Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබටත් මේ දවස්වල නොදන්නා IDD අංක වලින් missed call එනවාද? එහෙනම් මේ ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ මේ පිළිබඳ විමර්ශනය කරන ආයතනයක් වන Scamwatch පවසන පරිදි දුරකථන ඇමතුම් හරහා සිදුවන වංචාවන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම වංචාව බව පැවසේ.

Phone scams

Source: Getty Images

පසුගිය මාස කිහිපය තුළ ඔබට නොදන්නා දුරකතන අංක වලින් ජාත්‍යන්තර ඇමතුම් ලැබුණාද?

එම ජාත්‍යන්තර ඇමතුම් බොහොමයක් missed call ද?

එසේත් නොමැතිනම්, ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට Centrelink ආයතනයෙන් හෝ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් යයි පවසා ඔබට දුරකතන ඇමතුම් පැමිණ තිබේද?

මේ අත්දැකීම් සඳහා ඔබ මුහුණ දුන් අයෙකු නම් ඔබ ජංගම දුරකතන වංචාවකට (Phone Scam)  එකකට හසුවී ඇත.

ඉන් ඔබේ මුදල් අහිමිවන්නට ද ඉඩ තිබේ.

Phone scams
Source: Getty Images

මොකද්ද මේ වංචාව?

ඔස්ට්‍රේලියාව තුළ සිදුවන මෙවැනි වූ වංචාවන් වලින් 40% ක්ම සිදුවන්නේ දුරකථන ඇමතුම් හරහා බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ මේ පිළිබඳ විමර්ශනය කරන ආයතනයක් වන Scamwatch පවසන පරිදි දුරකථන ඇමතුම් හරහා සිදුවන වංචාවන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම වංචාව බව පැවසේ.

ඊට අමතරව ඊමේල් හරහා 26.5% ක්ද කෙටි පණිවිඩ හරහා 15% ක්ද මෙවැනි වූ වංචා සිදු වේ.

මෙවැනි වූ වංචාවන් සඳහා දුරකතන ඇමතුම් ලබා ගැනීම ඉතා පහසු බවත් කම්කරු ශ්‍රමය සඳහා ඉතා අඩු මුදලක් ගෙවන රටවල් වල සිට ඒවා ක්‍රියාත්මක කිරීමට එතරම් පිරිවැයක් නොවන බවත් Australian Competition and Consumer Commission (ACCC) හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard, ABC පුවත් සේවයට පැවසුවාය.

Credit cards
Getty Images Source: Getty Images

කවුරුන් මෙහි ඉලක්ක වෙයිද?

තෝරා බේරාගැනීමක් නැතිව ඕනෑම වයසක, ඕනෑම ආදායම් තත්ත්වයක් පවතින හෝ ඔනෑම පසු බිමක් සහිත පුද්ගලයෙකු මෙම වංචාවන් සඳහා ඉලක්ක කෙරේ.

ඉතා මෑතකදී ජාත්‍යන්තරව පැතිරුණු "wangiri fraud," වංචාව (one ring) දුරකතන ඇමතුම් උපයෝගී කරගෙන සිදු කල ඇති අතර එම දුරකතන අංක බොහෝ දුරට dark web මගින් සොයා ගන්නට ඇති බව වාර්තා වේ.

එම දුරකතන ඇමතුම් කිහිප වරක් නාද වී විසංධි වන අතර ඔබ එම දුරකතන අංක වෙත නැවත ඇමතුමක් ලබා ගනීවි යයි ඔවුන් විශ්වාස කරයි.

මෙවැනි වූ වංචාවන් පිළිබඳ පසුගිය සතියේදී පැමිණිලි 277 ක් Scamwatch ආයතනයට ලැබී ති අතර එය 794% ක ඉහළ යාමකි.

මීට අමතරව Centrelink එකෙන් හෝ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් බව පවසා ඔබට ඇමතුම් ලැබෙන අතර ඔවුන් ඔබගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හා සනාථ කර ගැනීමට මෙවනි අලුත් ක්‍රම භාවිතා කරයි.

Banking
Getty Images Source: Getty Images

අදාළ දුරකතන ඇමතුම් වංචා සහගත ඒවා බව හඳුනා ගන්නේ කෙසේද?

මේ සඳහා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකි බව Australian Competition and Consumer Commission (ACCC) හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard, ABC පුවත් සේවයට පැවසුවාය.

 

  • දුරකතන ඇමතුම ලබා දෙන පාර්ශ්වය පරිගණක මෘදුකාංග සමාගමක් ලෙස පවසා ඔබේ පරිගණකයට ඇතුලු වී ඔබේ තොරතුරු සොරා ගනී.
  • ඇමතුමේ සාමාන්‍ය තත්වය ඉතා අඩු මට්ටමින් තිබීම.
  • රජයේ ආයතන නියෝජනය කරමින් ඇමතුම් ලබා දෙන විට.
  • ඇමතුම ලබා දෙන්නා අයුතු බලපෑමක් සිදු කරයි.
  • ඔබේ මුල්‍ය විස්තර අසා පැමිණෙන දුරකථන ඇමතුම්.
Scammers are now targeting superannuation accounts during coronavirus crisis
Scammers are now targeting superannuation accounts during coronavirus crisis. Source: Getty Images

ඔබ කුමක් කළ යුතුද?

ඔබගේ තොරතුරු ලබා දීමට ප්‍රථම පැමිණෙන වංචා කාරී ඇමතුම විසන්ධි කිරීම වඩා වැදගත් බව Australian Competition and Consumer Commission (ACCC) හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard, ABC පුවත් සේවයට පැවසුවාය.

ඊට අමතරව පහත සඳහන් ක්‍රියාවන් ඔබට පිළිපැදිය හැකි බව ACCC ආයතනය පවසයි.

ඔබ නොහඳුනන දුරකථන අංක වලින් missed call පැමිණි විට ඒවාට ප්‍රතිචාර දැක්වීමට නොයන්න.

ඔබට ආයතනයකින් කතා කරනවා සේ කරන විට වහාම ඇමතුම විසන්ධි කර අදාළ ආයතනයේ නිල දුරකතන අංකය ඔස්සේ ඔවුන්ව අමතා ඒ බව දැනුම් දෙන්න.

ඔබ නොදන්නා කිසිදු ඇමතුමක් ඔස්සේ ඔබේ පුද්ගලික විස්තර, මුල්‍ය තොරතුරු, මුදල් හෝ පරිගනකයට ඇතුළු වීමට ඉඩ නොදෙන්න.

ඔබ නොදන්නා ජාත්‍යන්තර ඇමතුම් විසන්ධි වී පැමිණි විට ඒවාට නැවත ඇමතීමෙන් වළකින්න.

iTunes gift card සඳහා ඇමතුම් ඔස්සේ මුදල් ගෙවීමෙන් වළකින්න.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට මේ පිළිබඳව www.scamwatch.gov.auයනවෙබ් අඩවියට පැමිණිලි කළ හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


4 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now