SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන්ට නව ගණිත විෂයයක් හඳුන්වා දීමට පියවර (SBS සිංහල/ වාර්තා)

Victoria to introduce new VCE maths subject
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන්ට නව ගණිත විෂයයක් හඳුන්වා දීමට සූදානම් වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම නව ගණිත විෂයය, අවම මට්ටමේ ගණිතමය විෂයයක් (lower level maths subject) බව වාර්තා වේ.

Victoria to introduce new VCE maths subject
VCE exam Source: AAP

නව ගණිත විෂයය සහ එය හඳුන්වා දීමට හේතු

වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන් ගණිතය හැදෑරීමට මැලිකමක් දක්වන බවට පසුගිය සමයේ සිදු කළ අධ්‍යන වලින් පෙනී යාමත් සමග අධ්‍යාපන බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්ව ගණිතය විෂයයට යොමු කරවීම උනන්දු කරවීමේ අරමුණින් මෙලෙස අවම මට්ටමේ ගණිතමය විෂයයක් අලුතින් හඳුන්වා දීමට ඔවුහු සැරසෙති.

විශේෂයෙන්ම රැකියා සොයන තරුණ පිරිසේ ගණිතය පිළිබඳ හැකියාව සම්බන්ධව සේවායෝජකයින් එතරම් තෘප්තිමත් නොවන බව අනාවරණය වීමෙන් අනතුරුව මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීහු අවධානය යොමු කළහ.

ඒ අනුව 12 වසරේ විෂයයක් ලෙස මෙම නව ගණිත විෂයය වන Foundation maths හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි Victorian Curriculum and Assessment Authority හෙවත් වික්ටෝරියානු විෂයය මාලා සහ ඇගයීම් අධිකාරිය තහවුරු කළ බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව මෙම නව ගණිතය විෂයයත් සමග 12 වසරේ VCE මුළු ගණිතය විෂයයන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ යන බව සඳහන්.

Dozens of Victorian students sitting for the VCE exam have tested positive to COVID-19
Dozens of Victorian students sitting for the VCE exam have tested positive to COVID-19 Source: Getty Images

Foundation maths

12 වසරේදී ගණිතය විෂයයක් ලෙස තෝරා නොගන්නා සිසුන් සහ VCAL විභාගය සඳහා පෙනී සිටින සිසුන් මෙම නව ගණිතය විෂයය හඳුන්වා දීම නිසා තම අවසන් වසරේ විෂයයක් ලෙස ගණිතය තෝරාගැනීමේ වැඩි ඉඩක් පවතීවි යනුවෙන් අධ්‍යාපන බලධාරීහු විශ්වාස කරති.

සාමාන්‍යයෙන් මෙම මූලික ගණිතය විෂයය පැවතෙන්නේ 11 වසර දක්වා පමණක් බවත් එය සාපේක්ෂව ඉතා පහසු විෂයයක් බවත් හැඳින්වේ.

ඒ සඳහා data, measurement, space, shape සහ design යන විෂයය අංග ඇතුළත් වේ.

මෙම නව යෝජනාව යටතේ 12වසරේ වුවද සිසුන්ට Foundation maths හැදෑරීමට හැකියාව ලැබෙන අතර එහිදී empirical data, earth geometry, සහ practical applications of probability යන අංශ උගත හැකිය.

තමන්ගේ ගණිතය හැකියාව දුර්වල යන්න සිසුන්ගේ මනසට යාම අධෛර්ය කිරීමට මෙම නව ගණිතය විෂයය හඳුන්වා දීමට බලධාරීන් වග බලාගෙන ඇති බව වාර්තා වේ.

Victoria to introduce new VCE maths subject
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now