SKIP TO MAIN CONTENT

2020 වසරේදී ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ අවධානය යොමු කළ යුතු නගර (SBS සිංහල/ වාර්තා)

Australia’s Property hotspots for 2020
Couple Looking At House On Digital Tablet's Screen Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික තුන්වරක් කප්පාදු කිරීම නිසා එය සෘජුවම ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළට බලපා තිබේ.

මේ හේතුවෙන් පහත බැස තිබූ ඔස්ට්‍රේලියානු නිවාස මිල ගණන් වල වර්ධනයක් නැවත දකින්නට ලැබුණි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ තත්ත්වය යටතේ 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ අවධානය යොමු කළ යුතු නගර පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Australia’s Property hotspots for 2020
Source: Pixabay

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ අවධානය යොමු කළ යුතු නගර

ටස්මේනියා ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතරින් 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ වැඩිම අවධානයක් යොමුවී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නුවරටය.

නිවාස හා දේපළ වෙළෙඳපොළේ ප්‍රවීණයකු වන Simon Pressley ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳපොළේ ප්‍රමුඛ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවියට ඒ බව පැවසුවේය.

හෝබාර්ට් නුවර දළ දේශීය නිෂ්පාදිතය ඉතා ශක්තිමත් බවත් එනිසාම පසුගිය වසර 5 තුළ දී මෙය ඉතා හොඳ වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඔහු පෙන්වා දෙයි.

සිඩ්නි හා මෙල්බර්න් නගර වලට සාපේක්ෂව දැරිය හැකි මට්ටමේ මිලකට ඉතා ඉහළ තත්ත්වයේ නිවාස මිලට ගැනීමේ කදිම අවස්ථාවක් හෝබාර්ට් නුවර පවතින බව ඔහු පැහැදිලි කරයි.

ඊට අමතරව Launceston නගරයද ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්තයේ නිවාස සඳහා කදිම ආයෝජනයක් බව ඔහු පවසයි.

Australia’s Property hotspots for 2020
Source: AAP

බ්‍රිස්බේන් කලාපය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ගත් කළ නිවාස වෙළෙඳපොළේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවට අනාවැකි පලවන්නේ බ්‍රිස්බේන් නුවරින් පිටත පිහිටි උප නගර වලටය.

විශේෂයෙන්ම බ්‍රිස්බේන් සිට Cairns සහ Mackay දක්වාවූ පිටතට විහිදෙන කලාපයේ පිහිටි උප නගර ඒ සඳහා වඩාත් යෝග්‍ය බව නිවාස හා දේපළ වෙළෙඳපොළේ ප්‍රවීණයකු වන Simon Pressley පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වෙත මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇති අතර එනිසාම ප්‍රාදේශීය කලාප වල නිවාස වෙළෙඳපොළ වෙතද ඉහළ අවධානයක් යොමුවී ඇත.

ඒ අතරින් Mildura සහ Bendigo ප්‍රදේශ විශේෂ ස්ථානයක් ගන්නා බව Simon Pressley පවසයි.

Australia’s Property hotspots for 2020
Source: AAP

සිඩ්නි කලාපය

මේ වසර අග භාගය වන විට හා ලබන වසර වන විට සිඩ්නි කලාපයේ ද දැරිය හැකි මට්ටමේ නිවාස මිල සහිත උප නගර ඇතිවේ යයි නිවාස හා දේපළ වෙළෙඳපොළේ ප්‍රවීණයකු වන Lesley Gregg අනුමාන කරයි.

එහිදී Kingsford සහ Botany ප්‍රධාන තැනක් ගන්නා බව ඔහු පවසයි.

පර්ත් කලාපය

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පර්ත් කලාපයද මේ වන විට නිවාස වෙළෙඳපොළේ නැග්මක් පෙන්නුම් කරන බවත් ඒ අනුව 2020 වසරේ පර්ත් කලාපය නිවාස මිලට ගැනීමට මෙන්ම ඒ සඳහා ආයෝජනය කිරීමටද වඩා යෝග්‍ය බවත් වාර්තා වේ.

Australia’s Property hotspots for 2020
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now