ලොව සුපිරි ටෙනිස් තරගාවලියක් වන Wimbledon ටෙනිස් තරගාවලියේ ශුරතාවය හිමි කරගන්නට සර්බියානු ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ඊයේ (ජූලි 15) සමත් වුයේය. දකුණු අප්‍රිකානු ටෙනිස් ක්‍රීඩක Kevin Anderson පරාජයට පත් කරමින් 6-2, 6-2, 7-6 ලෙසින් ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගත් අතර Wimbledon ටෙනිස් තරගාවලියේ ශුරතාවය Djokovic විසින් හිමි කරගත් සිව් වැනි වතාව මෙයයි.
තවමත් 31 වෙනි වියෙහි පසුවන සර්බියානු ජාතික Novak Djokovic තම වැලමිට සන්ධියේ ඇතිවූ ආබාදයක් හේතුවෙන් පසුගිය Wimbledon තරඟයේදී පීඩා විඳි අතර මෙවර තරඟාවලියට පෙර ඒ සඳහා වන සැත්කමකටද භාජනය වීමට ඔහුට සිදුවිය.
තත්වය මෙසේ තිබියදීත් මෙම ජයග්‍රහණය අත් කරගැනීමට හැකි වීම පිලිබදව තමන්ද පුදුමයට පත් වන බව තම 13 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයෙන් පසුව අදහස් දැක්වූ Djokovic මාධ්‍ය හමුවේ සඳහන් කොට සිටියේය.

