Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ්

On the left is an image of a man in a suit standing next to a man lying in a hospital bed. On the right is a man in a blue button up next to the same man in the hospital bed.

Prime Minister Anthony Albanese and NSW Premier Chris Minns visited Ahmed Al-Ahmed in hospital, the hero shop owner who disarmed one of the alleged Bondi Beach gunmen. Source: AAP

ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.


Published

By Ana Henderson, Cameron Carr

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.


බොන්ඩායි වෙරළේ වේදනාත්මක මතකය අතරින් අද වන විට ලෝකයම ධනාත්මක ව කතා කරන ඔහු අහමඩ් අල්-අහමඩ් නම් සුළු පරිමාණ පලතුරු වෙළෙන්ඳෙකි.

තුවක්කුකරු නිරායුධ කිරීමට ඔහුට හැකි වුවත් එම ආයුධයෙන් තුවක්කුකරු වෙත වෙඩි තැබීමට ඔහු කටයුතු නොකිරීමත් දැඩි ප්‍රශංසාව ට ලක්ව තිබුණා.

සිදුවීමෙන් අනතුරුව ඔහුගේ වම් අතට ‌වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණු අතර හදිසි ශල්‍යකර්මයකට ද ඔහු ලක් කර තිබෙනවා.

ඔහුට ජීවිත අවදානමක් නොමැති නමුත් අතට සිදු වූ තුවාල බරපතළ මට්ටමේ පවතිනවා. ඔහුට පූර්ණ සුවය ලැබීමට මාස කිහිපයක් ගත වනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සඳුදා (15) රාත්‍රියේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අල්-අහමඩ් ගේ සුවදුක් විමසීමට රෝහල වෙත පැමිණ තිබුණු අතර ඔහුගේ ධෛර්ය සම්පන්න ක්‍රියාව ඉහලින් අගය කර තිබුණා

අනතුරුව අඟහරුවාදා (16) දහවල් සිඩ්නි හි ශාන්ත ජෝර්ජ් රෝහලේදී අහමඩ් අල්-අහමඩ් ගේ සුව දුක් විමසීමට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බේනිස් ද එක් වුණා.

ඔහුගේ නිර්භීතකම සියලුම ඕස්ට්‍රේලියානුවන්ට ආශ්වාදයක් බව අගමැතිවරයා එහිදී කියා සිටියා.

අල්-අහමඩ්ගේ දෙමාපියන් ද සිරියාවේ සිට සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින අතර අගමැතිවරයා රෝහලේ දී ඔවුන්ව ද මුණගැසී තිබුණා.

ඔහු වෙනුවෙන් සමාජ කණ්ඩායම් එක් වී පිහිටුවා ඇති ආධාර එකතු කිරීමේ අන්තර්ජාල ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 2 ට ආසන්න මුදලක් එකතු වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.

වැඩිදුර තොරතුරු සඳහා SBS News පිටුවට පිවිසෙන්න.

 SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now