ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික සංක්‍රමණික කෝටාවන් සහ ඔවුන්ගෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවන බලපෑම (SBS සිංහල/ වාර්තා)

migration intake

Source: AAP

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව කප්පාදු කළ යුතු බවට මේ වන විට යම් යෝජනාවක් ඔස්ට්‍රේලියාවේ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර කොරෝනා වයිරසය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු දේශ සීමාවන් වසා දැමීමට මධ්‍යම රජය පියවර ගත් නිසා මේ වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයින්  ගේ ප්‍රමාණය 85% කින් පමණ කප්පාදු වනු ඇතැයි රජය ගණන් බලා ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


කෙසේනමුත්,  ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන තාවකාලික වීසා ලාභීන් ප්‍රමාණය කප්පාදු කරන ලෙස ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristine Keneally මේ සතිය මුලදී පැවසුවාය.

ඒ සමගම ස්ථිර සංක්‍රමණිකයින් සහ තාවකාලික සංක්‍රමණිකයින් පිළිබඳ ප්‍රබල විවාදයක් ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ඇතිවෙමින් පවතින අතර එම සංක්‍රමණිකයින් ඛාණ්ඩ ද්විත්වය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට බලපාන අයුරු පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

migration intake
Source: SBS

ස්ථිර සංක්‍රමණිකයින් සහ තාවකාලික සංක්‍රමණිකයින්

පසුගිය වසර කිහිපය මුළුල්ලේම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන තාවකාලික වීසා ලාභීන් මත යැපුණු බවත් ස්ථිර පදිංචිය හිමි කරදෙන ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත බැස තිබුණු බවත් වාර්තා විය.

පසුගිය අප්‍රේල් මාසය වන විට මිලියන 2.1 ක් පමණවූ තාවකාලික සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාව නිවහන සපයන අතර එම පිරිසට ජාත්‍යන්තර සිසුන්, කෙටි කාලීන රැකියා වීසා ලාභීන් සහ working holiday වීසා ලාභීන් ඇතුළත් වෙති.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබූ සංක්‍රමණිකයින් ප්‍රමාණය මිලියන 1.78 ක් පමණ වන බව සඳහන්.

පසුගිය වසර වන තෙක් ස්ථිර පදිංචිය හිමි කරදෙන වාර්ෂික කෝටාව 190,000 ක් වූ නමුත් එය පසුගිය වසරේ සිට 30,000 කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන වාර්ෂික කෝටාව 160,000 කි.

අනෙක් පසින් 2011 වසරේ මිලියන 1.6 ක් වූ තාවකාලික වීසා ලාභීන් ප්‍රමාණය 2019 දෙසැම්බර් මාසය වන විට මිලියන 2.4ක් දක්වා වැඩිවී ඇති බවද වාර්තා වේ.

දැනට පවතින මන්දාගාමී ක්‍රියා පටිපාටිය නිසා එම තාවකාලික වීසා ලාභීන් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට විශාල කාලයක් බලා සිටීමට සිදුවී තිබේ.

මේ අතර මෙල්බර්න් හා සිඩ්නි නගර වලින් සංක්‍රමණිකයින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණිකයින්ව යොමු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩයක් ඔවුන් විසින් හඳුන්වා දෙන ලදී.

migration intake
Source: AAP

මෙම සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රැකියා කරන්නන් හට බලපාන්නේ කෙසේද?

ලොව ප්‍රමුඛ පෙළේ රටවල් සමග සංසන්දනය කරන විට දෙවැනි විශාලතම සංක්‍රමණික ශ්‍රම බලකාය ඇත්තේ ඔස්ට්‍රේලියාව සතුවය.

ඔස්ට්‍රේලියාව එහිදී දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

තාවකාලික සංක්‍රමණිකයින්ව ඇතැම් ඔස්ට්‍රේලියානු සේවායෝජකයින් විසින් ඉතා බරපතල ලෙස සූරා කන බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සභාව අනතුරු අඟවමින් සිටියි.

ඔස්ට්‍රේලියානුවෙකු සේවයේ යොදවනවා වෙනුවට ඉතා අඩු වැටුපකට තාවකාලික සංක්‍රමණිකයෙකු සේවයේ යොදවමින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට ඇතැම් සේවායෝජකයින් ක්‍රියා කරන බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර රැකියා පුරප්පාඩු සඳහා සැමවිටම ඔස්ට්‍රේලියානුවන් හට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධාරණය කරන අතර ඒ සඳහා ක්‍රමවේදයක් ද ඔවුන් විසින් නිර්මාණය කර තිබේ.

migration intake
Source: Getty Images

අයිතිවාසිකම් සහ ආර්ථිකයට බලපෑම

ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණිකයින්ට වඩා තාවකාලික සංක්‍රමණිකයින් හට ඇති හිමිකම් ප්‍රමාණය අඩු වන අතර ඔවුන්ට රජයෙන් ලබාදෙන බොහෝ වරප්‍රසාද ද ලබාගනීමට නොහැකිවේ.

පවතින කොරෝනා වසංගතය අතරේදී ඒ බව මනාව පැහැදිලි විය.

කොරෝනා අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් තමන්ව බලා ගැනීමට නොහැකි යම් තාවකාලික සංක්‍රමණිකයෙකු සිටීනම් ඔහුට හෝ ඇයට තම මව් රටට යාමට අවස්ථාව ඇති බව අගමැති මොරිසන් පසුගිය මාසයේදී පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ආර්ථික වර්ධනය 1% කින් ඉහළ දැමීමට සංක්‍රමණිකයින් විශාල දායකත්වයක් ලබා දී ඇති බව Grattan  ආයතනයේ ආර්ථික විද්‍යාඥ John Daley, SBS පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් නිසා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 39 ක් පමණ එක්වන බව ඔවුන් පෙන්වා දෙයි.

Sinhalese
Source: SBS Sinhala

Share

3 min read

Published

Updated

By Madhura Seneviratne, Tom Stayner

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now