SKIP TO MAIN CONTENT

කුසල් ජනිත් නැවතත් අසීරුතාවක : මීළඟ තරඟ වලින් ඉවතට

Kusal Janith Perera_SL Criketer

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟට පැවැත්වෙන තරඟ වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරඟය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් පෙරේරා පාදයේ මස්පිඬු සම්බන්ද ආබාධ තත්ත්වයට පත්ව තිබේ.

තුන්කොන් තරගාවලියේ මුල් තරග 3 දීම ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, එහිදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කළේය.

කුසල්ගේ හිඩැස පිරවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 17 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 335 ක් රැස්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මීළඟ තරඟය මෙම බ්‍රහස්පතින්දා (Jan 25) ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට පැවැත්වීමට නියමිතයි.

Sri Lanka Cricket ඇසුරින්


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now