ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.
යුදෙව් හනක්කා ආගමික සැමරුම උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපතිවරයා සිය 'X' ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කර තිබුණා.

සමාජ ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට එරෙහිව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනපතිවරයා තහවුරු කරනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද බොන්ඩායි ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිය බලවත් ශෝකය පළ කළ අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය ඕස්ට්‍රේලියානු රජයට නැවත තහවුරු කර තිබෙනවා.
සිය 'X' ගිණුමෙහි සටහනක් තබමින් විදේශ අමාත්‍ය හේරත් මෙම අදහස් පළ කර තිබුණා.

මේ අතර සිය 'X' ගිණුමෙහි සටහනක් තබමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද බොන්ඩායි සිදු වීම නින්දිත ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දැඩිව හෙළා දකින බවත් මෙම අපරාධය සිදු කළ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා දඬුවම් කළ යුතු බවත් සඳහන් කරනවා.
වැඩිදුර තොරතුරු සඳහා SBS News පිටුවට පිවිසෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






