බොන්ඩායි වෙරළේ වේදනාත්මක මතකය අතරින් අද වන විට ලෝකයම ධනාත්මක ව කතා කරන ඔහු අහමඩ් අල්-අහමඩ් නම් සුළු පරිමාණ පලතුරු වෙළෙන්ඳෙකි.
තුවක්කුකරු නිරායුධ කිරීමට ඔහුට හැකි වුවත් එම ආයුධයෙන් තුවක්කුකරු වෙත වෙඩි තැබීමට ඔහු කටයුතු නොකිරීමත් දැඩි ප්‍රශංසාව ට ලක්ව තිබුණා.
සිදුවීමෙන් අනතුරුව ඔහුගේ වම් අතට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණු අතර හදිසි ශල්‍යකර්මයකට ද ඔහු ලක් කර තිබෙනවා.
ඔහුට ජීවිත අවදානමක් නොමැති නමුත් අතට සිදු වූ තුවාල බරපතළ මට්ටමේ පවතිනවා. ඔහුට පූර්ණ සුවය ලැබීමට මාස කිහිපයක් ගත වනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සඳුදා (15) රාත්‍රියේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අල්-අහමඩ් ගේ සුවදුක් විමසීමට රෝහල වෙත පැමිණ තිබුණු අතර ඔහුගේ ධෛර්ය සම්පන්න ක්‍රියාව ඉහලින් අගය කර තිබුණා
අනතුරුව අඟහරුවාදා (16) දහවල් සිඩ්නි හි ශාන්ත ජෝර්ජ් රෝහලේදී අහමඩ් අල්-අහමඩ් ගේ සුව දුක් විමසීමට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බේනිස් ද එක් වුණා.
ඔහුගේ නිර්භීතකම සියලුම ඕස්ට්‍රේලියානුවන්ට ආශ්වාදයක් බව අගමැතිවරයා එහිදී කියා සිටියා.
අල්-අහමඩ්ගේ දෙමාපියන් ද සිරියාවේ සිට සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින අතර අගමැතිවරයා රෝහලේ දී ඔවුන්ව ද මුණගැසී තිබුණා.
ඔහු වෙනුවෙන් සමාජ කණ්ඩායම් එක් වී පිහිටුවා ඇති ආධාර එකතු කිරීමේ අන්තර්ජාල ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 2 ට ආසන්න මුදලක් එකතු වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.
බොන්ඩායි ප්‍රහාරය හා සබැඳි පුවත්

SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.







