ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර කිහිපය තුළ නිවාස වෙළෙඳ පොළෙහි මිළ සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා වන්නේ බ්‍රිස්බන් නුවරින් බවට නවතම විමර්ශනයක ප්‍රතිඵල පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අළලා සිදු කළ මෙම විමර්ශනයේදී ඇතැම් ප්‍රදේශ වල නිවාස වෙළෙඳ පොළෙහි ඉල්ලුමට වඩා සැපයුමක් ඇති බවද හෙළිවී තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර පොළී පමණක් සහිත නිවාස ණය වල වටිනාකම 2015 ජනවාරි සිට පහත වැටෙමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ බැංකු නියාමන ආයතනය වන APRA පවසයි.
මේ හේතු නිසාම ඔබ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට නිවසක් මිලට ගන්නට සිටිනවා නම් මේ කාලයේ කලබල නොවී සුදුසු තීරණයක් ගැනීමට සුදුසුම කාලයක් බවත් විශේෂයෙන්ම මෙල්බර්න් සහ සිඩ්නි ආශ්‍රිතව මේ කරුණ අතිශය වැදගත් බවත් BIS Economics හි දේපළ විශ්ලේෂිකා Angie Zigomanis, SBS පුවත් වෙත පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිල
BIS Economics විසින් සිදු කරන ලද විමර්ශනයේදී ඉදිරි වසර තුන තුළ ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වලට වඩා බ්‍රිස්බන් නුවර නිවාස මිල ගණන් වල මාධ්‍යන අගය විශාල ලෙස ඉහළ යන බව අනාවරණය වී තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 13% ක් බව වාර්තා වේ.
බ්‍රිස්බන් නුවරට පසුව ඉදිරි වසර තුන තුළදී නිවාස මිල ඉහළ යන දෙවැනි සහ තුන්වන නගර ලෙස කැන්බරා හා පර්ත් නුවර එම වාර්තාවේ දක්වා ඇත.
ඒවායේ නිවාස මිල 10% ක ප්‍රතිශතයකින් ඉහළ යන බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ සෙසු සෑම ප්‍රධාන නාගරයකම ඉදිරි වසර තුන තුළදී නිවාස මිල ඉහළ යන්නේ 10% කට වඩා අඩු ප්‍රතිශතයකින් බවද එය වාර්තා කරයි.
ඒ අනුව ඇඩිලේඩ් නුවර 9% කින්ද, හෝබාට් නුවර 8% කින්ද, මෙල්බන් නුවර 6% කින්ද, ඩාවින් නුවර 5% කින්ද සහ සිඩ්නි නුවර 3% කින්ද ඉදිරි වසර තුන ඇතුළත නිවාස මිලෙහි ඉහල නැගීමක් ඇතිවනු ඇත.

ප්‍රථම නිවාසය මිලට ගන්නන්
මේ දත්ත වලට අනුව මේ තත්ත්වය ප්‍රථම නිවාසය මිලට ගන්නන් හට ඉතා සුබදායී තත්ත්වයක් බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රථම නිවාසය මිලට ගන්නන් අතරින් 17.6% ක් පමණ එම නිවාසය සඳහා සාමාන්‍ය වශයෙන් $343,000 කට ආසන්න වටිනාකමක නිවාස ණයක් ලබා ගන්නා බවත් සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

