ඔස්ට්‍රේලියාවේ සියළුම ටෙරටරි හා ප්‍රාන්ත සමරන පාස්කු හෙවත් Easter නිවාඩු දිනයන් පිළිබඳව ඔබ දන්නවා ද?
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
පාස්කු දින සැමරුමේ අරුත
පාස්කු දිනයේ දී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සමරනු ලැබෙයි. එසේම උත්තරාර්ධ ගෝලයෙහි පිහිටි රටවල් වසන්ත සමයෙහි ඇරඹුම හා නව ජීවිත වල ආරම්භය ද මීට අමතරව සමරයි. නමුත් දක්ෂිණාර්ධ ගෝලයෙහි පිහිටි ඔස්ට්‍රේලියාව වසන්ත සමය සැමරීම වෙනුවට තමන් ලැබූ අස්වැන්න සමරනු ලබයි.
ක්‍රිස්තියානි බැතිමතුන් සමරන පාස්කු දිනය ඔස්ට්‍රේලියාවේ පොදු නිවාඩු දිනයකි. නමුත් ඔස්ට්‍රේලියාවේ Orthodox බැතිමතුන් වෙනත් දිනයක දී පාස්කු දිනය සමරන අතර එදින පොදු නිවාඩු දිනයක් නොවෙයි. මීට හේතුවී තිබෙනුයේ Orthodox ප්‍රජාව පාස්කු දිනය පැරණි ජුලියන් දින දර්ශනයට අනුව සැමරීමයි.
ක්‍රිස්තියානි ප්‍රජාව අනුගමනය කරනුයේ අටවන ග්‍රෙගරි පාප්තුමා හඳුන්වා දුන් දින දර්ශනයයි.
පාස්කු බිත්තර හෙවත් Easter Eggs
පාස්කු බිත්තර යනු පාස්කු සමය සැමරීමට යොදා ගන්නා විවිධ වර්ණ යොදා අලංකාර කෙරූ බිත්තරයි. සාම්ප්‍රදායිකව මේ සඳහා කුකුළු බිත්තර යොදා ගත් අතර අද වන විට වැඩියෙන් භාවිතයට ගනුයේ චොකලට්ය.

ක්‍රිස්තියානි ප්‍රජාව විසින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ හිස් සොහොන හා නව ජීවිතයක ආරම්භය ඒ තුළින් සංකේතවත් කරයි.
Orthodox ප්‍රජාව ද පාස්කු බිත්තර ක්‍රිස්තියානි ප්‍රජාව මෙන් සූදානම් කරයි. නමුත් මෙම බිත්තර වර්ණ ගන්වනුයේ රතු පැහැයෙන් පමණයි. එම රතු පැහැයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමේ දී හෙලූ රුධිරය සංකේතවත් කරයි.

ඔස්ට්‍රේලියාව තුල පමණක් නොව ලෝකය පුරාම Easter egg hunt හෙවත් පාස්කු බිත්තර සෙවීමේ විනෝදාත්මක ක්‍රීඩාව සඳහා ද මෙම බිත්තර යොදා ගනියි.

පාස්කු බිල්බි හෙවත් Easter Bilby
පාස්කු සැමරුම් සංකේතයක් ලෙස අනෙකුත් රටවල දී පාස්කු හවා භාවිතා කල ද ඔස්ට්‍රේලියාව තුල දී පාස්කු බිල්බි හෙවත් Easter Bilby භාවිතා කරනු දැකිය හැකියි. මේ සඳහා හේතුවී තිබෙනුයේ බිල්බි සත්වයා රටට ආවේනිකවූ සත්වයකු වීමයි.
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

