ඔස්ට්‍රේලියානු සංකේතය: වෙජිමයිට් සියවසක් සමරයි.

The original 1923 jar of Vegemite (AAP).jpg

The original 1923 jar of Vegemite Source: AAP

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳ සැල් වල රාක්කවලට වෙජිමයිට් පැමිණ මේ වන විට සියවසක් ගත වී තිබේ.වෙජිමයිට් වලට ඔබ කැමති වුණත් නැතත් , එය මේ රට පුරා පැතිරුණු ජාතික වස්තුවක් බවට පත්ව තිබේ.සෑම වසරකම වෙජිමයිට් බෝතල් මිලියන 20 කට වඩා අලෙවි වන බවට තොරතුරු වාර්තා වේ.


ඔස්ට්‍රේලියාවේ සංකේතයක් වන වෙජිමයිට් තැවරුම එහි පළමු සියවස සමරයි.

නමුත් වෙජිමයිට් ගැන ජනතා මතය මතභේදාත්මකය.ඇතැමුන් ඒ රසයට ඉතාම ප්‍රිය කළත් ඇතැමුන් ඊට කොහෙත්ම ප්‍රිය නොකරයි.

කෙසේ නමුත් දීප්තිමත් කහ පියන සහ ඊටම අනන්‍ය ලුණු රසය මගින් පහසුවෙන් හඳුනාගත හැකි වෙජිමයිට් තැවරුම ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ කොටසක් වේ.

ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔස්ට්‍රේලියාව පුරා ප්‍රබලව ව්‍යාප්ති වී ඇති වෙජිමයිට් "ඔස්ට්‍රේලියාවේ රස" යන්නට සමාන පදයක් වී හමාරය.

වෙජිමයිට් මේ තරම් ජනප්‍රිය වීමට හේතුවක් වන්නේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් කුඩා කල සිටම මේ රසට හුරු වීමයි.

RMIT විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අලෙවිකරණය පිළිබඳ සහකාර මහාචාර්ය බර්නාඩෝ ෆිගුරේඩෝ පවසන්නේ වෙජිමයිට් වල විශිෂ්ට සාර්ථකත්වය සඳහා අපේ කම පිළිබඳ හැඟීම බලපා ඇති බවයි.

අද වන විට ලොව පුරා සෑම වසරකම වෙජිමයිට් නිෂ්පාදන මිලියන 20 කට වඩා අලෙවි වන නමුත් වෙජිමයිට් හි ආරම්භය ඉතාම කටුක වේ.

1923 දී Vegemite පළමු වරට වෙළඳ පොලට පැමිණි විට ඒ පිළිබඳ නිෂ්පාදකයින්ට බොහෝ බලාපොරොත්තු තිබුණත් එය පාරිභෝගිකයින්ගේ සිත් ගත්තේ ඉතා අඩු වශයෙනි.

Jamie Callister යනු Vegemite හි නිපැයුම්කරුගේ මුණුපුරා වේ.ඔහු ඔඅවසන අන්දමට මේ සියල්ල ආරම්භ වූයේ, ව්‍යාපාරික ව්‍යවසායකයෙකු වන ෆ්‍රෙඩ් වෝකර් විසින් බීර සාදන යීස්ට් වලින් තැවරුමක් නිපදවීමට ජේමිගේ සීයා වන ආචාර්ය සිරිල් කැලිස්ටර් නම් රසායන විද්‍යාඥයා යොදා ගැනීමත් සමගයි.

ආචාර් සිරිල් විසින් නව වෙනසක් සිදු කරන්නේ කෙසේදැයි ඔහුගේ සගයන් සැක පල කළ බැවින් එම පරිසරය මුලින් ඔහුට සතුරු පරිසරයක් වූ බව කැලිස්ටර් මහතා පවසයි.

අත්හදා බැලීම් සහ දෝෂ සහිත පරීක්ෂණ ගණනාවක් අවසානයේ මෙම රසායන විද්‍යාඥයා "කහ පාට බෝතල්" තුළ දැන් අපි රස කර කන වෙජිමයිට් නිපදවා තිබේ.

නමුත් මෙම "වෙජිමයිට් "යන සන්නාමය ඔස්ට්‍රේලියානු සංස්කෘතික නිර්මාණයක් වේ.

එහි රසය සඳහා මෙන්ම දෙවන ලෝක යුද්ධයේදී සොල්දාදුවන් විසින් ආහාර අතිරේකයක් ලෙස භාවිතා කරන ලද විටමින් B ප්‍රභවයක් ලෙසද මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කොට අලෙවි කරනු ලැබේ.

ජාතික අනන්‍යතාවය සහතික කිරීමේදී වෙජිමයිට් එහි ස්ථානය තහවුරු කළ එකම දේශප්‍රේමී සිදුවීම එය පමණක් නොවන බව

මහාචාර්ය ෆිගුරේඩෝ පවසයි. ඔලිම්පික් උළෙල එහි අලෙවිකරණයේ සන්ධිස්ථානයක් වූ බව ඔහු පෙන්වා දේ.

වෙජිමයිට් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විකුණනු ලබන අතර එය කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමරිකාව වෙතද අපනයනය කරනු ලබයි.

පසුගිය වසර 100 පුරාවට එයට ජාතික සංකේතයක් බවට පත් වීමට හැකි වූ බැවින් මීළඟ සියවසේදී වෙජිමයිට් ලොව පුරා සංකේතයක් බවට පත් වීමට හැකි වනු ඇත.

එහි ප්‍රතිඵලය කුමක් වුවත්,

ඔස්ට්‍රේලියානුවන්ට එය ගැටළුවක් නොවන බව ජේමි කැලිස්ටර් එනම් වෙජිමයිට් නිපැයුම්කරුගේ මුණුපුරා පවසයි. ඔබ කැමති වුණත් අකමැති වුණත් වෙජිමයිට් නොසැලී සිය ගමන ඉදිරියටම යයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now