International Mother Language Day හෙවත් “ජාත්‍යන්තර මව් භාෂා දිනය” අදට (21/02) යෙදී තිබේ.
ලොව පවතින භාෂාවන් අතර ශ්‍රී ලාංකිකයින්ගේ මව් බස වන “සිංහල භාෂාව” පිළිබඳ සහ එහි ඇති අද්විතීය ගති ලක්ෂණ පිළිබඳ “ජාත්‍යන්තර මව් භාෂා දිනය” නිමිති කොටගෙන ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.
සිංහල භාෂාවේ ඉතිහාසය මෙන්ම එහි ඇති අපූර්වත්වය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

සිංහල භාෂාවේ ඉතිහාසය
සිංහල භාෂාවේ ඉතිහාසය ක්‍රි.පූ. 3 වන සියවස දක්වා ඈත අතීතයට දිව යන බව ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසයි.
ක්‍රි. පූ. 2 සියවස අවසානයේ හෝ 3 සියවසේ මුලට අයත් යෑයි විශ්වාසිත හිරියාලේ පෙරිය කඩුව විහාර සෙල්ලිපියෙහි, ප්‍රථම වරට 'අ' 'ඉ' 'ය' යන අක්‌ෂර පරණවිතාන මහතා කියවන ලද බව පුරාතන සිංහල යුගය, පිළිබඳ ගයිගර් පඬිවරයා උපුටා දක්‌වමින් සඳහන් කළ හැකිය.
ලාංකිකයන් අතර බල පෑ භාෂා අතර පළමු භාෂාව ලෙස ඉතිහාස ගතව ඇත්තේ, සංස්‌කෘත භාෂාව වන අතර ආගමික පක්‌ෂයෙන් ප්‍රබල තැනක් හිමිකර ගත්තේ, පාලි භාෂාවය.
රාවණ රජු ගේ නිර්මාණ ලෙස විද්වතුන් හඳුන්වා දෙන කුමාර තන්ත්‍ර හා අර්ථ ප්‍රකාශ යන වෛද්‍ය ග්‍රන්ථ මෙන්ම, චක්‍රපාණි වැනි භාරතීය විද්‍යාඥයන් ගේ රාවණ පිළිබඳ සංස්‌කෘත භාෂාවේත් වෛද්‍ය විද්‍යාවේත් පිළිගැනීම මෙන්ම, රාවණා පුලස්‌ති සෘෂි වරයා ගේ මුණුපුරා වීමද සංස්‌කෘත භාෂාවේ ආලෝකය අපරදිග ව්‍යාප්ත වීමට මහත් පිටු බලයක් වුවා යයි විද්වත්හු පෙන්වා දෙති.
සිංහල භාෂාවේ උපත පිළිබඳ අදහස් දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසන්නේ "සිංහලය, ද්‍රවිඩ භාෂාවෙන් නොව ඉන්දු ආර්ය ප්‍රාකෘතයකින් හටගත් එකක් බවකි.
එය මුලදී පාලියෙන් ද පසු කලෙක සංස්‌කෘතයෙන්ද පෝෂණය විය.
සිංහලයේ පරිණාමය පහත පරිදි කොටස් තුනකට බෙදා දැක්විය හැකියි.
• සිංහල ප්‍රාකෘතය - ක්‍රි.පූ. 3සිට ක්‍රි.ව. 7/8 දක්‌වා
• මධ්‍යතන සිංහලය - ක්‍රි.ව. 18 දක්‌වා
• නූතන සිංහලය - ක්‍රි.ව. 18 වන සියවසේ සිට වර්තමානය තෙක්

සිංහල භාෂාවේ ප්‍රධාන හෝඩි
ප්‍රධාන වශයෙන් ගත් කළ සිංහල භාෂාවේ ප්‍රධාන හෝඩි දෙකක් පවතින බව ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසයි.
ඒවා පහත පරිදි වේ.
01.ශුද්ධ සිංහල හෝඩිය
02.මිශ්‍ර සිංහල හෝඩිය
ශුද්ධ සිංහල හෝඩිය
අමිශ්‍ර සිංහල හෝඩිය ලෙසද මෙය හැඳින්වේ.
මුළු අක්ෂර සංඛ්‍යාව - 32
වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.

මිශ්‍ර සිංහල හෝඩිය
මුළු අක්ෂර සංඛ්‍යාව - 54
ස්වර - 18
ව්‍යංජන - 36
එමෙන්ම මිශ්‍ර සිංහල හෝඩිය සඳහා ඟ,ඦ,ඬ, ඳ, ඹ සහ ෆ යන අක්ෂර එක්වී පසු කලෙක නූතන සිංහල හෝඩිය බිහිවූ අතර එහි ඇති මුළු අක්ෂර සංඛ්‍යාව 60 කි.

