ඔස්ට්‍රේලියාවේ නොමිලේ සිදුකරගත හැකි පිළිකා පරීක්ෂණ ගැන තොරතුරු මෙන්න. දැනුවත්වෙන්න, ජිවිත රැකගන්න

Bowel cancer screening kit - AAP

Bowel cancer screening kit Source: AAP

Cancer Screening test හෙවත් පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂා යනු පිළිකාවක මුල් ලක්ෂණ හඳුනාගැනීමේ වඩාත් ඵලදායී ක්‍රමයයි.පිළිකා සඳහා පරීක්ෂා කිරීම මගින් කල් ඇතුව පිළිකා හඳුනා ගත හැකි අතර එමගින් ජීවිත බේරා ගැනීමට හැකි වේ ඔස්ට්‍රේලියාවේ නොමිලේ සිදු කර ගත හැකි පිළිකා හඳුනා ගැනීමේ පරික්ෂා ගැන දැනුවත් වෙන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


Cancer Screening test හෙවත් පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂා යනු පිළිකාවක මුල් ලක්ෂණ හඳුනාගැනීමේ වඩාත් ඵලදායී ක්‍රමයයි.පිළිකා සඳහා පරීක්ෂා කිරීම මගින් කල් ඇතුව පිළිකා හඳුනා ගත හැකි අතර එමගින් ජීවිත බේරා ගැනීමට හැකි වේ.

ඔබේ පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂා යාවත්කාලීන බව සහතික කර ගැනීම ඉතාම වැදගත් වේ. කොවිඩ් වසංගත සමය අතරතුර ඔබ, ඔබේ පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂා කල් දැමුවේ නම් හෝ ඔබට ඒවා මග හැරුනේ නම්, දැන් එම පරීක්ෂා සිදු කර ගැනීමට ඔබ වග බලා ගත යුතුය.

ඔබ කාර්යබහුල විය හැකි, නමුත් පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂා සිදු කර ගැනීම යනු ඔබේ ජීවිතය සුරැකිය හැකි දෙයක් වන බව ඔබ විසින් වටහා ගත යුතුය.

ඔස්ට්‍රේලියාවේ පිළිකා හඳුනාගැනීමේ ජාතික වැඩසටහන යටතේ පියයුරු පිළිකා, ආන්ත්‍රික පිළිකා සහ ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සඳහා වන පරීක්ෂා අන්තර්ගත වේ.

එබැවින් ඔබට මෙවැනි පරීක්ෂාවක් සිදු කර ගැනීමට ආරාධනාවක් ලැබී ඇත්නම්, අදම ඔබේ පරීක්ෂණය සිදු කර ගත යුතුය.

Cancer in Queensland is under review
Source: AAP / AAP

ගැබ් ගෙල පිළිකා

ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂා කිරීමේ නව වැඩසටහන යටතේ වයස අවුරුදු 25-74 අතර කාන්තාවන්ට මෙම පරීක්ෂාව සිදු කර ගැනීමට ආරාධනා කරනු ලැබේ. සෑම වසර 5 කට වරක් එම පරීක්ෂාව නැවත නැවතත් කළ යුතුය. ඔබ මෙම පරීක්ෂාව සඳහා ප්‍රමාද වී ඇත්නම් හෝ 2017 නොවැම්බර් මාසයේ සිට ගැබ් ගෙළ පිළිකා පරීක්ෂාවක් සිදු කර නොමැති නම්, ඔබේ GP වෙතින් එම පරීක්ෂාව සඳහා දැන්ම දිනයක් වෙන්කරවා යුතු වේ.

ආන්ත්‍රික පිළිකා

වයස අවුරුදු 50-74 අතර පුද්ගලයින්ට සෑම වසර දෙකකට වරක්ම ඔස්ට්‍රේලියානු රජය විසින් නොමිලේ මෙම පරීක්ෂණ කට්ටලයක් නිවස වෙත යවනු ලැබේ.

ආන්ත්‍රික පිළිකා පරීක්ෂා කිරීමේ පරීක්ෂණය ඉක්මන්, සරල සහ පහසු පියවර හතරකින් නිවසේදී සම්පූර්ණ කර ගත හැකිය.

