SKIP TO MAIN CONTENT

ඔබේ දරුවාට රියදුරු පුහුණුව ලබා දීමේදී භාවිතා කළ හැකි සරළ කරුණු 6 ක්. (SBS සිංහල /වාර්තා)

වාහනයක් මාර්ගයට දැමීමට පෙර මාර්ග නීති සහ රියදුරු නීති පිළිබඳ මනා අවබෝධයක් හා දැනීමක් සෑම රියදුරෙකුටම තිබිය යුතු වෙයි.

Road Safety
Source: Getty Images

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age



Skip to article content

රථ වාහන ධාවනය අද වන විට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය සුදුසුකමක් බවට පත්වී ඇති නමුත් නිවැරදි අන්දමින් ධාවනය නොකළහොත් මරණය පවා සිදු වන බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි දිනපතා මාධ්‍ය වලින් අසන්නට දකින්නට අපට හැකිය.

විශේෂයෙන්ම තරුණ පරපුර රථ වාහන ධාවනයේදී සිදු කරනු ලබන වැරදි සහ එමගින් සිදුවන අනතුරු අද වන විට ඉහළ යමින් පවතියි.

පහත දැක්වෙන්නේ ඔබේ තරුණ දරුවාට රථ වාහන ධාවනය ඉගැන්වීමේදී භාවිතා කළ හැකි සරළ කරුණු 6 කි.

01. ප්‍රථම රියදුරු පුහුණු පාඩම් ද්විත්වය වෘත්තිමය පුහුණුකරුවෙකු ලවා සිදු කරවන්න.

ඔබේ දරුවාගේ ප්‍රථම රියදුරු පුහුණු පාඩම් ද්විත්වය හෝ ත්‍රිත්වය වෘත්තිමය පුහුණුකරුවෙකු ලවා සිදු කරවීමෙන් දරුවාට ඒ සම්බන්ධව අවශ්‍ය මූලික දැනුම නිසි පරිදි නොඅඩුව ලැබෙනු ඇත.

දරුවා ධාවනය පිළිබඳ දනුවත්වීමෙන් පසුව ඔබට ඔහුව හෝ ඇයව පුහුණු කළ හැකිය.

02. ඔබේ දැනුම අලුත් කරගන්න.

ඔබ කෙතරම් විනයගරුක සහ දක්ෂ රියදුරෙක් වුවද ඔබ යම් අයෙකුට රියදුරු පුහුණුව ලබා දීමට ප්‍රථම ඔබේ දැනුම නැවතත් අලුත් කරගැනීම ඔබට මෙන්ම පුහුණුව ලබන්නා ටද ඵලදායී වේ.

03. Manual හෝ automatic

බොහෝ දරුවන් රියදුරු පුහුණුව ලබන්නේ බොහෝ විට තමන්ගේ නිවෙසේ ඇති වාහනය යොදාගෙනය.

එය Manualද නැතිනම් automatic ද යන්න ඔවුන්ට ගැටළුවක් නොමැත.

නමුත්, Manual රියදුරු බලපත්‍රයක් ඇතිවිට, ඔහුට හෝ ඇයට automatic වාහනද ධාවනය කිරීමට අවස්ථාව උදාවන බවද මතක තබා ගත යුතුය.

04. හදිසි නොවන්න. ස්ථාවර වන්න.

ඔබේ දරුවාට රියදුරු පුහුණුව ලබා දීමේදී කිසි විටෙකවත් හදිසි නොවන්න.

සෑම විටම ඔබ ස්ථාවරව සිටිමින් දරුවාට පුහුණුව ලබා දීමට වග බලාගන්න.

එවිට ඔබේ දරුවාද එය අනුගමනය කරමින් ස්ථාවරව, හදිසි නොවී රිය ධාවනය කරනු ඇත.

05. න්‍යායන් අතිශය වැදගත් වේ.

වාහනයක් මාර්ගයට දැමීමට පෙර මාර්ග නීති සහ රියදුරු නීති පිළිබඳ මනා අවබෝධයක් හා දැනීමක් සෑම රියදුරෙකුටම තිබිය යුතු වෙයි.

එනිසා ප්‍රායෝගික පුහුණුවට පෙරාතුව න්‍යායික පුහුණව අත්‍යවශ්‍ය කරුණකි.

06. නිවැරදි මාර්ගය තෝරාගන්න.

ඔබේ දරුවා පිළිබඳ හොඳින් දන්නා කෙනෙකු මේ ලොවෙහි ඔබ හැරුණු විට නොමැත.

එනිසා දරුවාගේ ධාරිතාව මත ප්‍රථමයෙන් වාහන තදබදය අඩු මාර්ග තෝරාගෙන පුහුණව ලබා දෙන්න.

දිනෙන් දින දරුවා පුහුණ වන විට ක්‍රම ක්‍රමයෙන් තදබද සහිත මාර්ග සඳහා යොමු කරවන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now