සිංහල අකුරු ලිව්ව හැටි.
මුල් අවධි වලදී සිංහල භාෂාව සෙල් ලිපි වල කෙටූ අතර ඉන් අනතුරුව පුස් කොළ පොත් (තල් පත්) වල සටහන් කරන ලදී.
පසුව ඒවා කඩදාසි වල මුද්‍රණය කළ අතර මේ වන විට පරිගණක කර තිබේ.

සිංහල අක්ෂර රවුම් හැඩයක් ගන්නේ ඇයි?
සිංහල අක්ෂර මෙතරම් හැඩ සහ රවුම් ආකාරයක් ගන්නේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරයි.
සිංහල අක්ෂර වටකුරු හැඩයට විකාශනය වී ඇත්තේ පුරාතනයේ එය ලේඛණගත කරන ලද සම්ප්‍රදායන්ට අනුගත වෙමින් බව පෙනී යයි.
අතීතයේදී සිංහල භාෂාව අක්ෂර ලෙසින් ලේඛණගත වූයේ පදම් කරගත් තල් පත් මතය.
තල් පත් මත ලිවීමේදී තල් පත ඉරී යන හෙයින් සෘජු රේඛාවන් ඇඳිය නොහැකි විය.
එනිසා තල් පත් මත ලිවීමේ පහසුව සඳහා සිංහල අක්ෂර මාලාව වටකුරු හැඩයට විකාශනය වී ඇති බව වාර්තා වේ.

සිංහල භාෂා සාහිත්‍යය
සිංහල භාෂාවේ ආරම්භයේ සිටම සාහිත්‍යක් ගොඩනැගුනු බව ආචාර්ය අබේසුන්දර මහතා පවසයි.
ඒවා ගද්‍ය, පද්‍ය හා චම්පු ලෙස හැඳින්වෙන බව ඔහු සඳහන් කරයි.
ගද්‍ය යනු වාක්‍ය ලෙස රචනය කරන ඒවා බවත් පද්‍ය යනු සිද්ධාන්ත ගතව ගුරු ලඝු හා මාත්‍රා යොදා රචනය කරන ඒවා බවත් චම්පු යනු ගද්‍ය හා පද්‍ය මිශ්‍ර කොට රචනය කිරීම බවත් ඔහු පැහැදිලි කරයි.

සිංහල භාෂාවේ අද්විතීය ලක්ෂණ
අං සහ අඃ අක්ෂර ද්විත්වයට "බින්දුව" සහ "බින්දු දෙක" යනුවෙන් පැවසුවත් ඒවායේ නියම නම් අනුස්වරය සහ විසර්ගය වේ.
හෝඩියේ පැමිණෙන අක්ෂර 60 ට අමතරව අක්ෂර ආශ්‍රිත සංඛේත 18 ක් සිංහල භාෂාවට තිබේ.මේවා පිල්ලම් (diacritic) වශයෙන් හැඳින්වේ. (උදා: හල්කිරීම, ඇලපිල්ල, ඇදය)
සිංහල භාෂාවේ “ණ” අක්ෂරය, වචනයක මුලට යෙදිලා ආරම්භ වන වචන ඇත්තේ දෙකක් පමණි. එනම් ණහවා (සුනඛයා) සහ ණය යන වචනය.
මාල දිවයිනේ භාවිතා කරන දිවෙහි භාෂාව සිංහල භාෂාව මගින් පෝෂණය වුවක් ලෙස සැලකේ.
www.thetoptens.com වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට සිංහල භාෂාවට ජාත්‍යන්තර භාෂාවන් අතර විශේෂ ස්ථානයක් හිමිව ඇත.
- Top 10 Best Sounding Languages – 11 වන ස්ථානය
- Most Beautiful Languages – 12 වන ස්ථානය
- Hardest Languages to learn – 18 වන ස්ථානය
- Most Difficult Asian Languages – 20 වන ස්ථානය
Image
සිංහල භාෂාව වඳ වීමේ තර්ජනයකට ලක්ව පවතිනවාද?
ලෝකයේ භාෂා 6,000 – 7,000 අතර තිබෙන බවත්, එයින් අඩක් පමණම අවභාවිතය නිසා වසර 2100 වන විට මළ භාෂා බවට පත් විය හැකි බවත් වාග්විද්‍යාඥයින් අනතුරු අඟවයි.
නමුත් එම ලයිස්තුවේ සිංහල භාෂාව නොමැති බව UNESCO Interactive Atlas of the World’s Languages in Danger වෙබ් අඩවිය පවසයි.
එයට අනුව ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට ලක් ඇත්තේ “වැදි බස” බව දැක්වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

