වෛද්‍ය අනුමැතිය සහිත වේදනා නාශක අධිමාත්‍රා භාවිතය නිසා ඔස්ට්‍රේලියනුවන් 800 ක් පමණ වසරකට මිය යන බව හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

හැකි සෑම විටම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ඖෂධ නියමිත ප්‍රමාණයට භාවිතා කරන ලෙසද වෛද්‍යවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන ඖෂධ වර්ගවල පවා මාත්‍රාව පිළිබඳ සැලකිලීමත් වන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Experts say the overdose toll is highest in rural and regional areas.

Source: AAP

වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහිත ලබා දෙන වේදනා නාශක අධිමාත්‍රා භාවිතය නිසා ඔස්ට්‍රේලියනුවන් 800 ක් පමණ වසරකට මිය යන බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

ඔස්ට්‍රේලියාවේ පිටිසර හා ප්‍රාදේශීය ප්‍රදේශ වල මෙසේ ඇතිවන මරණ සංඛ්‍යාව ඉහළ බව ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය දශකයේ ඖෂධ සම්බන්ධ මරණවල වර්ධනයක් සිදුව ඇති බව ජාතික ඖෂධ  හා මධ්‍යසාර පිළිබඳ මර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය Suzanne Neilsen පැවසුවාය.

" oxycontin, fentanyl, codeine, morphine යන සමහර ඖෂධ පිළිබඳ අප බැලු විට ඒවා බොහෝ විට වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහිතව ලබා දෙන ඖෂධ  වර්ගයි." වෛද්‍ය Suzanne Neilsen පැවසුවාය.

ඇයට අනුව සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ වල ප්‍රතිකාර හා ඖෂධ  ලබා ගැනීම සඳහා බලයලත් ඖෂධාගර නොමැති වීම එක් ගැටලුවකි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හරහා ගමන් කරන බොහෝ රෝගීන් තමන්ට හැකි උපරිම ප්‍රමාණයක ඖෂධ  රැගෙන යන බව වෛද්‍ය Roger Brough පවසයි.

නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියා, ටස්මේනියා වැනි ප්‍රාන්ත කරා ගමන් කිරීමේදී ඔවුන් හට විශාල දුරක් ගමන් කිරීමට සිදු වීම ඊට හේතුව වේ.

වෛද්‍ය Roger Brough මෑතකදී සිදුවූ සිදුවීමක් විස්තර කළේ මේ ආකාරයෙනි.

"මෙම ප්‍රදේශයේ සේවය කරන හෙදියක් වෛද්‍ය අනුමැතිය ඇති අධි මාත්‍රා සහිත ඖෂධ   වර්ග එකතු කරමින් ඖෂධාගාරය වෙත එමින් පසුවන අතරේ  ඇයව බලධාරීන් පිරිසක් විසින් ලුහුබැඳ තිබෙනවා. ඇය එම ප්‍රජාවේ හොඳින් දන්නා හඳුනන හෙදියක්. මෙම සිද්ධියෙන් ඇයට අධි  මාත්‍රා සහිත ඖෂධ   වර්ග පිළිබඳ වෙනස්ම අත්දැකීමක් ප්‍රථම වරට විඳගන්නට හැකියාවක් ලැබුනා."

කෙසේවෙතත්, හැකි සෑම විටම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ඖෂධ  නියමිත ප්‍රමාණයට භාවිතා කරන ලෙසද වෛද්‍යවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන ඖෂධ වර්ගවල පවා මාත්‍රාව පිළිබඳ සැලකිලීමත් වන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now