ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපෘති 100 මෙන්න. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් පිළිබඳ Infrastructure Australia ආයතනය සැකසූ ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රථම ව්‍යාපෘති 7 අතරින් ව්‍යාපෘති 03 ක් සිඩ්නි නුවර ක්‍රියාත්මක වන අතර ද්විත්වයක් මෙල්බන් නුවර ක්‍රියාත්මක වේ.

Australia's infrastructure

Source: www.uow.edu.au

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් වැඩදායී ව්‍යාපෘති පිළිබඳ වසර දෙකක අධ්‍යනයකින් පසුව Infrastructure Australia ආයතනය ප්‍රමුඛතාව අනුව සැකසූ ව්‍යාපෘති 100 කින් සමන්විත ලැයිස්තුවක් සකස් කර තිබේ.

එම ලැයිස්තුවේ ඇති ව්‍යාපෘති අතරින් තුනෙන් එකකට වඩා ව්‍යාපෘති ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බව වාර්තා වේ.

මිලියන 5 කටත් වඩා අධික ජනගහනයක් සිටින සිඩ්නි නුවරට මෙවැනි වූ ව්‍යාපෘති ගණනාවක් තිබීම පුදුමයට කරුණක් නොවේ.

නමුත් මෙල්බන් ජනගහනය මේ වන විට මිලියන 4.6 කටත් වඩා ඉහළ  ගොස් ඇති බව වාර්තා වන අතර 2015-16 කාලයේ එහි වර්ධනය 2.4% කි. ඔස්ට්‍රේලියාවේ ජනගහනය වේගයෙන්ම වර්ධනය වන නගරය ලෙස මෙල්බන් නුවර හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් පිළිබඳ Infrastructure Australia ආයතනය සැකසූ ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රථම ව්‍යාපෘති 7 අතරින් ව්‍යාපෘති 03 ක් සිඩ්නි නුවර ක්‍රියාත්මක වන අතර ද්විත්වයක් මෙල්බන් නුවර ක්‍රියාත්මක වේ.

සිඩ්නි M4 මාර්ගයේ නවීකරණ කටයුතු පිළිබඳ ව්‍යාපෘතිය, බටහිර සිඩ්නි ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය සහ WestConnex මාර්ගය සම්බන්ධ ව්‍යාපෘතිය සිඩ්නි නුවර ආශ්‍රිතව ක්‍රියාත්මක ව්‍යාපෘති වේ.

මෙල්බන් Metro දුම්රිය ව්‍යාපෘතිය සහ M80 Ring Road මාර්ගයේ නවීකරණ කටයුතු පිළිබඳ ව්‍යාපෘතිය මෙල්බන් නුවර ආශ්‍රිතව ඇති ව්‍යාපෘති ලෙස ප්‍රමුඛතාව දී ඇත.

ක්වීන්ස්ලන්තයේ Ipswich Motorway මාර්ග ව්‍යාපෘතිය සහ බටහිර ඔස්ට්‍රේලියාවේ Perth Freight Link ව්‍යාපෘතිය ප්‍රමුඛ ව්‍යාපෘති 7 ට ඇතුළත් අනෙක් ව්‍යාපෘති ද්විත්වය වේ.

නමුත්, ලයිස්තුවේ සඳහන් ව්‍යාපෘති 100 න් 35 ක්ම ක්‍රියාත්මක වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන්නේ 15 ක් පමණි.
Top 7
Source: ABC Australia

වික්ටෝරියා ප්‍රාන්තයට අසාධාරණයක් සිදු වුවාද?

2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳ සිදු කළ විගණනයේදී මෙම ලැයිස්තුව සඳහා දත්ත ලබා ගත් බව Infrastructure Australia ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ විධායක අධ්‍යක්ෂ Adrian Dwyer පවසයි.

සෑම ප්‍රාන්තයක්ම එක හා සමාන ලෙස සම්බන්ධ කරගනිමින් මෙම විගණනය සිදු කළ බවත් ඉදිරි වසර 15 ඇතුළත ඔස්ට්‍රේලියාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති මීට ඇතුළත් බවත් ඔහු පැවසුවේය.

අදාළ ලයිස්තුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 15 අතරට වයඹ දිග වික්ටෝරියාව, Geelong සහ Portland වරායන් හා එක් කරනු ලබන  Murray Basin  දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම Hoddle Street  මාර්ගයේ පුළුල් කිරීමද ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපෘති 100  පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙතනින්.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපෘති 100 මෙන්න. (SBS සිංහල /වාර්තා) | SBS Sinhala