ඔස්ට්‍රේලියාවේ පොලිසිය වරෙන්තු රහිතව සිදුකරන සෝදිසි කිරීම් වලදී සුදු ජාතිකක ප්‍රජාවට වඩා වැඩිවශයෙන් වෙනත් සංස්කෘතික පසුබිම් වලින් එන පිරිස් සෝදිසි කිරීමට පෙළඹෙන බවට නවතම අධ්‍යයනයකින් තොරතුරු හෙළිවෙනවා. සුදු ජාතිකයකුට වඩා ඔස්ට්‍රේලියාවේ ඉන්න වෙනත් ජාතිකයකු පොලිසිය විසින් සෝදිසි කිරීමේ හැකියාව තුන්ගුනයකටත් වඩා වැඩි බව මේ අධ්‍යයනයෙන් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුජාතික බහුතරයක් සිටින අපරාධ වැඩිවශයෙන් සිදුවන ප්‍රදේශවල පවා මේ තත්වය ඒ ආකාරයෙන්ම පවතින බව වාර්තා වෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