පියයුරු පිළිකා

වයස අවුරුදු 50-74 අතර කාන්තාවන් සඳහා පියයුරු පරීක්ෂාව නිර්දේශ කර ඇති අතර සෑම වසර දෙකකට වරක් නැවත නැවතත් එය සිදු කළ යුතුය. වයස අවුරුදු 40-49 සහ 74 ට වැඩි කාන්තාවන් ද මෙම පරීක්ෂාව සිදු කර ගැනීම සඳහා සුදුසුකම් ලබයි.

මෙම පිළිකා කල් තියා හඳුනා ගැනීමේ වැඩසටහන් නොමිලේ ලබා ගත හැකිය. මෙම වැඩසටහන් වල අරමුණ වන්නේ රෝග ලක්ෂණ නොමැති නිරෝගී පුද්ගලයන්ගේ පවා ඉතා ඉක්මනින් පිළිකා හඳුනා ගැනීම හෝ ඇතැම් අවස්ථාවල දී ඔවුන්ට පිළිකා ඇති වීම වැළැක්වීමයි.

Cancer
Skin cancer Source: AAP

පිළිකා කල් ඇතුව හඳුනා ගැනීම

මුල් අවධියේදී හඳුනාගත් විට ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාර වඩාත් ඵලදායී වීමට ඉඩ තිබේ. රෝග ලක්ෂණ ඇතිවීමට පෙර හොඳින් පිළිකා හඳුනාගත හැකි වන පරිදි මෙම පරීක්ෂා සංවර්ධනය කර ඇත.

ජනගහනය පාදක කොට ගත් පිළිකා හඳුනාගැනීමේ ජාතික පරීක්ෂා වැඩසටහන යටතේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ ආන්ත්‍රික පිළිකා සඳහා වන පරීක්ෂා දැනටමත් ක්‍රියාත්මක වන අතර සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා මෙම පරීක්ෂා නොමිලේ සපයනු ලැබේ.

මෙහිදී ඔබ ඔබේ සිරුර ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ. ඔබේ පියයුරු වල අසාමාන්‍ය ගැටිත්තක් හෝ ඔබේ සමේ පෙර නොවූ විරූ ලපයක් හෝ කැලලක් දුටුවහොත් ඔබ වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු විය යුතුයි.

පිළිකා හඳුනාගැනීම සඳහා සාමාන්‍ය උපදෙස්

පිළිකාව කලින් හඳුනාගත් විට ප්‍රතිකාර වඩාත් ඵලදායී විය හැක. ඔබේ ශරීරයේ සිදුවන අසාමාන්‍ය වෙනස්කම් ගැන විමසිල්ලෙන් සිටින්න.

ඔබේ පියයුරු වල ගැටිත්තක් හෝ ඝන වූ ප්‍රදේශයක්, ඔබේ පියයුරු වල හැඩයේ හෝ වර්ණයේ යම් වෙනසක්, තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිට වීමක් , තන පුඩුවක් ඇතුලට හැරීම හෝ අසාමාන්‍ය වේදනාවක් තිබීම

බෙල්ලේ, කිහිල්ලේ හෝ ශරීරයේ වෙනත් ඕනෑම තැනක ගැටිත්තක් ඇති වීම

සුව නොවන තුවාලයක් හෝ වණයක් තිබීම

සුව නොවන කැස්සක්, උගුරේ ගොරෝසු බව හෝ කහින විට රුධිරය පිට වීමක් සිදු වීම

සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින සාමාන්‍ය වැසිකිලි පුරුදු වල වෙනස්කම්, මළ පහ සමඟ රුධිරය පිටවීම

සම මත අලුත් ඉන්නන් හෝ සමේ ලප ඇති වීම හෝ ඒවායේ හැඩය, ප්‍රමාණය හෝ

වර්ණය වෙනස් වීම හෝ ලේ ගැලීම

යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිට වීම හෝ ලේ ගැලීම

හේතුවක් නොමැතිව සිරුරේ බර අඩු වීම.

ඔබ යම් වෙනසක් දුටුවහොත් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න. වැඩි විස්තර සඳහා, 13 11 20 Cancel council අමතන්න.

පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ ආන්ත්‍රික පිළිකා කල් ඇතුව හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ නොමිලේ පරීක්ෂා වැඩසටහන් ඇති බවද මතක තබා ගන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now