SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා රේගුව තීරු බදු සහන සංශෝධනය කරයි. නවතම තීරු බදු රහිත භාණ්ඩ ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/ වාර්තා)

නව තීරු බදු සහන පුළුල් කිරීමේ තීරණය යටතේ නිවෙසකට අවශ්‍ය නාන කාමර කට්ටලයක්, අල්මාරියක්, කණ්නාඩි මේසයක් හා ඇඳක් සහිත නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල සහ සූර්ය කෝෂ, CC 350 ට වඩා අඩු යතුරු පැදියක් තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි බව වාර්තා වේ.

Sri Lanka Custom reformed duty free goods
Source: Sri Lanka Duty Free

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා රේගුව පසුගිය සතියේදී විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන කිහිපයක් නිවේදනය කර තිබේ.

ඒ අනුව විදේශ රටවල සිට සේවය කර ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දෙන තීරු බදු සහිත භාණ්ඩ සංඛ්‍යාවේ විශාල වෙනස්කමක් සිදු කර තිබේ.

නව තීරු බදු සහන පුළුල් කිරීමේ තීරණය යටතේ නිවෙසකට අවශ්‍ය නාන කාමර කට්ටලයක්, අල්මාරියක්, කණ්නාඩි මේසයක් හා ඇඳක් සහිත නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල සහ සූර්ය කෝෂ, CC 350 ට වඩා අඩු යතුරු පැදියක් තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි බව වාර්තා වේ.

මීට අමතරව මීට පෙර තීරු බදු ගෙවිය යුතුව පැවති ඇතැම් භාණ්ඩ සඳහා මෙම නව තීරණය යටතේ තීරු බදු සහන ලබා දීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

ඒ යටතේ ඩෙස්ක්ටොප් පරිගණක 1ක්, ලැප්ටොප් පරිගණක 1ක්, ජංගම දුරකථන 2ක් වැනි ජනතාවට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය භාණ්ඩ කිහිපයකට මෙම තීරු බදු සහනය ලබා දී ඇතැයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් සීමා කරන ලද භාණ්ඩ කිහිපයක් තිබෙන බවද ඒවා රැගෙන ඒමේදී සම්පූර්ණ බදු ගෙවීමට සිදුවන බවද ඔහු පැවසීය.

ඒවා පහත පරිදි වේ.

  • වායු සමීකරණ යන්ත්‍ර.
  • අධි ශීතකරණ.
  • ඩිෂ් වොෂර් යන්ත්‍ර.
  • උදුන් හතරක් සහිත විදුලි අවන්.
  • නව සහ පාවිච්චි කරන ලද ශීතකරණ (ලීටර් 500 ට වැඩි)
  • T.V. CRT (අඟල් 29 ට වැඩි)
  • T.V. LCD /LED/PLASMA (අඟල් 55 ට වැඩි)

ශ්‍රී ලංකා රේගුව විසින් සංශෝධනය කළ නව තීරු බදු සහන භාණ්ඩ ලැයිස්තුව මෙතනින්.

මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව සිටි කාලය අනුව ලැබෙන තීරු බදු සහන කෝටාව පහත පරිදි වේ.

Duty free allowance
Source: Sri Lanka Custom

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now