපත්ති මධ්‍යස්තානයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක  Danielle Cave පවසයි.

2016 වසරේදී පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණය මීට හොඳම නිදසුනක් බව ඔහු පෙන්වා දෙයි.

එනිසාම ඔස්ට්‍රේලියාව්ද මේ තර්ජනයට කල් තියාම සූදානම් විය යුතු බව ඔහු පවසයි.

Cyber bullying
Source: SBS

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now