ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට ඔස්ට්‍රේලියාව තවත් උණුසුම් සහ වියළි රටක් බවට පත්වන බවත් එනිසාම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ජනතාව දේශගුණික වශයෙන් සරණාගතයින් බවට පත්වන බවත් ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥ සහ භූ භෞතික විද්‍යාඥ ආචාර්ය Michael Mann පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පවතින බරපතල ලැව් ගිනි තත්ත්වය හරහා ඒ බව මනාව පෙනී යන බව ඔහු පැහදිලි කරයි.

Source: AAP
ඔස්ට්‍රේලියානුවාසීන් දේශගුණික සරණාගතයින් වෙයි
ඔස්ට්‍රේලියාව ක්‍රමිකව වියළි සහ උෂ්ණත්වය අධික වන රටක් බවට පත්වෙමින් පවතින බවත් මිනිස් වාසයට එය බරපතල බලපෑම් එල්ල කරන බවත් Pennsylvania රාජ්‍ය විශ්ව විද්‍යාලයේ Earth System Science මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආචාර්ය Michael Mann පවසයි.
මේ තත්ත්වය හේතුවෙන් අවාසනාවකට ලෝක දේශගුණික සරණාගත ලැයිස්තුවට ඔස්ට්‍රේලියාව ද එක්වන බව ඔහු පැහැදිලි කරයි.
දේශගුණික රටාව අහිතකර ලෙස වෙනස් වීම නිසා හෝ බරපතල අන්දමේ අයහපත් කාලගුණ බලපෑම් නිසා හෝ තම වාසස්ථාන අතහැර යාමට සිදුවන පිරිස් දේශගුණික සරණාගතයින් ලෙස හඳුන්වයි.
විද්‍යාඥයින් විසින් හඳුන්වන "fire weather" හෙවත් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන ලැව් ගිනි තත්ත්වයන් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ දක්නට ඇති බව ආචාර්ය Michael Mann පවසයි.
අධික උෂ්ණත්වය, අඩු වර්ෂාපතනය, වියළි සුළං සහ අඩු ආර්ද්‍රතාව එම කාලගුණ රටාවේ ප්‍රධාන සාධක බව ඔහු පවසයි.
මේ හේතුවෙන් ලැව් ගිනි වලට අමතරව දැඩි නියං තත්ත්වයන්ද ඇතිවන බවත් එම අත්දැකීම් මේ වන විට ඔස්ට්‍රේලියාව අත්දකිමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

Source: AAP
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති වලට අනුව වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය 26% කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කර තිබේ.
නමුත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව බොහෝ ප්‍රවීණයින් ඇතුළු බොහෝ ඔස්ට්‍රේලියානුවෝ පවසති.
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද අගමැති මොරිසන්ගේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි තත්ත්ව හටගත් බවට පවසමින් අගමැති මොරිස්න්ට සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව දැවැන්ත විවේචන මේ වන විට එල්ලවෙමින් පවතී.
මේ අතර දේශගුණික විපර්යාස මැඩලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමාණවත් තරමේ වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවූ බවට එල්ල වන චෝදනා අගමැති Scott Morrison ප්‍රතික්ෂේප කරයි.
දේශගුණික විපර්යාසයේ බලපෑම් හඳුනාගෙන ඇති නමුත් මෙම ලැව් ගිනි සමග ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස මැඩලීම සඳහාවූ ප්‍රතිපත්ති පටලවා නොගත යුතු බව අගමැති Scott Morrison, ABC රූපවාහිනියට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
කෙසේවෙතත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කිරීමෙන් ඔස්ට්‍රේලියාවට තම කාබන් විමෝචන කප්පාදු කිරීමේ ඉලක්ක ඉතා පහසුවෙන් ළඟා කරගත හැකි බව ආචාර්ය Michael Mann පවසයි.

Source: SBS Sinhala