Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

2024 වසර්දී ඔස්ට්‍රේලියාවේ ගුරු උපාධියක් කිරීමට බලාපොරොත්තු වන නවක සිසුන්ට සුබ ආරංචියක්

A teacher sits beside a student;s desk and looks over their work in a workbook.

Ms Jenkins said he envisioned even with greater use of AI, there would always be need for a teacher in a classroom. Source: Getty / JohnnyGreig

2024 වසර්දී ඔස්ට්‍රේලියාවේ ගුරු උපාධියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නවක සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහාය වීමට ඩොලර් 40,000 දක්වා ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීම වෙනුවෙන් දැන් ඔවුන්ගේ කැමැත්ත ලියාපදිංචි කළ හැකිය.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


2024 වසර්දී ඔස්ට්‍රේලියාවේ ගුරු උපාධියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නවක සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහාය වීමට ඩොලර් 40,000 දක්වා ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීම වෙනුවෙන් දැන් ඔවුන්ගේ කැමැත්ත ලියාපදිංචි කළ හැකිය.


ඔස්ට්‍රේලියාවේ ගුරු ශ්‍රම බලකායේ ඇති හිඟය පියවා ගැනීම සඳහා උසස් තත්ත්වයේ අපේක්ෂකයින් ගුරු වෘත්තියට ආකර්ෂණය කර ගැනීම අරමුණින් ඩොලර් මිලියන 160 ක මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය ගුරු ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම ශිෂ්‍යත්ව සඳහා මෑත කාලීනව පාසල අවසන් කළ සිසුන්ට මෙන්ම වෙනත් වෘත්තියක සිට ගුරු වෘත්තියට මාරු වන පුද්ගලයින් දක්වා ඕනෑම කෙනෙකුට අයදුම් කළ හැකි වේ . ජාතික ගුරු ශ්‍රම බලකායේ ක්‍රියාකාරී සැලැස්මේ අනිවාර්ය අංගයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ගුරු ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ඉදිරි වසර පහ තුළ වාර්ෂිකව ශිෂ්‍යත්ව 1,000ක් පිරිනමනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ගුරු ශිෂ්‍යත්ව ලාභීන් විසින් ඔවුන්ගේ ගුරු උපාධියේ කාලසීමාවට සමාන කාලයක් සඳහා රජයේ පාසල්වල හෝ රජය විසින් පවත්වාගෙන යනු ලබන මුල් ළමාවිය සංවර්ධන කරන ආයතන වල ගුරුවරුන් ලෙස සේවය කිරීමට අවශ්‍ය වේ.

මෙම ශිෂ්‍යත්ව පැකේජය උපාධි අපේක්ෂකයින් සඳහා ඩොලර් 40,000 කින් සමන්විත වන අතර, වසර හතරක පාඨමාලාවක් සඳහා වසරකට ඩොලර් 10,000 බැගින් වෙන් කෙරේ. පශ්චාත් ගුරු උපාධියක් හදාරන සිසුන්ට ඩොලර් 20,000ක් ලැබෙන අතර වසර දෙකක පශ්චාත් ගුරු උපාධි අධ්‍යයන කාලයක් සඳහා වසරකට ඩොලර් 10,000ක් වෙන් කෙරේ.

දැනට උසස් අධ්‍යාපනය ලබන පාසල අවසන් කළ සිසුන් මෙන්ම,දැනට වෙනත් වෘත්තියක නියැලෙන්නන් ගුරු වෘත්තිකයන් වීමට දිරිමත් කිරීම ද මෙම වැඩසටහන මගින් සිදු වේ.එමෙන්ම ඔස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ට අයත් පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, ඉංග්‍රීසි අතිරේක භාෂාවක් හෝ උපභාෂාවක් වන පුද්ගලයින්, ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශවල පුද්ගලයින් , අඩු සමාජ ආර්ථික මට්ටම් වල සිටින පුද්ගලයින් ද ගුරුවරුන් වීමට මුලපිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉක්මනින් විවෘත වන අතර 2024 ජනවාරි 14 වෙනිදායින් එය අවසන් වේ. ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට දැන් ඕනෑම කෙනෙකුට තමන්ගේ කැමැත්ත ලියාපදිංචි කළ හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා,

Commonwealth Teaching Scholarship s: Old school idea to tackle new school challenge යන වෙබ් පිටුවට පිවිසෙන්න.

මේ පිළිබඳ ඔබේ කැමැත්ත ලියාපදිංචි කිරීමට, www.education.gov.au/teaching -scholarships වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now